රට සුරකින ජන පවුර වැඩ අරඹයි…
Posted on September 6th, 2018

කවීෂ් සමරකෝන්

පසුගියදා රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ මැදිහත් වීම මත  සිංගප්පූරු වෙළද ගිවිසුම පරාජය කිරීම සදහා ආරම්භ කල ‘‘රට සුරකින ජන පවුර ’’ – රට පාවා දෙන වෙළද ගිවිසුම් එපා යන මැයෙන් අද (06) කොළඹ දී රැස්විය..

එම අවස්ථාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, අතුරලියේ රතන හිමි, පාහියංගල ආනන්ද සාගර හිමි , දේශපාලන පක්ෂ නියෝජිතයින්ද, බහුජන සංවිධාන නියෝජිතයන්ද වෘත්තීයවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වුණි…

මෙහිදී එම පිරිස විසින් සිංගප්පූරු වෙළද ගිවිසුම විරෝධය දක්වමින් අතිගරු ජනාධිපතිවරයාට ලබාදීම සදහා පෙත්සමකට ද අත්සන් කලේය.

මෙහිදී අදහස් දක්වමින් අතුරලියේ රතන හිමියම් සදහන් කලේ, රටේ සමස්ථ ජනතාව එක් කර ගනිමින් මේ නීතිමය වලංගුභාවයක් හෝ නොමැතිව  අත්සන් කර ඇති සිංගප්පූරු වෙළද ගිවිසුම පරාජය කිරීම සදහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ගයන් ගන්නා බවයි…

ඒ වෙනුවෙන් ඉදිරි දින කිහිපයේදී  දිවයින පුරා අත්පත්‍රිකා බෙදා හරිමින් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් රටේ ජනතාව දැනුවත් කිරීමටත්, කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලා…

_

One Response to “රට සුරකින ජන පවුර වැඩ අරඹයි…”

  1. Hiranthe Says:

    I can not understand why they got අතුරලියේ රතන හිමි.

    He is trying to hi-jack the good cause and going to gain from it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress