මෙහෙම ගියොත් ඩොලරය 200ට නඟීවි
Posted on September 8th, 2018

උපුටාගැණීම  මව්බිම

2005 ආරම්භ වන විට ඇමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවූ මිල රුපියල් 105කි. 2005 – 2014 කාලය තුළ ලෝක ඛනිජ තෙල් අර්බුදය, ලෝක ආහාර අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය සහ එල්.ටී.ටී.ඊ.යේ දරුණු යුද්ධය වැනි දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දෙමින් වුවද 2014 වන විට ඩොලරයට ගෙවූ මුදල රුපියල් 131කි. ඒ අනුව 2005-2014 දස වසර තුළ ඩොලරයට ගෙවූ මුදල වැඩිවූයේ රුපියල් 26කින් පමණි. මේ රජය බලයට පත්වන විට රුපියල් 131ට තිබූ ඩොලරයේ මිල වසර 4ක් ගතවන්නටත් පෙර ඩොලරයට ගෙවූ මිල රුපියල් 33කිනි. පසුගිය රජය සමයේ රුපියල වාර්ෂික සාමාන්‍ය අව ප්‍රමාණය සියයට 2කි.

දැන් රුපියලේ සාමාන්‍ය අව ප්‍රමාණය සියයට 5.5කි. එයින් ඔප්පු වන්නේ රටේ ආර්ථික ස්ථාවරය සම්පූර්ණයෙන්ම කඩාවැටුණු බවයි. සිංගප්පූරු ගිවිසුම වැනි විදේශ වෙළෙ¼දාම නිදහස්කරන තවදුරටත් සිදුවුවහොත් රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය වැඩිවීමෙන් මේ වර්ෂය තුළදී ඩොලරයක මිල රුපියල් 200 දක්වා වැඩි වනු ඇතැයි උපකල්පනය කර ඇත. රට ඇතුළට ගලා එන රට සල්ලි ප්‍රමාණයට වඩා රටින් පිටට ගලායන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යෑමෙන් ලංකාවේ ගෙවුම් ශේෂය මත දැවැන්ත පීඩනයක් ඇතිවී තිබේ. රුපියල දිනෙන් දිනම කඩා වැටීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට අති විශාල ඩොලර් ධනස්කන්ධයක් වෙළෙඳපොළට සපයා තිබේ. තවත් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහ බැංකුවට අනතුරු අඟවා තිබේ. ඒ නිසයි හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් තුන් වසරකට අස්සන් තැබූ ගිවිසුම ප්‍රකාරව පමණ ඉක්මවා විදේශ විනිමය වෙළෙඳපොළට මහ බැංකුව මැදිහත්විය නොහැකි තත්ත්වය තුළ ඉදිරිපත් කිරීම තුළදී තවදුරටත් රුපියල මස්තබාල්දු විය හැකි බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ නායක ආචාර්ය බන්දුල ගුණවර්ධන ‘මව්බිම’ට විශේෂයෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කෙළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress