මොරගහකන්ද හතර සැරයක් විවෘත කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
Posted on September 8th, 2018

සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු උපුටාගැණීම ලංකාදීප

ජනාධිපතිවරයා මොරගහකන්ද ව්‍යාපෘතිය සිව් වතාවක් විවෘත කිරීම ගැන විගණන විමර්ශනයක් පවත්වන්නැයි විගණකාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

රත්නායක මහතා මේ බව පැවැසුවේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

බිමල් රත්නායක මහතා මෙසේද කීය.

   ‘‘ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උත්සව වලට ලොකු මුදලක් නාස්ති වෙනවා.රාජ්‍ය උත්සව වලට කරන අනවශ්‍ය වියදම් ගැන විගණකාධිපතිවරයා රටට ප්‍රකාශයක් කළ යුතුයි.

ඒ වගේම පාර්ලිමේන්තුව රැස්කරන්න දිනකට වැය කරන මුදල ගැනත් ඔහු ප්‍රකාශයක් කළ යුතුයි. ඒ ගැන තිබෙන සංඛ්‍යා ලේඛන පරස්පරයි.

මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන්න කලින් ඒ ව්‍යාපෘති ගැන විගණනයක් කළ යුතුයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් දූෂිත නිලධාරීන් ඉන්නවා.වයඹ පළාතේ දුෂණයක් ගැන මා පැමිණිල්ලක් කළා. ඒ පළාතේ විගණන ප්‍රධානීන් කිහිපදෙනෙකු කළේ දූෂිතයින් සෙවීම නොව පැමිණිල්ල කරපු අය පිටුපස පැන්නීමයි.‘‘

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress