විදෙස් මාධ්‍ය කැලඹූ මහින්දගේ ඉන්දියානු ගමන
Posted on September 15th, 2018

සජිත් රෝහිත ලියනගේ  උපුටාගැණීම  මව්බිම

මාධ්‍යට කල්වේලා ඇතිව ප්‍රචාරය නොකොට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා තීරණාත්මක හමුවක් සඳහා ඉන්දියාවට ළඟාවීම ඉන්දීය මාධ්‍ය මෙන්ම මෙරට මාධ්‍ය කලබලයට පත් කරවන්නක් විය. කාගේත් දැඩි අවධානයට ලක්වෙමින් නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හමුවීම ඉන්දීය මාධ්‍ය වෙනදාටත් වඩා විශේෂයක් ලබාදෙමින් වාර්තා කර තිබුණේය.

මෙරට දේශපාලන දෙබරයට ගල් ගැසුවාක් මෙන් ඉන්දියාවේදී මහින්ද රාජපක්‍ෂ මහතා වටකරගත් ඉන්දීය මාධ්‍යවේදීන් හරස් ප්‍රශ්න අසන්නාක් මෙන් තොරතුරු පිපාසාවෙන් එකිනෙකට වෙනස් ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කළේය. මහින්ද වාර්ගික සංහාරයක් කළා යන බටහිරයන්ගේ චෝදනාවද අලළා ඇසූ පැනයකට උත්තර දෙමින් පැවැසුවේ ‘අපි වාර්ගික සංහාරයක් හෝ දෙමළ ජනතාවට එරෙහිව යුද්ධයක් කළේ නෑ.

දෙමළ ජනතාව ලක්‍ෂ ගණනින් මුදා ගත්තා. මානුෂික මෙහෙයුමක් තමයි කළේ’
(ධ්දඤඪචද ඡ්යනපඥඵඵ) ය කියලාය.

ඊඩඥ ඩ්ඪදඤභ පුවත්පතට ඉස්පාසුවක් තිබුණේම නැත. ඊට හොඳ උත්තර හිටපු ජනාධිපතිවරයා ළඟ තිබුණේය. ‘ඉන්දියාවත් එක්ක තිබුණු වැරැදි වැටහීම් අමතක කර ඉදිරියට යෑමට කාලය ඇවිත්’ ඒ මහින්දට එල්ල කළ දුස්රා පන්දුවක් මෙන් වූ පැනයට ආරක්‍ෂාකාරී උත්තරයක් දෙමින්ය. ඉන්දියාවේ ඇස්වලට වැලි ගසා චීනය මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට මුදල් දුන්නැයි කියූ කතාවටද උත්තරයක් ලැබුණේය. ‘මට දුන්නැයි කියන එක ඩොලරයක්වත් ඇමෙරිකාවේ උදවු අරගෙනත් සොයා ගන්න බැරි වුණා’ ඒ උත්තරයෙන් සෑහෙන්නේ නැතිව හින්දු වාර්තාකරු දිගින් දිගටම ඇසුවේ මීළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුරුන්ද යන්නය. ‘ජනාධිපතිවරණයට

නිසැකයෙන්ම එන්නේ මගේ සොහොයුරා’ මහින්දගෙන් එම ප්‍රකාශය ගිලිහීමත් සමඟම විදෙස් මාධ්‍ය එක පෙළට එයට වැඩි ඉඩක් ලබා දෙමින් ආවරණයක් ලබා දුන්නේය. මේ දේශපාලන
බෝම්බය ඉන්දියාවේදී අතහැරි මහින්ද භාරතීය ජනතා පක්‍ෂයේ නරේන්ද්‍ර මෝඩි මෙන්ම කොංග්‍රස් පක්‍ෂයේ සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි මෙන්ම හිටපු අගමැති මන්මෝහන් සිංද හමු වුණේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පූර්ණ හමුවක් සිහිගන්වමිනි.

ඇතැම් මාධ්‍ය ව්‍යංගයෙන් විමසන බවක් දක්වමින් වාර්තා කර තිබුණේ ‘ඇයි මහින්ද මේ හදිසියේ
ඉන්දියාවට ආවේ’ යන්න නොකියා කියමිනි. ශ්‍රී ලංකා රජයේ නායකයන් දෙපළ හා රට පාලනය කරන ආකාරය පිළිබඳ දේශපාලනමය විවේචනයක් නොකරන්නට පරෙස්සම් වූ මහින්ද රාජපක්‍ෂ යුද්ධය ජයගන්නත්, රටට සාමය ගෙන එන්නත් ඉන්දියාව දුන් සහයෝගය යළි සිහිපත් කරමින් කෘතවේදීත්වය පළ කළේය

මෙහි වැදගත්ම ප්‍රකාශය රාජපක්‍ෂ මහතා කළේ නවදිල්ලි නුවර පැවැති විශේෂ සමුළුවේදීය. එහිදී ඔහු ප්‍රකාශ කළේ ලංකා හමුදාව
කිසිවිටෙක වැරැදි ක්‍රියාන්විතයක් නොකළ බවත් යුද්ධය රටක් වශයෙන් කළ යුතුවම තිබුණු දෙයක් ලෙසටය. දේශීය හා විදේශීය වශයෙන් උපාය මාර්ගික සැලසුමක් මත එම යුද අභියෝගය ජයගත් බව පළ කළේය. ත්‍රස්තවාදීන් අපරාජිතය. ඔවුන් පරාජය කළ නොහැකිය යන්න තමා වෙනස් කර රටක් වශයෙන් ලද ජය ආඩම්බරයට කරුණක් බවද රට පිළිබඳ හැඟීම, දර්ශනය බෙහෙවින් මුහුකුරා ගිය ජාතිකත්වයක් පදනම් කරගත් එකක් බවත් ලංකාවේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණය සඳහා තමන් තමිල්නාඩුව හා මුස්ලිම් නායකයන් හමුව ගැටලුව සාකච්ඡා කරන්නට සිතා සිටින බවද ප්‍රකාශ කළේය.

සමස්තයක් වශයෙන් ගත් කල රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරය මෙරට දේශපාලනය කලඹන්නට සමත්වූ අතර ඉන්දියාවේ හොඳ හිත යථා තත්ත්වයට පත් කරගන්නට හැකිවීමකට හැරුණු බවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබීම විශේෂත්වයකි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress