ඉන්දියාවේදී මහින්දට ලැබුණු සැලකිලිවලින් පේන්නේ නිලනොලත් රාජ්‍ය නායකයා එතුමා බවයි
Posted on September 18th, 2018

 උපුටාගැණීම  මව්බිම

වර්තමානයේ ඇසෙන්නට ලැබෙන ඝාතන සැලසුම්වලට ආණ්ඩුවේ පවතින බෙදුම් සහ ගැටුම් පාදක වී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වසුදේව නානායක්කාර පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (17දා) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් අතර රණ්ඩුවක් තියෙනවා කියන එක මුළු රටමත් ලෝකයත් දන්නවා. ස්ථාවරයන්, ප්‍රතිපත්ති, තීරණයන් දෙදෙනාගේ වෙනස්. ගත්තු තීරණ නැවත සලකා බැලීමට ජනාධිපතිතුමා මැදිහත් වීම දැන් සිරිතක් බවට පත්වෙලා.

ඒ වගේම ආණ්ඩුව මුහුණ දෙන ගැටලුවලට හේතු වෙනවා මහින්ද මහත්තයා මේ රටේ ඊළඟ නායකයා ලෙස ඉන්දියාව පිළිගැනීම. ඒ දේ චීනය නම් අනියම් ලෙස හැමදාම පිළිගෙනයි තිබුණේ.

ඉන්දියාවේදී ඔහුට ලැබුණු ගරු සත්කාර, සැලකිලි රාජ්‍ය නායකයකුට ලැබෙන තත්ත්වයෙනුයි ලැබුණේ. මේ තත්ත්වය යටතේ අද වන විට මහින්ද මහත්තයා නිල නොලත් රාජ්‍ය නායකයාගේ තත්ත්වයට පත්වෙලා ඉවරයි.
දේශපාලන මතභේද පැවතීම, ආණ්ඩුවට පැහැදිලි ගමනක් නොතිබීම වැනි හේතුන් නිසා ආණ්ඩුවේ අර්බුදය ඉහළ යනවා. ඒ වගේම ආර්ථිකයේ පහළ වැටීමත් සිද්ධ වෙනවා.

සිරිසේන ජනාධිපති සහ ගෝඨාභය මහතාගේ අතර පවතින හිතවත්කමත් ප්‍රසිද්ධ රහසක්. ඒ හිතවත්කම ගැන කවුරුත් දන්නවා. ජනාධිපතිවරයාට මතුවී ඇති ගැටලුවලට යම් උපදෙස් දීමක් සිදු කළ හැකි පුද්ගලෙයක් තමයි ඔහු. උපදෙස් දෙනවද නැද්ද මම දන්නේ නැහැ.

හමුදාවේ ඉහළ නිලධාරීන් අතර පවතින ගැටලු සහ එවැනි තත්ත්වයක් තුළ කළ යුතු දේ ගැන සිරිසේන මහතාට උදව්වක් විය හැකි කෙනෙක් තමයි ගෝඨාභය මහතා.
අද දේශපාලනයේ ලොකු ඉල්ලුමක් තියෙනවා මහින්ද මහතාව අගමැති කරන්න කියන එක. මේ පාර්ශ්ව දෙකක් අතර ඇති කරගෙන ඇති ආණ්ඩුව සෑදීමේ ගිවිසුම අයින් කළොත් ආණ්ඩුවත් ඉවරයි. එවිට ආණ්ඩුව හදන්න කාවහරි අගමැති ලෙස පත් කළ යුතුයි.

කාගේත් බලාපොරොත්තුවත් ඉල්ලීමත් දැනටමත් නිල නොලත් රාජ්‍ය නායකයා ලෙස ලොවම පිළිගත් මහින්ද මහතා අගමැති ධුරයට පත් කරන්න කියන එකයි.

මේ ගැන භීතියට, කෝපයට හා විරෝධයට පත්වනවා නම් පත්වෙන්නේ එ.ජා.ප.යට. රනිල් වික්‍රමසිංහ මහතාට. ඒ නිසා ඔහුට වුවමනාවක් සහ උනන්දුවක් තියෙනවා එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වන්න.
අනිත් අතට ජනාධිපතිවරයා ඝාතනය කරනු ලැබුවහොත් වෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩ බලන ජනාධිපති ලෙස අගමැතියි කටයුතු කරන්නේ.

මේවායින් පැහැදිලි වන්නේ මොන දේවල් වුණත් මේ ඝාතන සැලැස්මට හේතු පාදක වන පසුබිමක් නම් තියෙන බවයි. මේ ඝාතන සැලසුම පිළිබඳ හරියාකාර පරීක්‍ෂණ කරගෙන යන්න නොහැකි වී ඇත්තේ පොලිස්පති මේ ගැන සිය උනන්දුව සහ අනුග්‍රහය නොදැක්වීම සහ අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඔහු සූදානම් නැතිකම.

5 Responses to “ඉන්දියාවේදී මහින්දට ලැබුණු සැලකිලිවලින් පේන්නේ නිලනොලත් රාජ්‍ය නායකයා එතුමා බවයි”

  1. Hiranthe Says:

    Here people are blaming IGP for not conducting an investigation.

    Also, people are blaming Arjun Mahendran for the Bond scam.

    How stupid our people are? This is like shooting the messenger. Are our opposition misleading the public? They are a cunning lot and I don’t think that are not aware that Run-nil is behind all these. And the advice Run-nil is getting from the US Embassy through the joker Senarathna Jr. He is the conduit between GOSL and the US Embassy.

    About Mahinda’s situation with India, Indians are reading the game rightly and going with the popular horse. They are only concerned about their own benefits. They have done the necessary damage already and de-railed the economic progress we were having.

    Hambanthota and Maththala could have been sustained with the earnings generated by the Aviation sector as a whole and the Ports sector as a whole for a few years until they generate their own revenues. Overflight fees due to large number of planes fly over Mattala’s range already generates a big revenue I heard because it is located in a busy European – Asian route. For every flight they earn a fee of minimum $250.

    When the Hambanthota Industrial area develops, the airport will be a key asset. But now it is all diverted towards India and China.

    We have no way out due to the huge amount of wasteful loans taken by the Yahaps. The loan taken by them were only to maintain the recurring expenditure and to pay back their buddies who spent money during their election campaign in addition to the colossal amount of money granted by the US and India.

    MR’s coming back is better for the country than the mother selling Yahaps but not the best. He will keep maintaining the 13A with billions of funds spent on Provincial councillors and their buddies with the poor tax payer’s money.

    Now, without any power remaining with the President, what is the point of promoting Gota for the next presidency. MR as a PM will never bring back a resolution to empower the President again since he cannot contest again.

    What a lose of opportunity for Mother Lanka that Gota cannot sit in the driving seat and deliver this country to a different era?

  2. Christie Says:

    I do not trust India or Indian Parasites.

    For them we are Dalits.

  3. Christie Says:

    Hiranthe; the US is not who are deciding our fate. It is the Indian Parasites in the US and the West.

    I know this because I have come across them.

    We have to blame them not the majority of people in the US or the West.

  4. Randeniyage Says:

    “ඉන්දියාවේදී මහින්දට ලැබුණු සැලකිලිවලින් පේන්නේ නිලනොලත් රාජ්‍ය නායකයා එතුමා බවයි”

    OK. What I can conclude is , he would be the leader “preferred” by Indian by 2020. MP Wasudeva has been an ardent 13A supporter and he likes it, not I.

  5. Dilrook Says:

    Says Vasudeva – a strong supporter of 13A and opposed to Gotabaya’s leadership.

    It does not say Mahinda is the leader. It only says Mahinda is India’s choice for leadership in Sri Lanka. In 2015 Sirisena was India’s choice for leadership and we can see what that lead to.

    I don’t wish to see India’s choice ever ruling Sri Lanka. It will be an absolute disaster.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress