ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස අගමැති රනිල්.. ජනපතිගේ පොලිස් ආරක්‍ෂාව ඉවත් කර හමුදා ආරක්‍ෂාව යොදවයි…
Posted on September 20th, 2018

lanka C news

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත්‍රණය පසුපස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටීමත් ඉතාම පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මෙම සිදුවීමේදී ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ඇමැති සාගල රත්නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරුණු ආකාරය දෙස බලද්දී අගමැති රනිල් විසින් සංවිධානය කරන කුමන්ත්‍රණයක් මේ පසුපස ඇති බව පැහැදිලිවම පෙනී යන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.

ඒ නිසා වහාම නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව සඳහා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව හා නාවික හමුදා සෙබළුන් යොදවමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

2 Responses to “ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස අගමැති රනිල්.. ජනපතිගේ පොලිස් ආරක්‍ෂාව ඉවත් කර හමුදා ආරක්‍ෂාව යොදවයි…”

  1. Christie Says:

    යකෝ තොපේ මොලෙත් හෝදල තියෙන්නෙ ඉන්දියාවයි ඉන්දියන් පරපෝසිතයොයි. බන්ඩගෙ උන්නෙ මුන්?

  2. Hiranthe Says:

    මෙවා ඔක්කෝම ඉන්දීයාවේ plans

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress