ජිනීවා නුවරින් මව්බිමේ අනාගතය හැඩ ගස්වන ඓතිහාසික ලියවිල්ලක් එලි දකී…
Posted on September 22nd, 2018

lanka C news

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ 39 මහා සභාවේ සමාන්තර සැසිවාරයකදී ජගත් දේශප්‍රේමී ලංකික සංසදය ජිනීවා ප්‍රකාශනය” නමින් ඓතිහාසික ලියවිල්ලක් එළිදක්වා ඇත.

කරුණු 4 කින් යුත් ජිනීවා ප්‍රකාශනය” 1976 දී යාපනය වඩුක්කොඩේ ප්‍රකාශනයේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි හිතවාදීන් සම්මත කර ගත සියලු ප්‍රකාශන දක්වා සියලු මතවාදීය ප්‍රකාශවලට පිළිතුරක් ලෙස සැලකේ.

මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශනය එලි දැක්වූ අතර ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු විධායක සභිකයන්, ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිතයන්, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා, ජිනීවාහී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන්, කොටි ඩයස්පෝරාවේ නියෝජිතයන් සහ විවිධ රටවලින් පැමිණි නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට සහභාගී වුහ.

එම ප්‍රකාශනයේ සදහන් වූ කරුණු 4,

1. දෙමළ ජනතාවට පමණක් වෙන් වූ නිජබිමක් ශ්‍රී ලංකාව තුළ නැත.
2. ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට දෙමල වීම නිසාම සිදුවන විශේෂ අසාධාරණයක් නැත.
3. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වන පීඩනයට ලක්ව සිටින සිංහල, දෙමළ සහ මුහුදු වැදි ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා සුරැකීමට පියවර ගත යුතුය.
4. කලාපීය සුළු ජන කොටසක් වන සිංහල ජනතාවට, ජාතියට, ඔවුන්ගේ සංස්කෘතියට, භාෂාවට, උරුමයන්ට කලාපීය බහුතරය වන දෙමළ ජනවර්ගයෙන් සහ බටහිර ජාතීන්ගෙන් සිදුවන සියලු ආකාරයේ නොපෙනත්කම් වහා නැවැත්විය යුතුය.

– දුෂාන්ති හපුගොඩ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට

3 Responses to “ජිනීවා නුවරින් මව්බිමේ අනාගතය හැඩ ගස්වන ඓතිහාසික ලියවිල්ලක් එලි දකී…”

  1. Dilrook Says:

    Thank you Dr Jayasumana for the enormous services you have done to the nation.

    This is the advantage of ordinary people without politicians and their henchmen take up these matters. Even Sarath Weerasekera and Nalaka Godahewa failed in this regard truth to be told.

    We need free thinking patriots and a presidential candidate who takes up Sinhala grievances, aspirations and Sinhala right of self determination. Anyone?

  2. Randeniyage Says:

    This is the kind of direct attack that should take place against this injustice. People elected leaders failed to do so repeatedly. This is the talk our Presidents, PMs should be given in front of international leaders and particularly to the face of Modi.
    Thank you Sir.

  3. Hiranthe Says:

    Fantastic,

    We are ever grateful for this dedication to Mother Lanka.

    Thank you Dr Jayasumana and the team.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress