මලික්ට සහ සුජීවට යුරෝ මිලියන 25 ක පගාවක් නොදීම නිසා රටට වාර්ෂිකව යුරෝ බිලියන 5 ක අඛණ්ඩ අපනයන ආදායමක් ලැබෙන, රටවැසියන්ට රැකියා 40000 ක් ලැබෙන දැවැන්ත විදුලි රේල්ලු ව්‍යාපෘතියකට අකුල් හෙළති..!මෙන්න සාක්කි..!
Posted on September 23rd, 2018

එම ආයෝජනය නම් ලෝකයට අවශ්‍ය විදුලි දුම්රිය මෙරට දී නිෂ්පාදනය කිරීමයි. ඒ සඳහා ආයෝජකයන් ලංකාවෙන් ඉල්ලන්නේ එකම එක දෙයකි. තමන්ට අක්කර 2000 ක් ලබා දෙන ලෙස පමණි. තවත් අක්කර 2000 ක් ඔවුන් මුදල් ගෙවා ලබා ගැනීමට සූදානම් ය. ආරම්භක ආයෝජනය ඇ.ඩොලර් මිලියන 500 කි. 

වෙන රටක නම් මෙවන් දැවැන්ත ආයෝජනයක් රැගෙන ආ විට වෙන සියළු වැඩ අත් හිටුවා හෝ එය ඉටු කර දීමට කැප වන නමුත් ලංකාවේ විදෙස් ආයෝජන ඇමැති මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ යන දේශද්‍රෝහී පාහර ජඩයන් දෙදෙනා විසින් යුරෝ මිලියන 25 ක් කොමිස් වශයෙන් ඉල්ලා එය නොදීම නිසා වසර 2 ක් තිස්සේ මෙකී ආයෝජනයේ කකුලෙන් අදිමින් සිටිති. 

මේ ආයෝජනයේ ලංකාවේ සමාගම වන සිලෝන් හයි ස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ සභාපතිනිය අනුෂ්කා රේණු මහත්මිය විසින් තමන්ට දිගින් දිගටම සිදුකරන ලද අසාධාරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින් දන්වා ඇත. (රේණු මහත්මිය නොදන්නවා වුව සිරිසේන ද අංක එකේ කොමිස් කාක්කෙකි.)

මෙහිදී හෙළි කළ යුතු තවත් කරුණක් වන්නේ සිරිසේන ජනාධිපතිගේ හෙංචා සමාගමක් වන කිලී මහාරාජාගේ සිරස ද මෙකී ආයෝජකයන් අමතා අපූරු යෝජනාවක් කර තිබීමයි. එ් නම් මහාරාජා සමාගම ද මීට කොටස් කරුවෙකු ලෙස සම්බන්ධ කර නොගත හොත් මාධ්‍ය මගින් පහර ගැසීම් සිදුවීමට ඉඩ ඇතැයි ව්‍යංග කප්පම් තර්ජනයක් කර තිබේ.

සුජීව සේනසිංහ තකහනියේ මේ ආයෝජකයන් හමුවීම සඳහා ඉතාලියට ගොස් තමන් ‘ස්මාට්’ අයෙක් බවත් හොරකම් නොකරන අයෙක් බවත් කියමින් නමුත් ඉතාලියේ තානාපතිට හොරා ගනුදෙනු කිරීම සඳහා දිලිප් වෙදමානික්කම් නමැති ඉතාලියේ වෙසෙන සේනසිංහගේ පුද්ගලික හෙංචයියෙක් පත් කර තිබේ.

මලික් සමරවික්‍රම තම ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් වන දුමින්ද ආරියසිංහ නමැත්තා ආයෝජකයන් හමුවීමට ඉතාලියට යවා ඇත්තේ තවත් නීලකාස ව්‍යාපාරිකයෙකු වන මහින්ද රාමනායක සමග ය. ඔහු පවසා ඇත්තේ ව්‍යාපෘතිය අනුමත කරවා ගැනීමට අවශ්‍ය නම් මහින්ද රාමනායක කියන පරිදි කටයුතු කරන ලෙසයි. 

මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ තම කොමිස් මුදල වූ යුරෝ මිලියන 25 ක් ඉල්ලා ඇත්තේ ඔවුන් යෙදැවූ අතරමැදියන් මගිනි. 

මලික්ට සහ සුජීවට අවශ්‍ය ආකාරයට කටයුතු කරන ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් වන දුමින්ද ආරියසිංහ ආයෝජකයන්ට පවසා ඇත්තේ මේ ආයෝජනය කළත් නොකළත් ඔවුන්ට වැටුප් ලැබෙන බවයි. 

ඉහත දක්වා ඇති ආකාරයට රටට මේ තරම් වාසි අත්වන ව්‍යාපෘතියක කකුලෙන් අදින මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ නමැති වනචර කොමිස් කාක්කන් දෙදෙනාට තවදුරටත් ඇමැතිකම් දැරීමට ඉඩ දෙනවාද? කිසිදු ජනතා පදනමක් නැති මලික් සමරවික්‍රම වැනි නාකි ජඩයන්ට පුකට පයින් ගසා එළවනවා ද? කියා ජනතාව තීන්දු කළ යුතුය. 

සිලෝන් හයි ස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ සභාපතිනිය අනුෂ්කා රේණු මහත්මිය විසින් සියළු පවත් හෙළිකරමින් ජනාධිපතිට යැවූ ලිපිය පහත දැක්වේ. ඒ සමගම දැනටමත් මිලදී ගෙන ඇති යන්ත්‍ර සූත්‍ර වල සේයාරූ ද, වසර 2 කට පමණ පෙර ආයෝජන මණ්ඩලයට එවන ලද ආයෝජකයන්ගේ ආයෝජන එකඟතා ලිපි ආදිය ද මෙහි දැක්වේ. විශාල කර කියවන්න

One Response to “මලික්ට සහ සුජීවට යුරෝ මිලියන 25 ක පගාවක් නොදීම නිසා රටට වාර්ෂිකව යුරෝ බිලියන 5 ක අඛණ්ඩ අපනයන ආදායමක් ලැබෙන, රටවැසියන්ට රැකියා 40000 ක් ලැබෙන දැවැන්ත විදුලි රේල්ලු ව්‍යාපෘතියකට අකුල් හෙළති..!මෙන්න සාක්කි..!”

  1. Christie Says:

    is thi another Volks Wagen?

    It is difficult to see what is happening here.

    GHH RADSATZ got a manufacturing base in India?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress