dig නාලක lmg ගිනි අවි දෙකක් ගත්තේ ඇයි?
Posted on September 23rd, 2018

උපුටාගැණීම  මව්බිම

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනයට කුමන්ත්‍රණය කළා යැයි චෝදනාවන් එල්ල වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව එම කොට්ඨාසය වෙත ඹ්ර්ට් (ඹ්ඪඨඩබ ර්චජඩඪදඥ ට්භද) වර්ගයේ ස්වංක්‍රිය ගිනි අවි දෙකක් ලබා ගත්තේ කුමන හේතුවකටද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කරන ලද ඉල්ලීමකට අනුව එම කොට්ඨාසය වෙත එකී ගිනි අවි දෙක දී ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රස්ත විමර්ශන අංශයේ සාමාන්‍ය රාජකාරි පටිපාටියට අනුව මෙවැනි ගිනි අවි භාවිතා කිරීමට අවශ්‍යතාවක් නොමැති නිසා ඒ පිළිබඳව පරීක්‍ෂණ කණ්ඩායම්වල දැඩි අවධානය යොමුව ඇති බව එකී ආරංචි මාර්ග පවසයි.
මෙවැනි විශේෂිත ගිනි අවි දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලබා ගත්තේ කුමන හේතුවකටද යන්න ඉදිරියේදී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

එසේම නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට චෝදනාවක් එල්ල කරන දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ වරකාපොළ ප්‍රදේශයේ නිවෙසට සැකකටයුතු ලෙස පැමිණි ඉන්දියන් ජාතිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ මේ වනවිට ප්‍රශ්න කරමින් සිටී. එම සැකකරු රෝ ඔත්තුකරුවකු බවට පොලිසිය සැක පළ කරයි.
එසේම නාමල් කුමාර මහතාගෙන් තෙවැනි වරටත් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අනිද්දා (26දා) දින පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත පැමිණෙන ලෙසට දන්වා තිබේ. තවද නාලක ද සිල්වාගේ සහ ඔහුගේ හඬ පට ඇතුළත් ජංගම දුරකථනය ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත භාර දී ඇත.

එම සංවාදවල කාලසීමාව, එම කටහඬ නාලක ද සිල්වා මහතාගේද යන්න සහ එහි සත්‍ය අසත්‍යතාව රසපරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress