ඝාතන සැලසුම බරපතළ හෙළිදරව්වක් CIDය අනාවරණය කළේ ගොතපු කතාවක් නොවේ
Posted on September 27th, 2018

පහන් විජේසේකර උපුටාගැණීම  මව්බිම

නාමල් කුමාර හෙළිදරව් කළ ඝාතන සැලසුම් සහ අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයාගෙන් අනාවරණය කරගත් ඝාතන සැලසුම් සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර තිබෙන විමර්ශන ගැන සෑහීමකට පත්විය නොහැකි බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

මේ වනතෙක්ම නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමක් හෝ කර නොමැති බැවින් මෙය සත්‍ය තත්ත්වය යටගැසීම සඳහා කරගෙන යන ක්‍රියා පිළිවෙතක් දැයි කියා සැක සංකා මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.

කොළඹ 07, විජේරාම පාරේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේදී ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජී.එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු “පොලිස්පතිවරයා තනතුරේ ඉන්න තාක්කල් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න බෑ. මේ සිද්ධිය ගැන විමසන්න සාක්කිකාරයකු විදියට පොලිස්පතිව සී.අයි.ඩී. එකට කැඳවලා තියෙනවා.

ඒ විමර්ශනයට සහභාගි වන සාක්ෂිකාරයකු කොහොමද පොලිස්පති තනතුරේ සිටිමින් ඒ සඳහා දායකත්වය දෙන්නේ..? වෙන කෙනෙක් සම්බන්ධයෙන් නම් මෙලහකටත් නාලක ද සිල්වා පොලිස් අත්අඩංගුවේ. ඇයි ඒ පියවර ගන්නේ නැත්තේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ආරක්ෂාව නැති බව පැහැදිලිවම අපි පෙන්නා දුන්නා. පිරිස් බලය විතරක් නෙවෙයි වාහන හා උපකරණ නැති බවත් කියා සිටියා. ඉදිරි කාලයේදී රැස්වීම්වලට සහභාගි වීම සඳහා දිවයිනේ නොයෙක් ප්‍රදේශවලට මෙතුමාට යන්න සිද්ධ වෙනවා. අනිත් එක මෙතුමාට ලබාදී තිබෙන වෙඩි නොවදින රථයත් පාවිච්චි කළ නොහැකි මට්ටමකයි තියෙන්නේ.

මෙහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා

හැබැයි කවුරුහරි හිතනවා නම් මම මරණ බයේ රැස්වීම්වලට නොයා ඉන්නවා කියලා ඒක වැරැදීමක්. මේක බරපතළ හෙළිදරව්වක්. මේක කවුරුත් ඇවිත් හදලා කිව්වා කියන්න බෑ. සී.අයි.ඩී. එකෙන්මයි වාර්තා කරන්නේ. මීට ඉස්සරත් මෙවැනි වාර්තා ඇවිත් තිබුණා. ඒවා ඔක්කොම ඉහළ පොලිස් නිලධාරීන්ගේ මට්ටමෙන් නැවතුණා. ඒ ගැන දැන්නුවේ නැහැ.

දැන් තියෙන තත්ත්වය බලනකොට මට විතරක් නෙවෙයි මුළු පවුලටම ආරක්ෂාව දෙන්න වෙයි. හොඳම ආරක්ෂක ස්ථානය “සිරකූඩුව” කියලා කියාවිද දන්නෙ නෑ” යැයි සඳහන් කළේය.

One Response to “ඝාතන සැලසුම බරපතළ හෙළිදරව්වක් CIDය අනාවරණය කළේ ගොතපු කතාවක් නොවේ”

  1. Ratanapala Says:

    When the 1962 Catholic Coup was revealed, within hours over 20 DIGs were arrested. This is how things were done in the past before investigations were carried out. It is quite clear in this instance, just as much as during the Bond Scam, Ranil Wickramasinghe is behind what is happening!

    The Sri Lankan law enforcing bodies, the politicians and the general public should be ashamed of their lackadaisical attitude towards this expose of a grave crime that was about to be enacted.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress