ෆිල්ඩ් මාෂල් පෙරලාගෙන ජනරාල් ෆොන්සේකා යලි නැගිටී.. ‘යුද්දෙට බයෙන් මහින්ද, ගෝටා හෝ මා රටින් පැන ගියේ නෑ..’ ජනාධිපති මෛත‍්‍රීගේ නිවුයෝක් ප‍්‍රකාශය සමතලා කර දමයි..
Posted on September 28th, 2018

 lanka C news

කොටි සංවිධානයට එරෙහිව යුද්දය පැවති අවසන් සති දෙක තුලදී හිටපු යුධ හමුදාපතිවරයා ලෙස තමන් හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යුද්ධයට බයේ රටින් පැන ගියේ නැති බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

තොයි සංවිධානය විසින් දැවැන්ත ගුවන් ප‍්‍රහාරයක් එල්ල කර කොලඹ නගරය විනාශ කරන්නේ යයි ලැබ තිබූ වාර්තා මත යුද්දය පැවති අවසන් සති දෙකේදී එවකට හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, හිටපු හමුදාපතිවරයා රටින් පිටවු බවත් වැඩ බලන ආරක්‍ෂක ලේකම් ලෙස තමන් විසින් යුද්ධය මෙහෙයවූ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ ඇමැරිකාවේදී කරන ලද ප‍්‍රකාශයෙන් පසු ෆොන්සේකා මහතා මෙම ප‍්‍රකාශය සිදු කලේය.

කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ෆොන්සේකා මහතා මෙම අදහස් පල කලේය.

කිසිම අවස්ථාවක යුද්දයක් සති දෙකකින් තීරණය නොවන බවත් එම කාලයේ ඉතිරිව තිබුණේ කෝප්‍රල්වරයෙකුට පවා සිදු කල හැකි දෙයක් බවත් පවසන ෆොන්සේකා මහතා යුද්ධය සති දෙකකින් කලේ යයි ඇතැමුන් කෙසේ සිතා සිටින්නේදැයි යන්න පවා ගැටළුවක් යයිද ඔහු පැවසීය.

එහෙම හැංගෙන ජාතියෙ හමුදාවක් අපට හිටියෙත් නෑ. හමුදපතිවරු හිටියෙත් නෑ. මොනව වුණත් ඒ ජනාධිපතියි ඒ ආරක්‍ෂක ලේකමුයි එහෙම හැංගුනෙ නෑ’ යයිද ඔහු කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress