යුද අපරාධ චෝදනාවට එරෙහිව එල්ල කළ අභියෝගයට ජිනීවා තීන්දුව නොවැම්බරයේ
Posted on September 30th, 2018

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට 

ශී‍්‍ර ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා යෝජනාව නීති විරෝධී බවට මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ තීන්දුව ලබන නොවැම්බර් මස ප‍්‍රකාශයට පත් කරන බව එම කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ආචාර්ය ගුණදාස අමරසේකර යන මහත්වරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. 

කිසිදු විවාදයකින් තොරව සහ ඡුන්ද විමසීමකින් තොරව මෙම ජිනීවා යෝජනාව අනුමත වීම නීති විරෝධී බව බි‍්‍රතාන්‍ය රාජ නීතීඥ සේවර නයින්ද එම පැමිණිල්ලේ පාද සටහන් තබා තිබිණි. 

ජිනීවා යෝජනාවට ශී‍්‍ර ලංකාවේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා සම අනුග‍්‍රහකත්වය ලබා දුන්නේ පාර්ලිමේන්තුවේ අනුමතයකින් තොරව බව ද පැමිණිල්ලේ දක්වා ඇත.

මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවකට අභියෝග එල්ල වූ මුල් අවස්ථාව මෙයයි. 

මෙම යෝජනාව නීති විරෝධී බව මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශන ඒකකය තීන්දු කළහොත් ලොව අනිකුත් රටවල් ද තමන්ට එරෙහි යෝජනාවලට එරෙහිව පැමිණිලි කරනු ඇත. 

ගෝලීය ශී‍්‍ර ලංකා සංසදය යොමු කළ මේ පැමිණිල්ල නිසා කොටි ඩයස්පෝරාව දැඩි කලබලයට පත්ව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress