එජාප-ශ්‍රීලනිප දෙපිරිසම අයවැය පරදවන සටනක..අමතිවරු පිරිසක් ජනපතිගෙන් අවසර ගැනීමට යයි
Posted on October 6th, 2018

Lanka Lead News

එළැඹෙන අයවැයට පෙර කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය කාලයේදී ඇමැතිකම අහිමි වූ හිටපු ප්‍රබල ඇමැතිවරයකු ඇතුළු කණ්ඩායමක් අයවැයට පක්ෂව ඡන්දය දීමට නම් අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් කර තමන්ටද කැබිනට් අමාත්‍ය ධුර ලබා දෙන ලෙස ආණ්ඩුවේ පාර්ශ්වයන්ට බලපෑම් කර ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

එසේ කැබිනට් සංශෝධනයක් නොකළහොත් ඒකාබද්ධ විපක්ෂය සමග අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර රජය පරාද කිරීමට කටයුතු කරන බව එම කණ්ඩායම ආණ්ඩු ප්‍රධානියා වෙත දන්වා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණද එළැඹෙන අයවැයේදී ආණ්ඩුව පරාජය කිරීම සඳහා මන්ත්‍රී ඡන්ද එකතු කිරීමේ ව්‍යාපාරයක මේ දිනවල නිරත වී සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සමග ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරු සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුද ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුද එළැඹෙන අයවැය පරාද කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවසරය ගැනීමට සූදානම් වන බවද වාර්තාවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress