හර්ෂාචාර්ය කලකට පසු හොද හෝටලේකින් බඩපුරා කයි… ඩොලර් ඔට්ටුවක්ද අල්ලයි..[Video]
Posted on October 8th, 2018

උපුටා ගැන්ම  lanka C news

ඩොලරය අගය ඉහල යන විට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඉහළ යන්නේ යැයි ඇතැමුන් පවසන්නේ අසත්‍ය බවට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් කරන ලද ප්‍රකාශයය හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අභියෝග කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 2010 වසරේදී ඩොලරය රුපියල් 110ත් වූ බවත් එකල ඩොලර් 100ක් ගැනීමට රුපියල් එකොළොස් දහසක් ප‍්‍රමාණවත් වුවත් අද එම ඩොලර් 100 ගැනීමට රුපියල් 17,000ක් වියදම් කිරීමට සිදුව ඇති බවත්ය.

එම නිසා තම වෘත්තිය භාවය රැුක රැුනිමින් මෙවන් කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාවට එන ලෙසද හිටපු මහබැංකු අධිපතිවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හැකිනම් අද රුපියල් 11,000ක් ගෙන ගොස් ඔ්නෑම බැංකුවකින් ඩොලර් 100ක් ගෙනවිත් පෙන්වන ලෙසටද ඔහු අභියෝග කලේය.

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress