මහජනතාවට වගකියන භාරකාර ආණ්ඩුවක් රටට වහාම අවශ්‍ය බවට මහාසංඝරත්නයෙන් ප්‍රකාශයක්..(Video)
Posted on October 10th, 2018

Lanka Lead News

මහජනතාවට වග කියන භාරකාර ආණ්ඩුවක් වහාම රටට අවශ්‍ය බව ජාතික විද්වද් භික්ෂු සංසදය පවසයි .

අද (10) පෙරවරුවේ පැපිලියාන සුනේත්‍රාදේවි මහපිරිවෙනේදි කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි මේ බව සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, පුජ්‍ය හැගොඩ විපස්සී හිමි, මහාචාර්ය මාගම්මන පඥ්ඤානන්ද යන හිමිවරැන් ද සහබාගිවී සිටියහ.

වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේලා සදහන් කර සිටියේ අද රටේ පැන නගිමින් තිබෙන අර්බුදයට මුහුණදීම සඳහා පවතින රජය අපොහොසත් බව ගතවන සෑම දිනක ම ඔප්පු කරමින් සිටින බවය.

01) මහා පරිමාණ රාජ්‍ය මූල්‍ය වංචා, බදු වංචා නිසා විදේශීය සහ දේශීය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීම

02) නව ආයෝජන පහත වැටීම සහ පවතින ආයෝජන ඉවත් කරගැනීම නිසා දේශීය කර්මාන්ත පද්ධතිය බිඳවැටීම

03) රුපියල කඩාවැටීම නිසා ආනයනික ආහාර ඇතුඵ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම

04) රැකියා අහිමි වීම (සහල් සහ සහල් පිටි කර්මාන්තශාලා 5000ක් සහ අැගඵම් කර්මාන්ත ශාලා 500ක් මේ වන විට වසා දමා ඇත.

05) කෘෂිකර්මාන්තය සිතාමතා ම බිඳ වැට්ටවීම නිසා සහ ආනයනික ආහාරවලට බදු සහන දීම නිසා ගොවියා විසින් ම ගොවිතැන අත්හැරීමට සැලැස්වීම (ඒ නිසා පවුල් ලක්ෂ 15ක ජීවන මාර්ග බිඳ වැටෙන අතර රටේ ආහාර සුරක්ෂිතතාව ද බරපතල ලෙස අනතුරට ලක් වී ඇත.

06) හැම ක්ෂේත‍්‍රයක ම වර්ජන හා ගැටුම් පැන නැගීම නිසා රාජ්‍ය සේවය කඩාවැටීම

07) ජාත්‍යන්තර බලපෑම්වලට යටත් ව ආරක්ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ උපක‍්‍රමයට ගොදුරු වීම නිසා රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්වීම සහ රටේ ආරක්ෂක මර්මස්ථාන බෙදුම්වාදයට යටත් කිරීම

08) සංහිඳියාවේ නාමයෙන් වාර්ගික ගැටුම් ඇති කරවීමේ පසුබිමක් සකස් කිරීම

09) පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත භූමි ෙ ඩා්සර කර දැමීම, පුරාවිද්‍යාත්මක සාධක විනාශ කිරීම

10) භික්ෂූන් වහන්සේට සහ බෞද්ධයනට අඩන්තේට්ටම් කිරීම

11) විල්පත්තුව, සිංහරාජය ඇතුඵ ස්වාභාවික වශයෙන් අතිශයින් ම වැදගත් වනාන්තර විනාශ කිරීම

12) ජාතික දේපල විකුණා දැමීම, ඉඩම් විදේශිකයනට විකුණා දැමීම

ආදි බොහෝ බරපතල හේතු කාරණා නිසා තවදුරටත් වර්තමාන ආණ්ඩුව බලයේ සිටීම සාධාරණ ද යන ප‍්‍රශ්නය මහජනයා තුළ පැන නැගී ඇත. එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහජනයා සමග සංවාදයකින් යුතු ව කිසිදු ප‍්‍රායෝගික පියවරක් නොගැනීම නිසා පවතින ආණ්ඩුවට තවදුරටත් ආණ්ඩු කිරීමේ සදාචාරාත්මක බලය අහිමි වී ඇත.

ඒ නිසා මහජන ඉල්ලීම මත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව මහජන නියෝජිතයන්ගේ මැදිහත් වීමෙන් ආණ්ඩුව සහ ආණ්ඩුව ගෙනයන ප‍්‍රතිපත්ති වෙනස් කිරීම හැර අන් මගක් ඉතිරි වී නැති බව පෙනී යයි.
ඒ අනුව ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර සිදු කෙරෙන කතිකාවක් මගින් නීත්‍යනුකූල ව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව නව ආණ්ඩුවක් පිහිටුවීමේ ජාතික උවමනා ව ඉටු කරගත යුතු බව ජාතික විද්වද් භික්ෂු සංසදයේ මතය ද වෙයි.
එම ක‍්‍රියාදාමයේ දී පහත දැක්වෙන කරුණු අවධානයට ලක් විය යුතු බව ජාතික විද්වද් භික්ෂු සංසදය අවධාරණ කර සිටී.

01 භාරකාර හෝ තාවකාලික හෝ පරිවාස හෝ කුමන නමකින් නව ආණ්ඩුවක් පිහිටු වුව ද ඊට හේතු වන කරුණු පිළිබඳ පැහැදිලි ප‍්‍රකාශයක් මහජනයා වෙත ඉදිරිපත් කළ යුතු ය.

02 එම ආණ්ඩු වෙනස හුදු ඔලූගෙඩි මාරුවක් නොව මහජන වුවමනාව සඳහා කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැදිහත් වීමක් බව මහජනයාට ප‍්‍රබල ව ඒත්තු ගැන්විය යුතු ය.

03 එවැනි භාරකාර අණ්ඩුවක් පැවතිය යුත්තේ මහජනයාගෙන් නැවත ජනවරමක් ලබාගැනීම දක්වා කාලය සඳහා පමණි. ඒ නිසා එම කාලය තුළ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය අත්හිටුවිය යුතු ය.

04 එසේ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ව නිශ්චිත කාලයක් තුළ ඉටු කරගැනීමට අපේක්ෂිත අරමුණු සහ වැඩ පිළිවෙළ පිළිබඳ ව පැහැදිලි එකගතාවක් මහජනයා සමග ඇති කරගත යුතු ය.

05 එම ලිඛිත එකගතාව හෙවත් මහජන ගිවිසුමට කෙටිකාලීන ව පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කරනු ලබන වැඩ පිළිවෙළ මෙන් ම දීර්ඝකාලීන ව ප‍්‍රවේශ වන වැඩ පිළිවෙළ යන පැතිකඩ දෙක ම අයත් විය යුතු ය.

06 එවැනි භාරකාර ආණ්ඩුවක නායකත්වයට මේ වන විට වැඩි ම මහජන විශ්වාසය හා කැමැත්ත දිනාගෙන සිටින මන්ත‍්‍රීවරයා පත්විය යුතු ය. එසේ නොමැති ව එම නව ආණ්ඩුවට මහජන විශ්වාසය දිනාගත නොහැකි ය. ඒ නිසා ඒ සඳහා පොදු මහජනයාගේ පැත්තෙන් අපේක්ෂා කරන නායකත්වය වන මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම ඉතා වැදගත් වේ.

07 ඒ අතර එම නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් මහජන විශ්වාසය නැවත දිනාගැනීම සඳහා යම් මූලික ආචාරධර්ම පද්ධතියකට සහ ප‍්‍රතිපත්ති මාලාවකට ප‍්‍රසිද්ධියේ එකග විය යුතු ය.

2 Responses to “මහජනතාවට වගකියන භාරකාර ආණ්ඩුවක් රටට වහාම අවශ්‍ය බවට මහාසංඝරත්නයෙන් ප්‍රකාශයක්..(Video)”

  1. ranjit Says:

    These are highly educated and respectful Buddhist prelates and we as Sinhala Buddhists cannot just ignore them or take their words lightly. They are talking the truth. They talk on behalf of all citizens not only for the Buddhists. Yes our country is in peril. Thanks to yamapalanaya. When two idiotic jokers running the country what to expect more than this. No one to answer questions in the parliament. Both the jokers are globetrotting. They damn care about the people nor the country. Those three vicious evil characters Ranil,Sirisena and Chandrika destroyed our Sinhala race,Buddhist culture and Buddhism by colluding with our enemies in the western world. If we go on like this we won’t have a country to call home. They keep on selling our lands,businesses and destroying our ancient cultural value historic monuments to satisfy our enemies. Murders, drugs, prostitution, money laundering, accidents are the talk of the town daily. Rule of law gone to dogs. No one knows who is in charge of the government. The government is filled with gays and lesbians and uneducated jokers who haven’t any idea what they were doing. Most of the Ministers and MP’s do not have proper education on their subjects even. They simply loot the poor man’s money and enjoy their life. Must do something immediately to stop these scoundrels before they make us beggars. This will be a beggars paradise soon with this Yamaballo clique. I hope and wish Buddhist monks will lead and do something to topple this worst government we had in our history.

  2. Ananda-USA Says:

    Sampoornayen mama eka-payin ekanga wenawa obey wahanseylagey bharakara aanduwak wahama pihutuweemey yojanawata! JAYAWEWA

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress