රටට අවශ්‍ය මහින්දගේ තනි ආණ්ඩුවක් මිස තවත් හවුලක් නොවෙයි
Posted on October 10th, 2018

මතුගම – වසන්ත කුමාර උපුටාගැණීම  මව්බිම

මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ තවත් සභාග ආණ්ඩුවක් නෙවෙයි. රටේ ජනතාව ඉල්ලන්නෙ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පසුගිය 6දා බේරුවලදී කීවේය.

සිසු නැණ ප්‍රණාම 2018 වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුභවතුන් ඇගයීමේ වැඩසටහනක් පසුගිය හය වැනි දිනට යෙදුණු, ලෝක ගුරු දිනය දා බේරුවල හෙට්ටිමුල්ල අමා උත්සව ශාලාවේදී පැවැත්විණි. එහිදී වෙල්ගම මහතා මෙසේද කීවේය.

එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා සභාග ආණ්ඩුවක් හදල රට විනාශ කළා. සභාග ආණ්ඩුවට යන්න බෑ කියලා මේ ආණ්ඩුව දැන් ඔප්පු කරල හමාරයි. ඉතින් ආයෙත් සභාග ආණ්ඩු හදල මේ රට විනාශ කරන්න සූදානම් නැහැ. මැතිවරණයක් තියල පොහොට්ටුවෙ ආණ්ඩුවක් හදනවා.

ඔය කියන සම්මුති ආණ්ඩුවක් හදනවා කියන කතාව මම නම් තවම දන්නෙ නැහැ. හදනවා නම් හදන්නෙ පොහොට්ටුවෙ ආණ්ඩුවක් විතරයි. මේ සභාග ආණ්ඩුවක් පිළිබඳ දූෂමාන කතාවක් මාධ්‍යවල නම් කියැවෙනවා. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ අපේ මන්ත්‍රිවරුන් මේ ගැන තවම දන්නෙ නැහැ.

මෛත්‍රිපාල සිරිසේන මහත්තය එක්සත් ජාතික පක්ෂ දීගෙන් ඉවත් වීම සැක සහිතයි. මේ ගොල්ලො මට නම් කිසිසේත් විශ්වාස නැහැ. කියන දේ නෙවෙයි කරන්නෙ. සභාග හෝ සම්මුති මේ මොන ආණ්ඩුවක් හැදුවත් වෙන්නෙ මන්ත්‍රිවරු මුදලට විකිණීම විතරයි. මේ මිනිස්සු විශ්වාස කරන්න බැහැ. අද අපේ පැත්තෙ ඉඳල හෙට අනෙක් පැත්තට පනිනනවා. ඒ නිසා අපි කියන්නෙ ඡන්දයකට යමු කියලා.

මට ටිකක් දුර පේන කෙනෙක්. මෛත්‍රිපාල සිරිසේන මහත්තය සමඟ හවුල් ආණ්ඩුවකට ගියේ නැත්තෙ ඒ නිසයි. එදා ඒක මා ප්‍රතික්ෂේප කරලා ‍ෙදාට්ට බැස්සම සමහරු මට ‍ෙදාස් කිව්වා ‘තමුසෙට පිස්සු ඔළුව හොඳ නැද්ද? හොඳ කැබිනට් ඇමැතිකමක් අරගන්න තිබුණා’ කියලා. නමුත් මම කියන්න තියෙන දේ කෙළින් කියනවා. එදා මට බැනපු අය අද කියනවා එදා ඔබතුමා ගත්ත තීරණය හරියි කියලා.

මේ කාලෙ මොනතරම් නායකයෝ පත්වුණත් රටේ ලොකු කුඩා හැම දෙනාම අපේක්ෂා කරන නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි. අද මේ රටේ ආර්ථිකය, සමාජය, නීතිය, පරිපාලනය මේ සේරම කඩාවැටිලා. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තරය තුළත් අපේ රට හෑල්ලු වෙලා ගිහිල්ලා.

මිනිස්සු රැවටිලා ඡන්දය දීලා මිනිස්සු විතරක් නෙවෙයි රටම ලොකු අමාරුවක වැටිල තියෙනවා. ආයෙත් අපට මේ අමාරුවෙ වැටෙන්න බැහැ. මොකද දැන් මේ රට මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ කාලෙ තිබුණට වඩා 30 ගුණයකින් පමණ පස්සට ගිහිල්ලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ඇවිල්ලත් මේ වසර 30 ආපසු ඉදිරියට ගන්න පහසු කාර්යයක් වෙන්නෙ නැහැ. නමුත් ඒ ශක්තිය ධෛර්ය, වාසනාව මහින්ද රාජපක්ෂ මහතාට තියෙනවා.

කවුරු මොනවා කිව්වත්, මොන විදියට ඡන්ද කල් දාන්න උත්සාහ කළත් 2020 ජනාධිපති මැතිවරණය කල් දාන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහතා මේ මට පේන්නෙ දුටුගැමුණු රජතුමා වගෙයි. රටේ ජනතාව කියන්නෙත් ඒකමයි.

 

One Response to “රටට අවශ්‍ය මහින්දගේ තනි ආණ්ඩුවක් මිස තවත් හවුලක් නොවෙයි”

  1. ranjit Says:

    I agree 100% with Welgama in this case although I don’t agree with him in some cases. Majority of the Mahinda Rajapaksa supporters wish the same thing. No need any hanky panky deals to form a caretaker government, peoples power can change governments like other countries have done in the past. We cannot trust Sirisena for a dud coin even as I have told many times in the past. He is not fit to be a president or a Prime Minister. By some luck he became the President last time but never he will become a President in the future at any time. Mahinda should not be in a hurry to get power back to his hands. It will come automatically with the blessings of the people in this land. Pohottuwa must go solo as one party and who ever likes to join can do so and support Mahinda’s vision to our country. Mahinda must stick with his 41 who were with him in bad times and in good times not the frogs who were jumping from one corner to another. His young stalwarts must be given first preference in all matters rather than taking back losers and jumpers. We want Pohottuwa to lead with Mahinda Rajapaksa as it leader in the next Presidential election. If by any chance he cannot run Gota should be our Pohottuwa candidate no one else. To make our country strong again we need a strong leader like Gota anyhow Mahinda is our first preference. They all have leadership qualities and willpower to lead our nation and to make it great again.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress