මං දන්නේ නෑ: මට තේරෙන්නේ නෑ
Posted on October 11th, 2018

මේඝනාද උපුටාගැණීම  මව්බිම

“පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන, මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීමක්. අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව. අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා.

පිටරට ඉඳලා ආපු ආර්ථික උපදේශකයෝ ඉන්නවා. ජනතාවගේ දහදිය සුවඳ දන්නේ නැති ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. මේ ඔක්කොම එළවලා දාලා එදා මේ රජය ගේන්න මහන්සි වූ සැබෑ විද්වතුන් බුද්ධිමතුන් මෙය භාරගත යුතුයි.” රාජිතගේ පුතා චතුර වැලිවේරිය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදී මාධ්‍යට කීවේ එහෙම ය. කතාවේ තුනෙන් දෙකක් ඇත්ත ය. ඒත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති චතුරටත් නොතේරුණු කතාවක් ඇත.

රනිල් ඉන්නකන් යූඑන්පියවත් යූඑන්පී ආණ්ඩුවක්වත් හිස ඔසවන්නේ නැති බව චතුරලා තේරුම් ගන්නකොට පෙරහර ගිහින් හමාර ය. කවුරු අඩි පොළොවේ හැප්පුවත්, ගිරිය පිප්පුවත් රනිල් තමන්ගේ කල්ලිය හලන්නේ නැත. ආර්ථිකය හදනවා, රට ගොඩ දානවා, ණය ගෙවනවා, පාඩු ලබන රාජ්‍ය ආයතන සහ බැංකුවලට ලාභ ගේනවා කියා පාරම් බෑ රනිල්ලා ආපු ගමන් කළේ මහ හොරෙක් මහ පුටුවට දාගෙන මහ දවල් මහ බැංකු මහා කොල්ලය සිදු කිරීම ය. ඒක එතැනින් නැවතුණේ නැත. පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රිපාල එහිදී මාධ්‍යවේදීන් අමතා කීවේ… මේගොල්ලෝ තමන්ගේ අය රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට දාගෙන, තම හිතවත් ව්‍යාපාරිකයන්ගේ කෝටි ගණන් බිලියන ගණන් ණය කුට්ටි පිටින් බොල් ණය වශයෙන් කපා හරින බව ය. “මම මාස තුනක් තිස්සේ මේ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කරන්න කියනවා. ඒක කරන්නේ නෑ මේ අය.” මෛත්‍රි කීවේ එහෙම ය.

රනිල්ගේ ඒකාධිපතිත්වයේ බලයෙන් බැබළෙන මලික්ලා වගේ අතකොළුවෝ ජනාධිපතිටවත් මෙල්ල කරන්නට බැරි වී ඇත. සිංගප්පූරු ගිවිසුමක් ගහගෙන බඩ කට පිරෙන්න සප්පායම් වූ මලික්ලා දැන් තමන්ගේ අතවැසියන්ගේද බඩ කට පුරවමින් සිටින්නේ ය. මේ තුන් හතර දෙනා රාජ්‍ය බැංකු ටිකයි, රටේ ආර්ථිකයයි බෙදා හදා ගෙන යහමින් කන්නේ ය. ඩොලරය පෙරළි පෙරළී පල්ලම් බැස්සත් මේ අයට කාරි නැත.

වරක් අසාද් සාලි මේ ගැන හොඳ කතාවක් කීවේ ය.
“මේ රට විනාශ කරන්නේ මලික්. මං ප්‍රසිද්ධියෙම කියනවා… එයා එක රැස්වීමකවත් කතා කළේ නෑ. යූඑන්පී කොන්ත්‍රාත් එකට මලික් අරන් දැම්මා ජාතික ලැයිස්තුවට. මේ වගේ පල් හොරුනේ ඉන්නේ යූඑන්පිය ඇතුළේ. මලික් ඔය ඇමැතිකමේ ඉන්නකන් ලංකාවට ආයෝජකයෝ එන්නේ නෑ. ඉන්න එවුණුත් සල්ලි ටික විඩේ‍රා් කරගෙන යනවා. ඩොලරය තවත් බහීවි. තවත් විඩේ‍රා් වෙයි… ඇයි විශ්වාසීය භාවයක් නෑ.”

පසුගිය දා මහජන බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසුවේ මහජන බැංකු ඉතිහාසයේ එතෙක් මෙතෙක් නිකුත් කෙරුණු විශාලම ණය මුදල ලබා දුන්නේ මලික්ගේ ළඟම හිතවතාට බවය. එය මුදලින් කෝටි 1000කි. මොහු 2010 වසරේ සිට මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සිටින්නේ ය. කලක සිට මලික් සමඟ සල්ලි සෙල්ලමක නිරත වුණු මේ අධ්‍යවරයා මැලේසියානු සමාගමකට අනුබද්ධ මෙරට වෙනත් සමාලගමකද අධ්‍යක්ෂ ධුරය දරන්නේ ය. මොහුගෙයි මලික්ගෙයි හොර සෙල්ලම් මාට්ටු වී එම මැලේසියානු සමාගම මෙම ආයතනයෙහි ගිණුම්ද අත්හිටුවා ඇත. ආණ්ඩුවෙන් ආණ්ඩුවට අධ්‍යක්ෂ මණ්ඩල මාරු වීම සාමාන්‍ය සම්ප්‍රදාය ය.

ඒත් මේ අධ්‍යක්ෂවරයාට ඒක එහෙම වුණේ නැත. ඒක එහෙම නොවුණේ මලික්ගේ අනුහසින් දැයි කියන්නට දන්නේ නැත. මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියෙන් මල්ල තර වුණෙත් නිතර නිතර අරලියගහ මන්දිරයට ගාටන මලික්ගේ ව්‍යාපාරික සගයකුගේ ය. ඒ ව්‍යාපෘතියේ ගැහිලි ගැන කෙරෙන වෝහාරික පරීක්ෂණයටත් මලික්ගෙන් විවිධ බලපෑම් එල්ල වන බව තවත් ආරංචියකි.

“මට නම් දැන් පේන්නේ රනිල්ලා, මලික්ලා මේ ආණ්ඩුව අටවාගත්තේ රට හදන්නට නෙවෙයි. අවුරුදු ගාණක ඇරියර්ස් කවර් කරගන්න.” ජනවාරි 8 වෙනසට දරදිය ඇද්ද සහෘදයෙක් ළඟදී කීවේ එහෙම ය. රටේ ආර්ථිකය ගොඩදෑමීම කෙසේ වෙතත්, කොහොමින් කොහොමහරි මහ බැංකුව ඇතුළුව රාජ්‍ය බැංකු, රාජ්‍ය ආයතන ටික බංකොළොත් කරන වැඩේ නම් රනිල්ලා අගේට කරන්නේ ය.

මේ රටේ ශක්තිමත්ම රාජ්‍ය ආර්ථිකයක් තිබුණේ මැතිනිගේ ආණ්ඩුව කාලයේ දී ය. 1960 ගණන්වලදී රාජ්‍ය ආර්ථිකය මුදුනටම නැග්ගේ ය. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ජනසතු කළ මැතිනිය, රාජ්‍ය අංශයේ ව්‍යාපාර නඟාසිටුවූවා ය. අලුතින් පිහිටුවූවා ය. 1961දී ලංකා බැංකුව ජනසතු කළා ය. මහජන බැංකුව පිහිටවූවේය. රක්ෂණ සංස්ථාව පිහිටුවූවා ය. ලංකා ඛනිජ නීතිගත සංස්ථාව රජයට පවරා ගත්තා ය. සියළු විදේශීය සමාගම්වල වත්කම් ජනසතු කළා ය. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේත් අග්නිදිග ආසියාවේත් වැඩිම රාජ්‍ය ආධිපත්‍යයක් සහිත රාජ්‍යක් බවට පත්වෙමින් සිටියේ ය. 1977 ජේ.ආර්. ආපු ගමන් ආර්ථිකය විවෘත කළේ ය. සියල්ල කණපිට හැරෙන්න වැඩි කාලයක් ගියේ නැත.අද වන විට රාජ්‍ය ආයතන සූරාකන තත්ත්වයට පත් වී ඇත. ගෙවා ගන්න බැරි ණය කන්දක රට හිර කර ඇත.

පනස් ගණන්වල, හැට ගණන්වල දේශපාලන නායකයන් රටේ සම්පත් සූරා කෑමට වඩා රටේ ආර්ථිකය ගොඩ දැමීමේ කර්ත්‍යව්‍යයට උර දුන්නේ ය. දැන් ඉතිරිව ඇත්තේ යුගයෙන් යුගයට විපරිනාමය වූ දේශපාලන විකෘතීන් පමණි. රනිල්ලා වගෙ අයට මුළු ලංකාවම පේන්නේ කොළඹ වගේ ය. නයිට් ලයිෆ්, ටැබ්, කොන්ඩම් මැෂින් ගැන හිතන්නට කලින් සමස්තයක් ලෙස මේ රටේ ජනතාවගේ හැඟීම්, දැනීම් තේරුම් ගත යුතු ව ඇත. රනිල්ගේ ජැක්පොට් හෙංචයියන්ගේ යාන්ත්‍රික හදවත්වලට මේවා දැනෙන්නේ නැත. දැනෙන්නේ සල්ලි එනවා යනවා විතරය. මේ කල්ලිය මුළු රටම හූරගෙන කා ඉවරයක් කරන තෙක් රනිල් මොකුත් නොදැක්කා සේ, මොකුත් නොදන්නා සේ, හිතාගන්නටවත් බැරි සේ බබා පාට් එක රඟපානු ඇත. එදාට කියන්නත් කතාවක් චතුරලා දැන්ම සූදානම් කරගත්තොත් හොඳ ය.

අවසන් වශයේ ෆේස්බුක් මිතුරු සොනාල ගුණවර්ධනගේ කතාවක් මෙසේ දක්වන්නෙමු.
මෙරට අගමැතිවරයා ඔහුට ලැබුණු චෙක්පතක් රැගෙන ප්‍රධාන රාජ්‍ය බැංකුවකට ඇතුළු වූයේ එය මුදල් කරගැනීමටය. ඔහු ඉතා නිහතමානීව පෝලිමේ සිටියේ තම වාරය එනතුරුය. ටික වෙලාවකට පසු ඔහු කවුන්ටරය වෙත ළඟා වී ඔහු අත තිබූ චෙක්පත ඉදිරිපත් කළේය.

අගමැති: ‘මට කරුණාකරලා මේ චෙක්පත මාරු කරලා දෙන්න පුළුවන්ද?’

කැෂියර්වරිය: ‘මට කරුණාකරලා සර්ගේ හැඳුනුම්පත දෙන්න.’

අගමැති: ‘ඇත්තටම මට මගේ හැඳුනුම්පත ගේන්න බැරි වුණා… ඒත් මම හිතන්නේ නෑ හැඳුනුම්පත ඕන වෙයි කියලා… මාව හැමෝම දන්වා… මම රනිල් වික්‍රමසිංහ… මේ රටේ අගමැති.’

කැෂියර්වරිය: ‘මම සර් කවුද කියලා දන්නවා… ඒත් බැංකු නීති සහ රෙගුලාසි අනුව හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕන.’
අගමැති: ‘බැංකුවේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්න මම කවුද කියලා… හැමෝම මාව දන්නවා’

කැෂියර්වරිය: ‘සමාවෙන්න අගමැතිතුමා, මම බැංකු රෙගුලාසි අනුගමනය කරන්න ඕන.’
අගමැති: ‘මම ඔයාට කියන්නේ කරුණාකරලා මේ චෙක්පත මාරු කරලා සල්ලි දෙන්න!’

කැෂියර්වරිය: ‘සර් මේ අහන්න… දවසක් වික්ටර් රත්නායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතිව චෙක් එකක් මාරු කරන්න… අපි බෑ කිව්වා… ඊට පස්සේ එයා තොටුපොළ අයිනේ ගීතය ලස්සනට ගායනා කරලා පෙන්නුවා… ඒක ගායනා කරපු විදියෙන් අපි හඳුන ගත්තා ඒ වික්ටර් රත්නායකමයි කියලා… ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා… තව දවසක් අනුර කුමාර දිසානායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතිව චෙක් එකක් මාරු කරන්න… අපි බෑ කිව්වා… ඊට පස්සේ එයා කට උල්කරලා ඇස් ලොකු කරලා ‘මහින්ද හොරා’ කියලා තුන් පාරක් කිව්වා… ඒ කියපු විදියෙන් අපි දැන ගත්තා ඒ අනුර කුමාර දිසානායකමයි කියලා… ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා… සර්ටත් ඒ වගේ මොනව හරි කරලා ඔප්පු කරන්න පුළුවන්ද ඔබතුමා තමයි අගමැති කියලා?’
(අගමැතිතුමා දිගු කල්පනාවකට වැටී පසුව කටහඬ අවදි කළේය.)

අගමැති: ‘ඇත්තටම මගේ ඔළුවට කිසි දෙයක් එන්නේ නෑ… මට කරන්න පුළුවන් එක දෙයක් ගැනවත් හිතාගන්න බෑ.’
කැෂියර්වරිය: ‘සර්ට ඕන 1000 නෝට්ටුවලින්ද, 5000 නෝට්ටුවලින්ද?

මේඝනාද

2 Responses to “මං දන්නේ නෑ: මට තේරෙන්නේ නෑ”

  1. Ancient Sinhalaya Says:

    No need to cash the cheque for Batalande Wandakaya. It will clean up the bank. Appoint one of its former royal college catholic rogue friend and in no time will do a day light robbery and clean up the bank. How can a country survive when it is run by the biggest traitor (to Sinhalese Buddhsits, Buddhism and Sri Lanka only), biggest rogue, biggest thakkadiya, biggest liar, mass murderer (Sinhalese Buddhists only) at the wheel?

    Since SWRD broke away from UNPatriotic_rats
    party it has had to mollycoddle minorities to get into power. So with a few big lies to fool Sinhala modayas the
    traitor lot get into power time and again to destruct Sri Lanka, Sinhalese race and Buddhism. Sinhalaya famous
    for being modayas, every time these traitors duped them and get into power and hang on to it by prolonging
    for 10/15/20 years. How? Start murdering Sinhalese. UNPatriotic_rats know how to motivate army, police, navy
    etc to kill their own. Mastered by the Batalande Wandakaya’s traitor alugosuwa (to Sinhalese Buddhists only)
    thambi mudiyanselage jr@. Kill some of army/police etc family members using its pathalayin and credit it to jaathidhrohee vermins’ party acct. and forces personnel will go insane and start killing their own. Now the dirty, disgusting trick has been used severral times and UNPatriotic_rats looking for another spark to start killing Sinhalese. UNPatriotic_rats started with mussie riots soon after. But it didn’t spread unfortunately. So Batalande
    Wandakaya & co waiting and waiting for that spark. Murdering Sinhalese is easy. Nobody cares. No us, uk,
    UN, amnesty international (selective). etc. etc.

    Sinhala modayas never learn. Murderous (Sinhalese Buddhists only), thieving, lying UNPatriotic_rats pathalyin
    get into power only to line their and their kith and kins’ pockets. Development? What development? We never
    heard that word. Sinhalayas called modayas for a reason!

  2. Ancient Sinhalaya Says:

    Please click on the following links to see traitor UNPatriotic_rats treacheries (only some). You won’t see these
    in Sri Lankan media where all the media are controlled by UNPatriotic_rats party henchmen.
    These will explain why Batalande Wandakaya’s party didn’t want to fight catholic tigers of tamil drealam
    headed by its catholic buddy barrel man hitler mala paharan. Why it gave half the country on a plate in 2005
    to his buddy to start its drealam. Then why Batalande Wandakaya sent Millennium City intelligent officers to
    catholic tigers of tamil drealam bullet to expedite the cause. Why UNPatriotic_rats killed jaathidhrohee vermins’
    party, a Buddhist insurgency, mercilessly over 6 years when Sirima B took only 2 weeks. Why all the top police
    top brass plus top deshapaluwan from C brigade were instrumental in it. Sinhala modayas, if you want to survive
    in the island, get rid of these anti Buddhist, anti Sinhalese, anti Sri Lanka UNPatriotic_rats!

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress