ජාතියේ අවාසනාවන්තම අංකය 40,000 පිටුපසත් රනිල්.. විකිලීක්ස් පණිවිඩයෙන් හෙළිවේ…
Posted on October 14th, 2018

 lanka C news

2009 මැයි මාසයේ ශ්‍රී ලංකා රජය කොටි සංවිධානය සමග පැවති අවසන් සටනේදී සිවිල්වැසියන් 40,000 ඝාතනය කළේය යන අමුලික බොරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ස්ථාපිත කිරීමට මග පෑදුවේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ සවස හෝමාගම ගොඩගම පැවති එළිය වැඩසටහනේදී හෙළි කළේය.

2010 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මුන් මහතා පත්කළ දරුස්මාන් කමිටුව ලබා දුන් වාර්තාවේ 40,000 සිවිල්වැසියන් මිය ගිය බවට මුල් වරට සදහන් වේ. කෙසේ නමුත් මේ 40,000 ඉලක්කම ලබා ආකාරය මෙතෙක් කලක් අභිරහසක්‌ව පැවතිණ.

 

2008 ජනවාරි 11 දින නැගෙනහිර කොටි පරාජය කර උතුරේ සටන ඇරඹීමට පෙර ඇමරිකානු, යුරෝපීය සංගම්, ජපාන සහ නොර්වේ තානාපතිවරු හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා, උතුරේ සටන නිසා සිවිල්වැසියන් 40,000 මිය යා හැකි බවට අනාවැකියක් පළ කර ඇත. ඒ බව ඇමරිකානු තානාපති කාර්යාලය 2008 ජනවාරි 14 දින උදෑසන 11.30 ට වොෂින්ටනයට යැවූ 08COLOMBO62_a දරන කේබල් පණිවිඩයේ සටහන්ව ඇත. විකිලීක්ස් වෙබ් අඩවිය මේ කේබල් පණිවිඩය ප්‍රසිද්ධ කර ඇත.

පසුව විවිධ වාර්තාවල 40,000 අගය සදහන් කර ඇත්තේ මේ ප්‍රකාශය කරගෙනය. කෙසේ නමුත් මෑතකදී බ්‍රිතාන්‍ය මන්ත්‍රී නෙස්බි සාමිවරයා 2009 වසරේ ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආරක්ෂක නිලධාරීයාගේ වාර්තා උපුටා දක්වමින් පැවසුවේ කොටි සහ හමුදාවද ඇතුළුව අවසන් සටනේදී මිය ගිය ගණන 8000 පමණ බවයි .

2 Responses to “ජාතියේ අවාසනාවන්තම අංකය 40,000 පිටුපසත් රනිල්.. විකිලීක්ස් පණිවිඩයෙන් හෙළිවේ…”

  1. Hiranthe Says:

    Dirty minded scum bug Run-nil!!

    How come he talks like the saviour of the nation. This should be given much needed publicity specially in the social media so that the young voters will see the true picture of this traitor who ended up sitting in the PM’s seat after betraying Mother Lanka.

    People should drag him to Gall face ground and urinate on him. There will be a long line of people who want to do that. I bet!

    Let’s see their marriage partner SLFP’s answer to this and Sarath Fonseka’s answer to this!!

  2. Christie Says:

    These are not the issues.

    The issues are what India is doing to us Sinhalese.

    Let us unite and stand up to India and Indian Colonists.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress