විදුලි දුම්රිය අනුමත කරන්න 10%ක් ඉල්ලුවැයි සුජීවට චෝදනා
Posted on October 15th, 2018

උපතිස්ස පෙරේරා උපුටාගැණීම  මව්බිම

විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අනුමත කිරීම පිණිස රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා එම සමාගමේ ප්‍රාග්ධනයෙන් සියයට 10ක කොටසක් කෙළින්ම ඉල්ලා සිටි බව හයිස්පීඩ් රේල්වේස් සමාගම ප්‍රකාශ කරයි.

සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා ආරියසිංහ නමැති අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරගෙන ඉතාලියේ වාණිජ මණ්ඩලයේදී 2017-10-17 වැනි දින හමු වී මෙම ව්‍යාපෘතියේ ආයෝජකයන් වෙනම කාමරයකට කැඳවා ගෙන ගොස්…මේ පිළිබඳව කතා බහ කර තිබෙන බවත් මේ කතා බහ සිදුව තිබෙන්නේ රාජ්‍යතාන්ත්‍රික හමුවක් ලෙසට බවත් මෙහිදී ව්‍යාපාරික කාඩ්පත් හුවමාරු කරගෙන තිබෙන බවත් හයිස්පීඩ් රේල්වේ සමාගම කියයි.

මේ හමුවේදී රාජ්‍ය ඇමැතිවරයා ඔහු පෞද්ගලික නියෝජිතයකු සම්බන්ධ කර ඔහුට කතා කරන්නැයි දැනුම් දෙන අතර සේනසිංහ මහතා මුල් අවස්ථාවේදී තම සමාගමේ ඉන්දික අනුරුද්ධ සහ ඇන්ටන් දේශප්‍රිය දෙදෙනා වෙනමම සම්බන්ධ කර ගෙන සියයට 10ක කොටස් කෙළින්ම ඉල්ලා තිබෙන බවත් සමාගම දැඩි ලෙසට සඳහන් කරයි.

සමාගමේ සභාපතිනි අනුෂ්කා රේණු මහත්මිය පෙරේදා (13දා) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ තොරතුරු අනාවරණය කළාය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඉකුත් 5 වැනි දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේදී සිලෝන් හයිස්පීඩ් රේල්වේස් සමාගම මඟින් ආරම්භ කිරීමට යෝජිත විදුලි දුම්රිය ව්‍යාපෘතිය අනුමත කිරීම ප්‍රමාද කිරීමට දක්වා ඇති හේතූන් හා කාරණා තම ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් ඔවුන් විසින් හිතාමතාම ශ්‍රී ලාංකේය ජනතාව මාධ්‍ය මඟින් නොමඟ යැවීම දැඩි ලෙස හෙළා දකින බවත් එම සමාගම අවධාරණය කරයි.

මෙරට එක්තරා රාජ්‍ය අමාත්‍යවරයකු මෙම ව්‍යාපෘතිය අනුමත කිරීම සඳහා යෝජිත ආයෝජනයෙන් සියයට 10ක කොටස් ප්‍රමාණයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කර ඇති බැවින් ඒ පිළිබඳව තොරතුරු මාධ්‍යට අනාවරණය කිරීමට ඇති අපහසුතාව පිළිබඳව එම සමාගමේ සභාපතිනිය මාධ්‍යයේ අවධානයට යොමු කළාය.

තම සමාගම මෙම ව්‍යාපෘතිය යොමු කළේ නියමිත කාර්ය පටිපාටියක් අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට වුවද ඊට දේශපාලන අධිකාරියේ මැදිත්වීමක් මත කිසියම් ප්‍රසාද දීමනාවක් වක්‍රාකාරයෙන් ඉල්ලා සිටියද මෙම ව්‍යාපෘතියට ආයෝජනය කරන යුරෝපා සමාගම ඊට කිසි ලෙසකින් හෝ මැදිහත් වීමක් සිදුකිරීමට සූදානමක් නොමැති බවද සභාපතිනිය අවධාරණය කළාය.

ඊට හේතු වශයෙන් ඇය සඳහන් කළේ මෙම ව්‍යාපෘතියට අදාළව කිසිදු දේශපාලනඥයකුට හෝ නිලධාරියකුට පෞද්ගලික මට්ටමින් ආධාර උපකාර කිරීමට යුරෝපා සමාගම ඇස්තමේන්තු සකස් කර නොමැති වුවද රටක් ලෙස ශ්‍රී ලංකා රජයට එහි ප්‍රතිලාභ මෙම ව්‍යාපෘතිය ආරම්භයේදීම ලබාදීමට කර ඇති සැලසුම් මෙම ව්‍යාපෘති යෝජනාවේ මුලින්ම සඳහන් කර ඇති බවයි.

මෙහිදී ඉතාලියේ සිට ශ්‍රී ලංකා මාධ්‍යට ස්කයිප් මඟින් අදහස් දැක්වූ එම ව්‍යාපෘතියේ යුරෝපා අධ්‍යක්ෂ ඇන්ටන් දේශප්‍රිය මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඍජුවම බලපාන යෝජනා ගණනාවක් මෙම ව්‍යාපෘතියේ ආයෝජන සැලැස්ම හරහා තම සමාගම මඟින් මුලින්ම ඉදිරිපත් කර ඇති බවයි.

යුරෝපා සමාගමේ අධ්‍යක්‍ෂ ඇන්ටන් දේශප්‍රිය මහතා දැක්වූ එම කරුණු පිළිබඳව වැඩිදුරටත් විග්‍රහයක් කළ එම සමාගමේ ශ්‍රී ලංකා මෙහෙයුම් අධ්‍යක්‍ෂ නික්ලස් ශ්‍රී මාල් මහතා,
චීනයේ දුම්රිය නිෂ්පාදන සමාගම් දෙකක් වන ඛ්ව්අ සහ ඛ්අඛ් යන සමාගම් දෙක එකතුවී ඛ්අඅඛ් නමින් සියලුම දුම්රිය හා දුම්රිය ක්‍ෂේත්‍රයේ සියලුම අමතර කොටස් නිෂ්පාදනය කරන සමාගමක් බිහිකර එමඟින් ලෝකයේ සමස්ත දුම්රිය වෙළෙඳපොළට ඉතා දැවැන්ත තරගකරුවෙක් අප බිහිකර තිබෙනවා.

මෙම දැවැන්ත තරගකාරිත්වය හේතුවෙන් දුම්රිය වෙළෙඳපොළේ දැනට පවතින දුම්රිය නිෂ්පාදකයන් හා කොටස් නිෂ්පාදනය කරන්නන්ගේ ඉදිරි අනාගතය පිළිබඳ දැවැන්ත අවිනිශ්චිතභාවයක් ඇතිවෙනවා. යුරෝපය දුම්රිය හා අමතර කොටස් නිපදවන්නන්ගේ නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළ යෑම නිසා ඔවුන්ට එම වෙළෙඳපොළේ තවදුරටත් රැඳී සිටීමේ අපහසුතාවක් නිර්මාණය වී තිබෙනවා.

ඔවුන්ගේ ව්‍යාපාර මේ හේතුවෙන් කඩා වැටීගෙන යන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මෙම පසුබිම මත ශ්‍රී ලංකාව වැනි අඩු වියදම් සහිත රටක නව නිෂ්පාදන ආරම්භ කිරීම වඩාත් උචිත බව අපේ යුරෝපා ආයෝජකයන් තීරණයකට එළැඹ තිබෙනවා. ඒ අනුව අඩු වියදමකින් ශ්‍රී ලංකාවේ කෙරෙන නිෂ්පාදන යුරෝපා වෙළෙඳපොළට මුදා හැරීමයි. අපේ ඉලක්කය. මෙතැනදී අප අවධාරණය කරන්නේ ඊට අදාළ ඩොලර් බිලියන ගණනක ඇණවුම් අපට මේ වන විටත් ලැබී තිබෙන බවයි. ඒ පිළිබඳ අදාළ ලියකියැවිලි මේ වන විටත් අප ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී විශේෂ කරුණක් අප මාධ්‍යට පෙන්වාදිය යුතුයි. නව ආයෝජනයක් සඳහා අපේ වගකීම වන්නේ අප ව්‍යාපෘති යෝජනාවට අදාළ ආයෝජන සැලැස්ම ඉදිරිපත් කරනවා විනා එහි ව්‍යාපාර සැලැස්ම ඉදිරිපත් කිරීමට අප බැ½දී නොමැති බවයි.

ආයෝජන මණ්ඩලය දිගින් දිගටම මෙම ආයෝජනයේ තාක්‍ෂණය, උපයන ලාභ, ආයෝජනයෙන් සියයට 25ක් ශ්‍රී ලංකාවේ තැන්පත් කිරීම ඇතුළු රහසිගත කරුණු දේශපාලන මැදිහත්වීමකින් ඉල්ලා අපට දිගින් දිගටම බලපෑම් කළා.

අප බලාපොරොත්තු වූයේ යුරෝපා සමාගමේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ බැහැරව වෙනත් රටකට යෑමෙන් වළක්වා එහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා යොදවා කෙටි කාලයක් තුළ අපේ රටේ ආර්ථිකයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමටයි.

දැනට සිදුව ඇත්තේ දේශපාලන අධිකාරියේ බලපෑම් මත ඊට බාධා එල්ලවී තිබීමයි. එසේ වුවත් මෙම ව්‍යාපෘතිය කෙසේ හෝ මෙරට රඳවා ගැනීමයි අපේ උත්සාහය.

අප මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ රඳවා ගැනීමට දේශපාලන අධිකාරියෙන් සිදුවන බාධා පිළිබඳ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කිරීමට තරම් තත්ත්වයකට පත් කළේ ආයෝජන මණ්ඩලයයි.
මෙම තත්ත්වය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමු කළේ ජනාධිපතිතුමා මිස අප සමාගම නොවෙයි.

අවසන් වශයෙන් අප කිවයුත්තේ මෙම ව්‍යාපෘතියේ අපේක්‍ෂිත සම්පූර්ණ විදේශ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 537ක් වන අතර අපේක්‍ෂිත ඍජු රැකියා 22,460ක්ද වක්‍ර රැකියා 75,000ක්ද ඉක්මවන බවයි.

එමෙන්ම අපේක්‍ෂිත ඍජු විදේශ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5කි. මේ සියල්ල ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ මුදල්. එමෙන්ම අපගේ නව වාණිජ බැංකු මඟින් අපගේ පාරිභෝගිකයන් සඳහා විදුලි දුම්රියක් වෙනුවෙන් ණය පහසුකම් හා කල්බදු පහසුකම් මෙන්ම කුලී පදනම මත ලබාදීමත් සිදු කෙරෙනවා.

එපමණක් නොවෙයි අපගේ සමස්ත සේවකයන්ට විදෙස් වැටුප් තලවලට සාපේක්‍ෂව විදෙස් මුදලින් වැටුප් ලබා දෙනවා.

ශ්‍රී ලංකාවට අයෝජකයන් ගෙන්වා ගැනීමේ යුද්ධයක පැටලී සිටින රජය සුපුරුදු පරිදි කොමිස් කුට්ටි වෙනුවෙන් මෙම ආයෝජන ව්‍යාපෘතිය වෙනත් රටකට බිලිදීමට සූදානම් වන්නේ නම් අනාගත පරපුරේ ශාපය එහි වගකිව යුත්තන්ට විඳවීමට සිදුවීම අපට කිසිසේත් වැළැක්විය නොහැකියි.

ඊයේ දහවල් සිටම සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මෙම චෝදනා පිළිබඳව ඔහුගේ ප්‍රතිචාර විමසීම ස½දහා දුරකථනය මඟින් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය.
ඉන්පසු ඉර්ඉ පණිවුඩයක් මඟින් අදාළ කරුණ පිළිබඳව රාජ්‍ය ඇමැතිවරයා ඇමතුවද ඊටද ප්‍රතිචාර නොලැබිණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress