තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්
Posted on October 16th, 2018

ආරියරත්න ගනේගොඩ උපුටාගැණීම  මව්බිම

පසුගිය දිනවල දැඩිව කතාබහට ලක්වූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධනට ෆේස්බුක් වෙබ් අඩවි පිරිසක් වැටුප් ගෙවීමට එක්වී සිටිති.

තමන් විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් මුදා හැරීමට විරුද්ධව සටනක් දියත් කළ සැරයන් සනත් ගුණවර්ධන රාජකාරි ගිනි අවියද රැගෙන නගරයට පැමිණ ඉහළ පොලිස් නිලධාරීන්ට විරෝධය දැක්වීම නිසා ඔහු අත්අඩංගුවට පත්විය. පසුව වැඩ තහනමට ලක්විය. එම සිදුවීමෙන් අනතුරුව අසරණ වූ තත්ත්වයට පත්වූ සැරයන් සනත් ගුණවර්ධන මහතාට වැටුප් ගෙවීමට ‘ෆේස්බුක්’ වෙබ් අඩවියේ පිරිසක් එක්ව සිටිති. එම පිරිස විසින් සැරයන් ගුණවර්ධනට ලබාදීමට මුදල් එකතු කිරීමට බැංකු ගිණුමක්ද ආරම්භ කර ඇත.

ඉන් පසුව එම ගිණුමට එක්වූ රුපියල් තුන් ලක්ෂ විසිපන් දහසක මුදලක් සැරයන්වරයාගේ නිවෙසටම ගොස් පරිත්‍යාග කිරීමට එම පිරිස කටයුතු කර ඇති බවද පැවැසේ. ෆේස්බුක් සමාජශාලා ක්‍රියාකාරික නිමල් එදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම සද්ක්‍රියාවට දායක වූහ.

2 Responses to “තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්”

  1. Hiranthe Says:

    Good Job!!

  2. ranjit Says:

    Well done patriots. He deserves more than that and the government must give him a promotion for his bravery. We all hats off for this brave policeman. BRAVO!!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress