දේශපාලන බලධාරීන්ටඅවනත නොවීම නිසා හදිසියේම මාරුකරලා
Posted on October 16th, 2018

දිනසේන රතුගමගේ

මන්නාරමේ මුසලි ප්‍රාදේශීය ලේකම්වරයා හදිසියේම මාරු කිරීමෙන් යළි පදිංචි කරවීමේ කටයුතු මුළුමනින්ම ඇණ හිටින බව පවසමින් ගම්වැසියෝ විශාල පිරිසක් මන්නාරම දිසාපති කාර්යාලය ඉදිරිපිටදී 16 දා විරෝධතාවයක නිරත වූහ.

මුසලි ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් කටයුතු කරණ  කේ.එස්.වසන්ත කුමාර මහතා යුද්ධයෙන්  අවතැන් වී ආපසු මුසලි පළාතට පැමිණි පිරිස යළි පදිංචි කරවීම සදහා විධිමත් සැලැස්මක් දියත් කොට එය ක්‍රියාවට නැංවීමත් සමගම පළාතේ දේශපාලන බලධාරීන්ට ඔහු අවනත නොවීම නිසා ඔහුව හදිසියේම මාරු කොට ඇති බව මුසලි පළාතේ වැසියෝ කියා සිටිති.

පළාතේ දේශපාලානඥයින් විසින් ඉදිරිපත් කළ නුසුදුසු පුදගලයින්ට රජයෙන් ලබා දෙන සහන හා ස්ථිර නිවාස ලබා නොදීම ඔහුගේ ස්ථාන මාරුවට හේතුව නිසා ඔහුගේ ස්ථාන මාරුව වහාම නතර කරණ ලෙස විරෝධතාවයේ නිරත වූ පිරිස දිසාපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයා ඇතුළු රජයේ වගකිවයුතු නිලධාරීන් වෙත  යැවීම සදහා  විරෝධතාකරුවන් විසින් ඉදිරිපත්  කරණ ලද ලිපියක් දිසාපතිවරයා විසින් බාරගෙන තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress