2019 අයවැය යෝජනා – ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය
Posted on October 17th, 2018

තුසිත බාලසූරිය ප‍්‍රධාන ලේකම් ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය

ලබන වසරේ රාජ්‍ය අයවැය සදහා ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ යෝජනා පහත පරිදි ය. එහි අය යෝජනා සියල්ලම කංසා නීතිගත කිරීම මත පදනම් ව ඇත්තේ කංසා නීතිගත කිරීමෙන් රජයට අත්වන ආර්ථික වාසි පහදා දීමේ අරමුණ ඇතිව ය. වැය යෝජනා අධ්‍යාපන, සංචාරක, කලා, විනෝදාත්මක, සන්නිවේදන,  තැපැල්, ආහාරපාන, සෞඛ්‍ය සහ කෘෂිකාර්මික යන විෂයයන් ආවරණය කොට ඇත.

අය

පුද්ගලික පරිහරණයට කංසා භාවිතය නීතිගත කොට ඖෂධීය කංසා වගා කිරීම සහ රජයේ ඔසුසැල්වල අලෙවි කිරීම.

උසස් තත්වයේ කංසා යොදාගෙන නිපදවන ආහාරපාන, රූපලාවණ්‍ය ආලේපන හා ඖෂධ නිෂ්පාදනයන්ට වගා සහ අපනයන බලපත‍්‍ර නිකුත් කිරීම.

කර්මාන්තමය කංසා වගාව නීතිගත කිරීම මගින් රෙදිපිළි, කඩදාසි හා කෘත‍්‍රිම දැව නිෂ්පාදනයට කර්මාන්ත ශාලා පිහිටු වීම.

කංසාවලින් ජෛව කොන්ක‍්‍රීට්, ජෛව ඉන්ධන හා ජෛව ප්ලාස්ටික් නිෂ්පාදනය කරන දෙස් විදෙස් සමාගම්වලට යටිතල පහසුකම් හා බදු සහන ලබාදීම.

වැය

පාසල්වල භෞතික හා මානව සම්පත් වැඩිදියුණු කිරීම සහ ඉංග‍්‍රීසි හා තාක්ෂණ දැනම වර්ධනය කිරීමට නව වැඩසටහන් හදුන්වා දීම.

සංචාරක කලාප ආවරණය වන පරිදි සෑම දිස්ත‍්‍රික්යකම ගිමන්හලක්, නවාතැන්පලක් සහ කලාගාරයක් සහිත සංස්කෘතික හා කලා නිකේතන පිහිටුවීම

අන්තර්ජාල සේවා සපයන සන්නිවේදන මධ්‍යස්ථාන ලෙස තැපැල් ස්ථාන වැඩි දියුණු කිරීම සහ තැපැල්පත් බෙදාහරින්නන්ට කුඩා විදුලි වාහන ලබා දීම.

කාබනික පොහොර, ස්භාවික කෘමිනාශක නිෂ්පාදන ආයතනයක් පිහිටුවීම සහ වසවිස තොර ගොවිතැනට අවශ්‍ය තාක්ෂණ හා මූල්‍ය සහාය ලබාදීම.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress