දෙමළ ජනතාව සදහා ස්වයං නිර්ණය අයිතිය ඔස්සේ වූ පෙඩරල් පාලන ක්රාමයක් ලබාගැනීම තම පක්ෂයේ මූලික අභිප්‍රායයි-උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය
Posted on October 21st, 2018

දිනසේන රතුගමගේ

දෙමළ ජාතික සන්ධානයට නොහැකි වූ දෙමළ ජනතාව සදහා ස්වයං නිර්ණය අයිතිය ඔස්සේ වූ පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගැනීම තම පක්ෂයේ මූලික අභිප්‍රාය බව නව දේශපාලන පක්ෂයේ අරමුණ පැහැදිලි කරමින් උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය 21 දා යාපනයේදී පැවසීය.

ආනන්දි සෂිහරන් මහත්මිය විසින් අලුතින් පිහිටුවන ලද දෙමළ ඊළාම් ස්වයං රාජ්‍ය සංවිධානයපක්ෂයේ අරමුණු හා ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම පිණිස යාපනයේ  හෝටලයකදී පැවති රැස්වීමක් අමතමින්  ඇය මේ බව කියා සිටියාය.

දෙමළ ජනතාව වෙණුවෙන් පෙනී සිටිමින් කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයට  දෙමළ ජනතාව වෙණුවෙන් කිසිවක් ලබා දීමට නොහැකි වූ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කාර්මින් තමන් මේ පක්ෂය පිහිටුවන බව කී අමාත්‍යවරිය ඊට  විශාල පිරිසකගේ සහය අවශ්‍ය බවද කියා සිටියාය.

දෙමළ ජනතාවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගෙන ඔවුන්ගේ අවශ්‍යතා ඉටුවන අන්දමේ පාලන ක්‍රමයක් බවද ඇය මෙහිදී සදහන් කළාය.

දකුණේ සිංහල බෞද්ධ දේශපාලනය විසින් විවිධ අවස්ථා වලදී දෙමළ ජනතාව රවටවා ඔව්න්ගෙන් ඡන්ද බලය ලබාගෙන ඒ ආණ්ඩු පොහොසත් වූ බව පැවසූ ඇමතිවරිය 1948 වසරේ සිට විවිධ ගිවිසුම් මගින්  දකුණේ පාලකයෝ දෙමළ ජනතාව රැවටූ බවද සදහන් කළාය.

බණ්ඩා-සෙල්වා ගිවිසුම,ඩඩ්ලි-සෙල්වා ගිවිසුම ආදී වශයෙන් ගිවිසුම් ගණනාවක් පැමිණ අවසානයේදී එල්.ටී.ටී.ඊ.පාලන සමයේදී එවකට සිටි පාලකයින් අන්තර්වාර පාලන ක්‍රමයක් ලබා දෙන බව කියමින් දෙමළ ජනතාව රවටන ලද අන්දමත් ඇය විස්තර කළාය.

මේ අවස්ථාව වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්,රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් බලයට පත් වූයේ දෙමළ ජනතාව යළි රවටවමින් බව ප්‍රකාශ කළ ඇය දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ බොරු පොරොන්දු වලට රැවටෙමින් සිංහල බෞද්ධයින් පිරිසක් යළිත් මේ රටේ පාලකයින් බවට පත් කළ වගද  කියා සිටියාය.

මේ දෙදෙනා බලයට පත් වී වසර හතරක් ගත වීමට ආසන්නව ඇතත් දෙමළ ජනතාව වෙණුවෙන් ඉටුකරණ බවට පොරොන්දු වූ කිසිවක් මෙතෙක් ඉටු නොකළ බව සෂිහරන් අමාත්‍යවරිය කියා සිටියි.

යුද සමයේදී විපතට පත් වූවන්ගෙන් විශාල පිරිසක් තවමත් අනාථ කදවුරුවල සිටින බවත් ඔවුන්ව යළි පදිංචි කරවීමට දෙමළ ජාතික සන්ධානය විසින් පිහිටුවා ගන්නා ලද රජයකට බැරිව තිබියදී හමුදාව තව තවත් උතුරේ ඉඩම් ඔවුන්ගේ ප්‍රයෝජනයට ලබා ගන්නා බවද ඇය සදහන් කරයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරණ බවට පොරොන්දු  රජය දැන් දෙමළ ජනයාව රවට්ටන්නේ මේ රටේ දෙමළ දේශපාලන සිරකරුවන් යනුවෙන් කිසිදු අයෙකු නොමැති බව කියමින් යැයි පැවසූ අමාත්‍යවරිය තම පක්ෂය මේ අන්දමට නොවිසදුණු සියළු දේට විසදුම් රජයෙන් ලබානොදෙන්නේ නම් ජාත්‍යන්තරය මැදිහත් කරවාගෙන හෝ ඉටු කරණ බව කියා සිටියාය.

නව පක්ෂය පිහිටුවීමේ අවස්ථාවට හින්දු කතෝලික හා ඉස්ලාම් පූජක වරුන් පැමිණ ආශිර්වාද කළ අතර පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම පිණිසද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

2 Responses to “දෙමළ ජනතාව සදහා ස්වයං නිර්ණය අයිතිය ඔස්සේ වූ පෙඩරල් පාලන ක්රාමයක් ලබාගැනීම තම පක්ෂයේ මූලික අභිප්‍රායයි-උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය”

  1. Hiranthe Says:

    thank you for the move.

    We are delighted to see that your voters are not going to cast Run-nil and the clan back into power.

    Gather more and more people to your party’s membership. From the following statement; “ස්වයං නිර්ණය අයිතිය ඔස්සේ වූ පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගැනීම තම පක්ෂයේ මූලික අභිප්‍රාය” it is clear that the Die-ass-pora and their so called transitional government are behind this party.

    So, get a lot of money from the LieTTE coffer and spend in Sri Lanka. We need Forex now. pay at least Rs. 100,000 per family to join your party. We will take care of the Yahaps in the South. Send Viggie the clown back to Colombo along with other TNA jokers. You can be the queen in the Dream Land Ealam for a while before we get rid of the 13A.

    then you can be the Queen of the Grama Sabha in your area.

    Remember, we need a lot of money from LieTTE coffers pumped to the island. They have reserves bigger than the whole Sri Lankan economy.

  2. Dilrook Says:

    Sri Lanka is already a federal nation. Only a name-sake “unitary” nation.

    What these people are after is a confederation that goes beyond the current federal status. If she is after federalism, she is no different to all presidents we had since 1987.

    There are no unitarists in Lankan politics at least in any of the clans. They are all federalists (those who are not willing to abrogate 13A).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress