”ආවා කල්ලියේ” බවට සැකකරණ පිරිසක් යාපනයේ කොණ්ඩාවිල් තාවාඩි ප්‍රදේශයේ වෙළද සැලකට පහර දෙයි
Posted on October 22nd, 2018

දිනසේන රතුගමගේ

යාපනයේ කොණ්ඩාවිල් තාවාඩි ප්‍රදේශයේ වෙළද සැලකට 21 දා රාත්‍රී ආවා කල්ලියේබවට සැකකරණ පිරිසක් පහර දී එම වෙළද සැල ඉදිරිපිට නවතා තිබූ ත්‍රී රෝද රථයකටද පහර දී අලාභහානි සිදු කොට තිබේ.

මේ ප්‍රහාරයෙන් වෙළද සැලට හා ත්‍රී රෝද රථයට අලාභහානි සිදුව තිබේ.

සිද්ධිය දුටුවන් පවසන්නේ මේ ප්‍රහාරය සදහා පස් දෙනෙකු පැමිණි බවත් ඔවුන්ගෙන් දෙදෙනෙකු අත පිස්තෝල දෙකක්ද අනෙක් දෙදෙනා ළග කඩු දෙකක්ද ඉතිරි පුද්ගලයාගේ අතේ යකඩ පොල්ලක්ද තිබූ බවයි.

නමුත් කෝපායි පොලීසිය ඔවුන් ළග පිස්තෝල දෙකක් තිබූ බවට සාක්කි කීස්වක් මෙතෙක් ලැබී නැතැයි කියා සිටියේය.

මේ ප්‍රහාරය එල්ල කරණ ලද්දේ කවුරුන් විසින්ද යන්න තවමත් හෙළි වී නැතත් යාපනයේ කොණ්ඩාවිල් තාවාඩි පළාතේ වැසියෝ කියා සිටියේ යාපනයේ ආවා කල්ලියවිසින් මෙම වෙළද සැලෙන් කප්පම් ඉල්ලා එය ගෙවීම පැහැර හැරීම නිසා මේ ප්‍රහාරය එල්ල කොට ඇති බවයි.

කෝපායි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress