ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු හා ඔවුන්ගේ ට්රෝෙලර් යාත්රාොවක් නාවික හමුදාව විසින් 22 දා අත් අඩංගුවට ගෙන තිබේ
Posted on October 23rd, 2018

දිනසේන රතුගමගේ

යාපනයේ ඩෙල්ෆ්ට් දූපත්ට ආසන්නයේ මුහුදේ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු හා ඔවුන්ගේ ට්‍රෝලර්  යාත්‍රාවක් නාවික හමුදාව විසින් 22 දා අත් අඩංගුවට ගෙන තිබේ

ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත බාර දී තිබේ.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘එඩිතර II’ නෞකාවට අනුයුක්ත නාවිකයින් විසින් ඩෙල්ෆ් දුපතට නාවික සැතපුම් 3.5 ක්  පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට පත්වූ ඉන්දීය ධීවරයින් පස් දෙනා ධීවර පරීක්ෂක නිලධාරීන් හා කන්කසන්තුරය පොලීසිය විසින් මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress