උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් නායකත්වය දරණ දෙමළ ජාතික සභාවේ අත් පත්‍රිකාවක එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ලාංඡන හා අදහස් ඇතුළත් කොට තිබීම සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ සෙවිල්ලෙන්
Posted on October 23rd, 2018

දිනසේන රතුගමගේ

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් නායකත්වය දරණ දෙමළ ජාතික සභාවේ රැස්වීමක් මේ මස 24 වෙනිදා පැවැත්වෙන බව දැණුම් දෙමින් බෙදා ඇති අත් පත්‍රිකාවක එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ලාංඡන හා අදහස් ඇතුළත් කොට තිබීම සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

පසුගිය 21 දා සවස සිට යාපනයේ බොහෝ ස්ථාන වල මේ අත් පත්‍රිකාව බෙදා හැර තිබූ අතර  එම පත්‍රිකාවල සදහන්ව ඇත්තේ දෙමළ ජනයාගේ මහා නැගිටීම, මහවිරුවන් සමරණ නොවැම්බර් මාසයේදී සිදුවන අතරතුර දෙමළ ජනතා පෙරමුණ නායකයින්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වෙන ලෙසයි.

දෙමළ ජනතා පෙරමුණ හෝ වෙනත් කඩකප්පල්කාරි පිරිසක් අදාළ අත්පත්රිකාව බෙදා හැර ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ මෙහෙයවන බව ආරක්ෂක අංශ සඳහන් කර යි.

මේ අතර උතුරු පළාත් ප්රධාන අමාත් සී.වී.විග්නේස්වරන් මහතාගේ උපන් දිනය  23 දාට යෙදී ඇති අතර උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරයද යොදා ගෙන තිබුණේ එදිනටය.

සී.වී.විග්නේස්වරන් මහතා සිය ජන්ම දිනය යාපනයේදී සැමරීම සදහා 22 දා රාත්රී යාපනයට පැමිණ සිටියේ ඔහුගේ පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් සමගය.

ප්රධාන අමාත්යවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් යාපනයේ සිටින සිය හිතවතුන් හා වැදගත් පුද්ගලයින් හමුවීම සදහාද මේ සංචාරය යොදා ගෙන තිබුණි.

උතුරු පළාත් ප්රධාන අමාත්යවරයා වශයෙන් ඔහු යාපනයට පැමිණි අවසන් අවස්ථාව මෙය වියහැකි යැයි උතුරේ දේශපාලනඥයෝ කියා සිටිති.

කෙසේ වෙතත් මේ මස 24 දා මධ්යම රාත්රියේදී උතුරු පළාත් සභාව විසුරුවා හැරීමට නියමිතය.

2 Responses to “උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් නායකත්වය දරණ දෙමළ ජාතික සභාවේ අත් පත්‍රිකාවක එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ලාංඡන හා අදහස් ඇතුළත් කොට තිබීම සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ සෙවිල්ලෙන්”

  1. Hiranthe Says:

    Thank you Rathu for the information published here!!

  2. ranjit Says:

    Thanks Dinasena for this valuable information. As long as we have this good for nothing government we can expect things like these incidents day after day. Because of Tamil and Muslim votes this treacherous government is pleasing and dancing to terrorists tunes without any action to stop their terror related activities. If we allow these things to happen like this another LTTE war is not far a way. Every time such things or statements from Tamils politician occur yamapalakayo says that is their personal views or we are investigating, after few days everything was forgotten and these terrorists keep on doing more damaging things inside the Srilankan soil. As long as yamapalanaya stays our country is in danger. We need to change this government before we lose our sovereignty and freedom. Peace loving countrymen and patriots must unite at this hour to chase this Gay-Lesbian government of yamapalanaya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress