අගමැති පුටුව වෙනස්වීමෙන් රූපවාහිනිය කැළඹෙයි
Posted on October 26th, 2018

නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ උපුටාගැණීම ලංකාදීප

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් සමඟම ජාතික රූපවාහිනී සංස්ථා පරිශ‍්‍රයේ අද (26)  රාත‍්‍රීයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය.

මේ හේතුවෙන් ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු ද ඇණහිටියේය. විකාශනය අද මධ්‍යම රාත‍්‍රීය පසුවනතුරුත් එය යථාතත්ත්වයට පත්ව තිබුණේ නැත.

මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යතනතුරට පත්වීමත් සමඟම ජනමාධ්‍ය මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කණ්ඩායමක් තවත් පිරිසක්ද සමඟ ජාතික රූපවාහිනී පරිශ‍්‍රයට පැමිණ එහි රැඳී සිටිනු දක්නට ලැබුණි. පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු විශාල පිරිසක් ද රූපවාහිනී සංස්ථාව ඉදිරිපිට රැකවල්ලා සිටියහ.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුළු පිරිසක් රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයට පැමිණීමත් සමඟ එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරු රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයෙන් ඉවත්ව ගියහ. ඉවත්ව ගිය මැති ඇමතිවරුන්ට එහි රැස්ව සිටි පිරිස් හූ හඬකින් සංග‍්‍රහ කළහ.

අනතුරුව රූපවාහිනී සංස්ථාවට ඇතුළු වූ ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම පිවිසුම් දොරටුවේ සවිකර තිබූ අගමැතිවරයාගේ ඡායාරූපය ගලවා ඉවත් පියවර ගත්හ. අනතුරුව රූපවාහිනී සංස්ථාවේ සේවකයන් සමඟ කෙටි පිළිසඳරක නිරතවූ ඒකාබද්ධයේ පිරිස් පසුව එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

ඡායාරූප – ඉෂාන් සංජීව

 

2 Responses to “අගමැති පුටුව වෙනස්වීමෙන් රූපවාහිනිය කැළඹෙයි”

  1. Ananda-USA Says:

    Hooray! We FINALLY have a PATRIOTIC Prime Minister who will LOVE, PROTECT, DEFEND and EFFICIENTLY DEVELOP our Motherland!

    FREE AT LAST, FREE AT LAST, GOD ALMIGHTY, FREE AT LAST from the Yamapalanaya!

    I am ECSTATIC! My DREAMS have COME TRUE!

    May the blessings of the Noble Triple Gem, the Lord Buddha, the Dhamma and the Sangha help this NEW Government RESTORE our Beloved Motherland brought to its KNEES by the Yamapalanaya!

    Apita epa eka angalakwath,

    Annugey deseka mey Maha Polowey,

    Malath nodemu eka angalakwath,

    Api ipadunu mey Mau Polowey!

    JAYEN JAYEN JAYAWEWA apey aluth Aanduwata!

  2. Hiranthe Says:

    Happy day for Mother Lanka.

    May all the forces looking after this Island protect all our precious Buddhist values and livelihood.

    Please give more strength to MR and the team to beat the evil forces which is worse than LieTTE with guns.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress