ආර්ථික ඝාතකයන් අතින් ඝාතනය වනතෙක් බලා සිටිනවාද?
Posted on October 26th, 2018

මාධ්‍නිවේදනය : තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය                  

ආර්ථිකය පසුබෑමකට ලක් වී රුපියල අවප‍්‍රමාණය වෙමින් ඇත. ඊට ප‍්‍රධාන හේතුව රට තුළින් විදේශ විනිමය පිටවීම වැඩි වීමයි. ඒ නිසා ආනයනයන් අධෛර්යමත් කිරීමේ අරමුණ ඇතිව රජය විසින් නව ආනයනික බදු පනවමින් තිබේ.

මේ අර්බුදය උද්ගත වන බව අප සංගමය විසින් අනතුරු ඇඟවුයේ බොහෝ කලකට පෙරය. වර්තමාන ගෙවුම් තුලන අර්බුදය පිළිබදව පැහැදිලි විග‍්‍රහයක් සහ වත්මන් රජයේ අදුරදර්ශී වෙළඳ ප‍්‍රතිපත්තිය තුළ මෙවැනි අර්බුදයක් ඇති වීමට ඇති අවදානම පිලිබදව 2016 වසරේදී අප සංගමය මඟින් පළකළ ”එට්කා නෑයෙක්ද? ආක‍්‍රමණිකයෙක්ද?” කෘතිය තුළ තර්කාන්විතව කරුණු පැහැදිළි කර ඇත. එහිදී අප පෙන්වා දී ඇත්තේ ශ‍්‍රී ලංකාව ගෙවුම් තුලන අර්බුදයක් අභියස සිටින බවයි. එවැනි පසුබිමකදී ආනයනික බදු ඉවත් කරමින් නව වෙළඳ ගිවිසුම්වලට එළැඹෙමින් ආනයනයන් ඉහළ යන ආකාරයේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම පමණක් නොව, එම ගෙවුම් තුලන අර්බුදය සැඟවීම පවා ආර්ථික ඝාතක ක‍්‍රියාවලියක් බව අපි පෙන්වා දුනිමු.

මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාට අයත් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් මේ වන විට ඉන්දියාව, චීනය, තායිලන්තය සහ සිංගප්පූරුව යන රටවල් සමඟ වෙළඳ ගිවිසුම්වලට එලැඹීමට උත්සාහ දරමින් ඇත. මේ රටවල් හතර ශ‍්‍රී ලංකාවට වෙළදාමේදී වැඩිම අවාසිදායක ද්විපාර්ශවික වෙළද හිඟයන් ඇති රටවල් හතරයි. අපට වෙළඳාමේදී වාසිදායක වෙළඳ පරතරයක් ඇති එකම රටක් සමඟවත් වෙළඳ ගිවිසුමකට එලැබීමට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාට උනන්දුවක් නැත. එපමණක් නොව, ඉදිරියේදී සේවා ක්ෂේත‍්‍රය විදේශිකයන්ට විවර කිරීම නිසා මෙරට තුළ රැුකියා කරන විදේශිකයන් විසින්ද රට තුළින් විදේශ විනිමය පිටකිරීම නිසා මෙම අර්බුදය තවත් උත්සන්න වනු ඇත.

 මේ මගින් ලංකාවේ වෙළඳ හිඟය වැඩිවනු ඇති බවට අපි 2015 වසරේ ඔහුට පෙන්වා දීමට උත්සාහ කළෙමු. නමුත් හිතාමතාම රට විනාශ කිරීමේ ආර්ථික ඝාතක කොන්ත‍්‍රාත්තුවක් ඉටුකරමින් සිටි  මලික් සමරවික‍්‍රම මහතා ප‍්‍රකාශ කර සිටියේ වෙළඳ හිඟය වැඩි වුනාට ප‍්‍රශ්නයක් නැති බවය. එසේ නම්  මේ වන විට කරවටක් ගිලූණු පසුව, මුදල් අමාත්‍යාංශය මඟින් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවමින් සිටින්නේ ඇයි? එය මලික් සමරවික‍්‍රමගේ ආනයන දිරි ගන්වන වෙළඳ ප‍්‍රතිපත්තියට පටහැණි නොවේද?

මෙවැනි පසුබිමක් තුළ අද මේ අමාත්‍යවරයාට නොයෙකුත් ¥ෂණ වංචා චෝදනාද එල්ලවේ. නමුත් තවමත් මේ අමාත්‍යවරයා කිසිදු බාධාවකින් තොරව, ජාතියටම ඔලොප්පම් කරමින් සුවසේ සිය ආර්ථික ඝාතක ක‍්‍රියාවන්හි නිරත වෙමින් සිටියි. අප විසින් 2018.04.02 දින ජනාධිපති තුමාට යොමු කළ ලිපියක් මඟින් මොහුව අමාත්‍ය ධූරයෙන් නෙරපා හරින ලෙස ඉල්ලා සිටියද එම ඉල්ලීම ඉටු නොවිණි. අද මුලූ මහත් ජාතියම එහි ප‍්‍රතිවිපාක භුක්ති විදිමින් සිටින අතර තව දුරටත් මේ දුෂ්ට ක‍්‍රියාවන්ට ඉඩ තැබුවහොත් රට ගෙවුම් තුලන අර්බුදයක ගිලී භාණ්ඩ හා සේවා සඳහා මුදල් ගෙවා යොදවා ගත නොහැකි රටක් බවට ශ‍්‍රී ලංකාව පත්වනු ඇත. අපත් සමඟ එකට සිටින ඝාතකයා, ඝාතකයෙකු බව හඳුනාගන්නට අසමත් වුවහොත් ඒ ඝාතකයා අතින් අප ඝාතනය වීම වැළැක්විය නොහැකිය, මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේද අවදානයට යොමුවිය යුතුය. 

ලසන්ත වික‍්‍රමසිංහ

ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

2 Responses to “ආර්ථික ඝාතකයන් අතින් ඝාතනය වනතෙක් බලා සිටිනවාද?”

  1. Hiranthe Says:

    At last it happened!

    All patriots are looking forward for a bright future for Mother Lanka.

    Good Luck for MR and the Team

  2. Christie Says:

    The first thing this government should do is stop “Hawalar” the illegal ways of transferring money overseas.

    We as a country get a lot of foreign currency and most of that end up over seas.

    It used to be India, Switzerland, UK etc.

    Now it is Singapore.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress