අක්කර 180 ක දුර්ලභ වී වගා කිරීමේ ව්යාාපෘතියක් ආරම්භ කරයි
Posted on October 27th, 2018

දිනසේන රතුගමගේ

ඕස්ට්‍රෙලියානු ආධාර යටතේ මුලතිව් පුදුකුඩීඉරිප්පුවේ  ක්‍රියාත්මක කමලාසනම්රාජ්‍ය නොවන සංවිධානය මගින් මෙවර මාස් කන්නයේ අක්කර 180 ක දුර්ලභ වී වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ.

පුදුකුඩීඉරිප්පු ගොවි සංවිධානයේ හා පළාතේ ගොවීන්ගේ සහභාගිත්වය මත අක්කර 180 ක සුවදැල්,කුරුළුතුඩ,හීනටි, වැනි දුර්ලභ වී වගා කිරීමට එම රාජ්‍ය නොවන සංවිධානය බලාපොරොත්තු වෙයි.

මේ සදහා රාජ්‍ය නොවන සංවිධානය විසින් රුපියල් මිලියන 3.9 ක මුදලක් වැය කරණ අතර ඊට ගොවීන්ගේ සහයද ලබා ගනියි.

පළාතේ සිටින වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඖෂධීය කැද සකසා ගැනීමට මෙම දුර්ලභ වර්ගයේ වී වල සහල් අවශ්‍ය බැවින් තම සංවිධානය මෙම ව්‍යාපෘතිය ආරම්භ කරණ බව කමලාසනම් රාජ්‍ය නොවන සංවිධානයේ ව්‍යාපෘති නිලධාරී පී.යහන්තන් මහතා පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress