පළාත් සභා සීමා නිර්ණය කමිටු වාර්තාව ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කිරීම සම්බන්ධයෙනි
Posted on October 28th, 2018

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා,

ගරු ජනාධිපතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය.

 

ගරු ජනාධිපතිතුමනි,

පළාත් සභා සීමා නිර්ණය කමිටු වාර්තාව ගැසට් මගින්  ප්‍ර‍කාශයට පත් කිරීම සම්බන්ධයෙනි

පළාත් සභා සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ කටයුතු සදහා ලබා දී ඇති මාස 2 ක කාලය අදින් අවසන් වේ.  එම කමිටුව සිය කටයුතු ආරම්භ කරනු ලැබූවේ 2018 අගෝස්තු 31 දින යැයි සලකන්නේ නම්,  සමාලෝචන කමිටු වාර්තාව 2018 ඔක්තෝබර් 31 දිනට පෙර ඔබතුමන් වෙත බාර දිය යුතුය.  ඔබතුමන් හොදින්ම දන්නා පරිදි මෙම කමිටුවේ කාලය, දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ ප්‍ර‍තිපාදන අනුව කිසිදු අවස්ථාවක් නැත.

දැනට ලංකාවේ පළාත් සභා 9 න් 6 ක්ම කාලය ඉකුත් වී අකර්මන්‍ය වී ඇත. ඌව, බස්නාහිර, දකුණු පළාත් සභා පාලනය වන්නේ ඔබතුමන් සභාපතීත්වය දරණ පක්ෂයේ බහුතරයක් සහිතවය.  ඔබතුමන්ට ලංකාවේම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය බලය ද, ආණ්ඩුකාරවරුන් හරහා එය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍ර‍ණයක් ද,  ඔබතුමා වෙත පවතී.

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී රටක නිසි කාලයට ‘නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම‘ අනිවාර්ය අංගයකි.  මාස 13 ක් විවිධ හේතු ඉදිරිපත් කරමින් පළාත් සභා ඡන්දය කල් දැමීම කිසි ලෙසකින් හෝ යුක්ති යුක්ත කළ නොහැකිය.  

එවැවින්, සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ ලේකම්වරයා විමසා එහි වාර්තාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසත්, එය ඔබ වෙත ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව මගින් ලැබී ඇති බලය හා වගකීම සලකා වහා ප්‍ර‍කාශයට පත් කර මැතිවරණ කොමිෂන් සභාවට ඡන්ද විමසීම පැවැත්වීම සදහා අවස්ථාව උදාකරණ ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී,

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress