සජිත් ජනපති මැදුරට රහසේ ගොස් ජනපති හමුවේ.. TNL රූපවාහිනියෙන් සජිත්ට කුණු බැණුම්.. [Video]
Posted on November 1st, 2018

 lanka C news

සජිත් ජනපති මැදුරට රහසේ ගොස් ජනපති හමුවේ.. TNL රූපවාහිනියෙන් සජිත්ට කුණු බැණුම්.. [Video]

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රහසිගත සාකච්ඡාවක නිරත වූ බවට ටීඑන්එල් රූපවාහිනී නාලිකාව විසින් දැඩි ලෙස චෝදනා එල්ල කළේය.

එමෙන්ම අරලියගහ මන්දිරය ඉදිරියේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ විරෝධතාවයේදී මෙන්ම අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡා වල දී ද ඔහු විසින් පළකරන ලද අදහස් උද්වේගකර නොවුයේ යයි එම රූපවාහිනිය විසින් විවේචනාත්මක වාර්තාකරනයක යෙදුනේය.

මෙම රූපවාහිනිය අයත්වන්නේ එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාටයි.

මේ අතර හිටපු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සිරිසේන මුණගැසුනු බවත් ඒ පක්ෂ නායකයාගේ සම්පූර්ණ අනුදැනුම මත බවත් එහි වූ සියලු තොරතුරු සාකච්ඡාවෙන් පසුව පක්ෂ නායකත්වය දැනුවත් කර ඇති බවත් ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress