මහින්ද සුලඟයි ජනතා පැතුමයි එක්වූ වගයි
Posted on November 5th, 2018

තිස්ස ගුණතිලක

මීට අවුරැදු 10-15 කට පමන පෙර තැන තැන බෝම්බ පිපුරැන මේ දෙරනේ, කුඞුවී සුනුවිසුනු වුන තම මෑණියන්ගේ, පියාණන්ගේ, සහෝදර සහෝදරියන් ගේ කැබලි ඇහිදමින්, මිහිදන් කරමින් ජීවත්වුන ජාතියකට බියෙන් තොරව ජීවත් වීමේ  සුන්දර නිදහස ලබාදුන්නේත්, 2015 ජනවාරි 8 වනදා රාත්‍රියේ ජනපති පදවියෙන් ඉවත්කර සාමාන්‍ය මිනිසෙකු බවට පත්කලේත් එදා මෙදාතුර ශ්‍රි ලංකාව බිහිකල අභීතම ජනනායකයාය.

කුරිරැ ත්‍රස්තවාදයෙන් අපවත් රටත් මුදවාගෙන එවකට ලෝකයේ ප්‍රබලම රාජ්‍ය නයකයාව සිට ඉතාම කෙටිකලකින් බටහිර බලවේගයන්ගේ ගැත්තන් විසින් ශ්‍රි ලංකාවේ ඉහලම විධායක තනතුරෙන් මොහුව නෙරපා දමා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයද ඔහුගේන් උදුරාගන්නා විටද අප නිසොල්මන්ව සිටියෙමු. ඔහු හා ඔහුගේ බිරිඳ ප්‍රමුඛ සහෝදර පිරිසට ඊනියා දූෂණ චෝදනා නගන විටත් තම වැඞිමහල් පුතුන් දෙදෙනාවම රිමාන්ඞ් සිරභාරයට ගන්නාවිටත් ඇතිවූ වේදනාව ඔහු විඳදරාගෙන සිටියේ අවංක ගැමි සුවද හඳුනන ජනතාව ඔහු හැර නොදමා සිටි බැවින් විය යුතුය.

මේ උපන් හපන් මිනිසා සියඵ තනතුරැ අහිමිවී සාමාන්‍ය මිනිසෙක්ව සිටියදී ඵතුමාට සිදුවුන අවනඞුවෙන් ප්‍රකොපවු ජනතාව තමුන්ට බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය ලබාදුන් නායකයා දකින්නට, පුදන්නට වැල නොකැඞී මැදමූලනටත් තංගල්ලටත් පැමිනිම සිදුනොවන්ට ඔහු දේශපාලනයෙන් සදහටම සමුගන්නට ඉඞතිබුනි.

එතෙක් මෙතෙක් අප ශ්‍රි ලංකාවේ ඇතිවු විශාලතම ජනගඟ තම නායකයාගේ ඡායාවක් හෝ නොදැක ගැලුවේ නුගේගොඞින් ඇරඹී රට වටා පැවති `මහින්ද සුළඟ’ ජන රැලිවලටය.  ඡායාරෑපයෙන් පමනක් මහින්ද දුටු ජනතාවගේ ඵකරාෂිත්වය දිනෙන් දින වැඞිවූයේ තම නායකයා නැවත කවදා හෝ දිනක ශ්‍රි ලංකාවේම නායකයාවී තමන්වද රටද රැකගනීවි යයි යන උතුම් බලාපොරොත්තුවෙන්මය.

මෙසේ ඇරඹි ජනතා පැතුම ඡන්ද වලට පරිවර්තනය වීමට ගතවුයේ මාස අටක පමන කෙටි කාලයකි. ඒ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයයි. සියඵම පක්ෂවලට වඞා ඉදිරියෙන් සිටි මහින්ද ප්‍රමුඛ ශ්‍රි ලංතා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය පෙනි පෙනී මහින්ද දිනුවත් අගමැතිකම නොදෙන බවටකල ප්‍රකාශයෙන්වූ දෙය අප සියඵ දෙනාම දන්නා කාරනයකි. පරාජය අභියස සිටි රනිල් නැවත හිස ඵසවීමට සමත්විය. අප රට බටහිර ගැති හොර කැලෙන් බේරාගැනීමට තිබූ දෙවන අවස්ථාවද අපට අහිමිවිය.

`පොහොට්ටුව` ලාංචනාත්මක කරමින් ඵයින් මාස හයකට පමන පසුව බිහිවූ නව පක්ෂය වටා මහින්ද බලවේගය ඵක් රොක්වී පැවති ජන රැලියටත්, 2017 කොළඹ පැවති මැයිදින රැළියටත් සහභාගිවූ ජනතාව දැක බියෙන් මුසපත්වූ පක්ෂ නායකත්වය `පොහොට්ටුව`ට සම්බන්ද සියල්ලන් පක්ෂ ධූර වලින්ද පක්ෂ සංවිධායක ධූර වලින්ද නෙරපා දැමුවේ `මහින්ද සුළඟ’ සැර බාලකරනු පිනිසය.

මේ වන විට රනිල් ප්‍රමුඛ බටහිර ගැති පිරිස රටේ සෑම දර්ශකයක්ම පාහේ පහලට හරවා හමාරය. දැන් ඇත්තේ රල පහරට හසුවූ නැව චන්ඞ මාරැතයට දෙසට පැදවීම පමනි.

මේ චසරේ පෙබරවාරි මස 10 වනදා පැවති පලාත්පාලන මැතිවරණය දේශීය දේශපාලනයේ හැරවුම් ලක්ෂය වූවාට සැකයක් නැත. පොහොට්ටුව මහින්දගේ නායකත්වය යටතේ පලාත්පාලන ආයතන 231 ක බලය ලබාගන්නා විට රනිල්ගේ UNPයට ලබාගත හැකිවූයේ ආයතන 37 ක් හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සංධානයට ආයතන 9 ක් පමනි. වර්තමාන පාලනය කෙරෙහි ජනතා ප්‍රකෝපය මෙයටත් වඞා පැහැදිලි ලෙස ප්‍රකාශ කල හැකිද?

මහ බැංකු මංකොල්ලයේ මුදල්වලින් පසුගිය අප්‍රේල් මස විශ්වාසභංගයෙන් බේරැනත් වත්මන් පාලනයේ දේශපාලන දින ගනන සීමිත බව ජනතාවට අවබෝධය විය.

ජනපතිගේත් ගෝඨාභයගේත් ඝාතන කුමන්ත්‍රණය හමුවේ අගමැති තනතුර බාරගැනීමට මහින්දට කල ආරාධනය දිනෙන් දින වර්ධනයවූ ජනතා ප්‍රකෝපයේ අවසාන ප්‍රතිඵලය ලෙස සැලකිය හැකිය.

`නෙත් පුරා ඵක හීනයෙන් මුලු ලෝකයා නිදනා පැයේ` ඔබ මේ හෙලබිමේ අගමැති වූවේ ජන බලය නිරතුරැචම ඔබ සමග සිටිනා බැවිනි. ඉතාමත් වාසනාවන්ත ජනතාවකට වාසභූමිය වූ මේ හෙලබිම නැවතවරක් රැකගැනීමට මහින්ද රාජපක්ෂයානණි ඔබට ශක්තිය හා ධෛර්ය ලැබේවා.

කරැනාදාස සපුතන්ත්‍රි ගේ අදහසක් සුනිල් එදිරිසිංහයන් අපේ දෙසවන හඬවන්නේ මෙලෙසිනි

රන් මලක් ලෙස දෙව් බඹුන්

දෝතින් පිදූ මේ පින් බිමේ

පස් පිඞක් ගිලිහී නොයන්නට

රන් වැටක් ඇත සිව් කොනේ

නෙත් පුරා එක හීනයේ

මුළු ලෝකයා නිදනා රැයේ

දේශයේ මුර දේවතා එලි

රෑ පුරා දැල්වී තියේ

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක සිඞ්නි නුවර සිට

2018 නොචැම්බර් මස 05 වනදා

eMail: [email protected]

One Response to “මහින්ද සුලඟයි ජනතා පැතුමයි එක්වූ වගයි”

  1. ranjit Says:

    Tissa thanks for writing this beautiful paragraph. You made me cry man. Mahinda Rajapaksa our great leader is a one of a kind. His personality and his achievements cannot compare with any other. He is a master politician as JR said once when he was young. He is kind and gentle person with love for his homeland and to his people. He understands the poor man’s heart well more than any other politician in this country. I cannot still understand why this ungrateful people in this country rejected him last time and allow him to go home??? I never thought to witness that day his lost and the current day his come back in my life. It’s a miracle. He is special and he is a god send son of Motherlanka whom we all love. I hope all Sri Lankans will rally behind him and the president and help them both to take us way forward with development and good economy for all our citizens to live happily again.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress