පොරොන්දු දේශයේ රන් අසිපත
Posted on November 5th, 2018

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක 

2005 මහින්ද රට බාර ගන්නා විට ඒකීය ශ්‍රිලංකාවක් පිලිබද බලාපොරොත්තු මියදෙමින් තිබුනි. ප්‍රභාකරන් යුද්ධයෙන් පරාජය කල නොහැකියයි මතයක් ගොඩනැගී තිබුනි. බටහිර ප්‍රජාවේ අධීක්ෂනය නොමැතිව කිසිවක් කල නොහැකි යයි සිතූහ. ගැටලුවට එකම විසදුම සාකච්ඡා වටමේසයක යැයි කීහ. පාලකයන් ත්‍රස්තවාදීන් ඉදිරියේ දන නමන නිව‍ටුන් බවට පත් වී තිබුනි. නමුත් ඇලේ දොලේ සල්ලං වූ මැදමුලන මහින්දට වැල්වැටිතුරේ ප්‍රභාකරන් කෙරුමෙක් නොවීය. මාවිල් ආරුවේන් පටන් ගත් ව්‍යාපෘතිය නන්දිකඩාල් කලපුවෙන් විජයග්‍රාහීව අවසන් කලේය. කොටියාට වෙඩි තිබ්බේ කවුද, වෙඩි වැදුනේ මොන ඇටයටද සෙවීම අපට නම් අදාලම නැත

ලක් ඉතිහාසයේ ස්වර්ණමය පරිඡේදයක සක්ෂිකරුවන් අප වෙමු . බෙදී තිබුනු මව් බිම යලි එක්සේසත් කලේ අපගේ මේ පනගසන හුස්ම තුලය. ලියන මමත් කියවන ඔබත් එහි සාක්ෂි කරුවෝ වෙමු. සපුමල් කුමරු කොඩිකාමම් හි එසවූ සිංහ කොඩිය යලි එසවූයේ වසර 700 කට පසුය. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ රෝහනයෙන් එලිබට දු‍ටුගැමුනු නොවන්නට හෙල ඉතිහාසය එලාරගේ දමිල ඉතිහාසයට යට වන්නේ යම් සේද 21 සියවසේ රෝහනයෙන් පැමිනි රාජපක්ෂලා නොවන්නටලක්බිමේ හෙල ඉතිහාසය ඊලාම් ආක්‍රමනයෙන් බුල්ඩෝසර් වන්නේය.

එනමුත්  නොසිතු මොහොතක පෙරදිග සුලග යටපත් කරමින් බටහිර සුලග හමා ගියේ ය. වල්මත් වූ ජනයා හරිත වර්ණයෙන් උදාවූ වසන්තය නොව  යහපාලන මිරිගුදිය වැලද ගත්හ. නිලංකාර වූ දෑස්  සිහියට එලඹෙන විට සියල්ල සිදුවී හමාරය. සර්වජන ඡන්දයේ අවිචාරවත් ප්‍රතිඵලය තුල පරාජය වූයේ රාජපක්ෂලා නොවේ, සමස්ථ පුරවැසියන්ය.  ලක් භූමියේ ඒකීය භාවය බන්දේසියක බහා ප්‍රධානය කලා නොව සොල්දාදුවන්ගේ ලෙයින් එහි මිල ගෙවා ඇත. මාතෘභූමියේ උරුමය මතු පරපුරට රක්ෂා කලේ ඔවුන්ය. දේශය අනාරක්ෂිත නම් එහි මුල්ම වින්දිතයන් අපගේ ආදරනීය දුවා දරුවන්ය. අනාරක්ෂිත බිමක මුලින්ම වියකීයන්නේ හෙට දවසේ ඔවුන්ගේ මුහුනුවල සිනහවය

ලොව පුරා වසන දෙමල ජනයා එක් සිත්ව පහන් දල්වමින් හෘර්දයාංගමව සමරන එක් දිනයක් වෙයි. ඒ අන් කිසිවක් නොව ඊනියා විමුක්ති නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනයයි. යකඩින් සහ ලෙයින් ප්‍රභාකරන් මෙහෙයවූ ව්‍යපෘතිය තුලින් දෙමල ප්‍රජාව පරිහානිය කරා ‍රැගෙන ගියා මිස ලබා දුන් විමුක්තියක් නොමැත. එනමුත් දෙමල ජනයාට ප්‍රභාකරන් වීරයෙකි, මල් පහන් දල්වා දේවත්වයෙන් පිදුම් දෙන්නේය.. සිංහලයා කෙතරම් තුච්ච ගුනමකු ජාතියක්දයත් මව්බිම එක් සේසත් කරමින් සාමය ‍රැගන ආ මහින්ද හොරෙකි. සිංහලයේ මහා අග රජ රාවණ ගැනූ සොරකමේ ගිය සල් ලාලයෙකි , ඉන්දියාවෙන් පැමිනි පාදඩවිජය ජාතියේ පියාය හෙලයාගේ සහ දෙමලාගේ වෙනස මෙයයි

රාජ්යක් අරාජිකත්වයට දක්කා එය සූරාකෑම ඇමෙරිකානු ක්‍රමයයි. එ.ජා.පයේ සිටින්නේ ජනතා නියෝජිතයන් නොව බටහිරයෙන්ගේ කූට අරමුනු ඉ‍ටුකරන කුලී හේවායන් පිරිසකි. ශක්තිමත් නායකයෙකු සිටිනතාක් ඔවුන්ට ඉලක්ක කරා යාම දුෂ්කරය. ස්වදේශික ජනතාව ගොනාට අන්දවා ඔවුන්ගේ ‍රැකවලා ඔවුන් අතින්ම නැතිකිරීම බටහිරයන්ගේ උපායයි. ලිබියාව සුපිරි දේශයක් බවට පත් කල ගඩාපිට, ඉරාකය කෙලින් සිටවූ සදාම්ට, යුක්රේනය එලිය කල යනුකොවිච්ට පමනක් නොව බටහිරයන්ගේ මිනීමරු සුරතලාගේ ඔලුවට වෙඩි තැබූ මහින්දටද අත් වූයේ එම ඉරණමයි.

ඇමෙරිකානුවන් යනු හිරෝෂිමා නාගසාකි භූමියට පරමානු බෝම්බ දමා මිලියනයක ජනසංහාරයක් සිදු කල ජාතියකි. කිසිදු එදිවාදිකමක් නොවූ වියට්නාමයට බෝම්බ ටොන් 7850000 ගැසූ ජාතියකි. දුප්පත් කම්බෝජයට සහ ලාඕසයට ටොන් 613820 කවිෂ රසායන හෙලූ ජාතියකි. ශිෂ්ඨාචාරයක තොටිල්ල වූ ඉරාකය එක් රැයකින් නටබුන් කලේ ඇමෙරිකානුවන්ය. සිරියාව යේමනය ගෙවමින් සිටින්නේද ඇමෙරිකන් කාරයින්ගේ පව් කදුය.අද ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද පාඩම් කියාදීම්ට පැමිනෙන්නේ එහෙව් ඇමෙරිකාවය.

මාතෘ භූමිය සු‍රැකීමේ යුතුකම අත් හල නොහැකි වගකීමකි. මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන් වෙනුවෙන් යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යා යුතුව ඇත. යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක සමග නැගී සිටින ජාතිය පරයින්ගේ කුමන්ත්‍රන මගින් යටපත් කල නොහැක. ස්වර්ණ භූමියේ උරුමය රැකීමට ගොඩ නැගෙන දේශමාමක පවුර අධිරාජ්‍යවාදීන්ගේ සැටලයිට් වලට ඉලක්ක කළ නොහැක. මාතෘ භූමියේ ප්‍රතාපවත් හඩ යලි අවදිව ඇත. සිංහ කොඩියේ සිංහයා රණ බිම දෙවනත් කරමින් ඉදිරියට ඇදෙන්නේය, සොයුරණි , පරයන් ඉදිරියේ දනින් වැටෙන රාජ්‍යක නිව‍ටුන් ලෙස නොව සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් වැලදගත යුතු හෝරාව එලඹ ඇත.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක 

3 Responses to “පොරොන්දු දේශයේ රන් අසිපත”

  1. ranjit Says:

    Fantastic article by Kirthi Rathnayaka. This letter should be in our mainstream Sinhala news papers for ordinary people to read. When Sinhalaya fighting each other our enemies plan their conspiracies. This is the time for Sinhalaya to unite and make one force to face our enemies. We have to rally behind these two Sinhala Buddhist leaders to take our country forward forgetting all the past happenings and help to build it without corruption. These two leaders cannot do any mistakes again. They need to correct their mistakes and work for the benefit of the country and its people if not their end is very near. People had enough for last seventy years or so it’s time we need to have clean politics with clean,educated politicians representing our constituencies. Let’s work hard for a better future and equal rights and opportunities for all. Long live SRI Lanka.

  2. Ananda-USA Says:

    Jayawewa, Deshapremini! Jayawewa! Idiriyata thabu paya passata nothabanu!

  3. Christie Says:

    Very sad another Leftards Sacred Cow Shit.

    LTTE and JVP are Indian terrorist arms that killed hundred thousand or more of Sinhalese.

    USA helped us with their satellites in destroying a ship carrying arms for India terrorists the LTTE.

    We always like to attack the West but not India and Indian Parasites.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress