කතානායක කරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂමට පැමිණිලි
Posted on November 7th, 2018

NUTA Sri Lanka

 ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මීට ටික වෙලාවකට පෙර කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි අල්ලස් හෝ දුෂණ  කොමිෂන් සභාවේදී කතානායක කරු ජයසුරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේය. ආරම්භයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන  දින කිහිපයක් ඇතුලත සිය ස්ථාවරය වෙනස් කිරීමට හේතු වූ කරුණු සහිතව පැමිණිල්ල ගොනු කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ කතානායකවරයා ව්‍යවස්ථා විරෝධීව, සම්ප්‍රදාය විරෝධීව, සදාචාර විරෝධීව, සාතිශය බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි. විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න මහතා පැවසුවේ 1994, 20 අංක දරන අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් කරු ජයසුරිය මහතා වසර දහයක කාලයක උපරිමයකට යටත්ව සිර දඩුවම් ලැබිය හැකි වරදක් බැලූ බැල්මට  කර ඇති බවයි.

ආචාර්ය  මාදුරුඔය ධම්මිස්සර හිමි ප්‍රමුඛ විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක්  පැමිණිල්ල ගොනු කරන අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress