ජාතිකත්වයයි බහුතරයයි
Posted on November 7th, 2018

තිස්ස ගුණතිලක

යහපාලන අටමගලය අවසන්වී ඇ‌ත. එය දින ඉකුත්වූ පල්හෑල්ලකි. ශ්‍රී ලංකාව මුළු ලෝකයේම සිනහවට ලක්කල විගඩමකි. දූෂණය පිටුදකින්නට පැමිනියවුන් එතෙක් මෙතෙක් ලක් ඉතිහාසයේ සිදුවූ දූෂිතම මංකොල්ලය සිදුකලේය. මහබැංකු සුරැකුම්පත්වලින් හොරකම්කල මුදල රැපියල් මිලියන 11,000කට වඩා වැඩිබව වාර්තාවෙයි.

හොරැ අල්ලන මුවාවෙන් ජනතාවට බේගල් ඇ‌දබා පාලනයට පැමිනියත් අල්ලපු හොරෙක් නැත. වූයේ එජාප නායකත්වය හොරෙක් වීම පමනකි. රටක් පාලනය කිරීම තබා මුන් හොරකමක්වත් හරියට කරන්න නොදන්නා තකතීරැවන් පිරිසකි. එහෙව් රැලක් අද නැති අගමැති තනතුරක එල්ලෙන්නට බහුතරයක් සොයයි. මෙහිදි සොරාගත් මහබැංකු මුදල්ද කරලියට පැමිනේ. ඒ‌ එජාප නායකත්වය හැරයාමට සැරසී සිටින්නවුන් මුදලට ගැනීමටය.

එදා ඩී එස් ලා බිහිකල ඩඩ්ලි, ජේ ආ‌ර්, ප්‍රේමදාසලා වැන්නන් පෝෂණය කල එජාපය ගෙෳරවාන්විත පක්ෂයක්ව තිබිනි. අද එහි නායකත්වය ජරාජීර්ණවී තිබුනත් බිම්මට්ටමින් ඊට එකතුවන සාමාජිකත්වය ජාතිකත්වය අගයන පිරිසක් බිහිකර ඇ‌ත. එජා පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුල අද මොවුන් සිටිනවා ඇ‌ත. ඔවුන් රටත් ජාතියත් විපතට පත්වී ඇ‌ති මොහොතක ජාතිකත්වය තනිනොකරනු ඇ‌ත.

අද අප රට පත්වී ඇ‌ති දේශපාලන වාතාවරනය ජාතිකත්වය විජයග්‍රණය කරන තත්වයකට පත්කරගතහොත් එය අවුරැදු 206 කට පසු (1803 ජයග්‍රාහී ලේවැල්ල සටනින් පසු ) නන්දිකඩාල් වලදී අප ලබාගත් පලමු ජයග්‍රහණයේ පලමුවන දිගුව වනු නොඅනුමානය. එජාපය නියෝජනය කරන ජාතිකත්වය අගයන පාර්ලිමේන්තුව තුල සිටින මහජන නියෝජනය ජනපති හා මහින්ද ප්‍රමුඛ  පිරිස සමග එක්වී අද රට හා ජාතිය රැකගතහොත් ලක්මෑණියන්ගේ ශ්‍රේෂ්ඨ දූපුතුන් ලෙස ජනතාව ඔබ පුදනු ඇ‌ත. අනාගත සෑම මැතිවරණයකදීම ඔබට උපහාර දක්වනු ඇ‌ති.

අනෙක් අතට රනිල් ප්‍රමුඛ එජාප නායකත්වය කෙසේ හෝ මේ මස 14 වනදා බහුතරය ලබාගත්තත් ජනාතාව තුල ඔවුන් කෙරෙහිවූ ස්ථාවරය සම්පූර්ණයෙන්ම බිදවැටී හමාරය. ඒ‌ පසුගිය වසර 3 1/2 තුල රටේ ආ‌ර්ථිකය කාබාසීනියා කල අයුරැත්, රටේ ආ‌ර්ථික මර්මස්තාන පිටරැටියන්ට විකුනා දැමූ අයුරැත්, ජනතාව බදු බරින් පෙලූ අයුරැත්, ඉතිහාසයේ සිදුකල දැවැන්තම බැදුම්කර මංකොල්ලය තමුන්ගේ ඇ‌ස්පනා පිට සිදුකල අයුරැත්, ජනතාවට මේ කල්පයේ අමතක නොවන බැවිනි. වරක් කාටත් හොරෙන් කොටින්ට උතුර හා නැගෙනහිර ලියා දුන් එජාප නායකත්වය තවදුරටත් ජනතා අප්‍රසාදය නොතකා පාලනය ගෙනයාමට උත්සාහකලහොත් ජනතාව ඔවුනට නිසි පිලිතුරැ ලබා දීමට මැතිවරණයක් පැමිනෙන තෙක් බලා නොසිටිනු ඇ‌ත.

 

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක සිඩ්නි නුවර සිට

2018 නොවැම්බර් මස 08වනදා

2 Responses to “ජාතිකත්වයයි බහුතරයයි”

  1. Hiranthe Says:

    IF the Bond scam is estimated at Rs, 11,000 millions;

    It is a fraud of USD 62,857,142.86 with the conversion rate of Rs 175 / USD.

    It is a staggering $88,000,000.00 AUD @ Rs 125 / AUD

    It is a lot of money to loot in a small economy like SL.

    These day light robbers should go to jail.

  2. Christie Says:

    By the time JR came in there were hardly any Sinhalese wealthy were left.

    J R the quarter Indian was fully financed by the Indian Cabal.

    Not many of us call us Sinhalese or Ceylonese any more.

    We will be paying for another 29 years for the financial loss due to fraud by the former Central Bank Governor.

    Christie Says:
    November 8th, 2018 at 2:36 am
    I hope Sirisena did what Mahinda did after being elected by India’s support and Indian Colonial Parasites’ block vote abstaining from voting.
    They failed again with Fonseka.
    2015 India won with Sirisena.
    I hope Sirisena has kicked India like Mahinda.
    We have to wait and see.
    Christie Says:
    November 8th, 2018 at 2:56 am
    “Sri Lanka has been at the receiving end of minority politics for the last 70 years and going even further backward. In my view, the reason Sri Lanka is in the current impasse is Sinhalese disunity brought about by the bifurcation of the Sinhala polity in 1951.”
    Thanks Ratnapala, This the truth about our nation or country which in fact an Indian Colony like other Indian Colonies from Fiji to Guyana.
    The so called British Empire in fact was a British-Indian Empire.
    The Indians run our country from 1792 and they have prospered and our economy is in their hands.
    It is the Indian Parasite merchants’ Cabal that financed most of our politicians, in particular the Socialists from the time of start of our democracy.
    This Indian Merchant Cabal included all kinds of Indian Parasite: Tamils, Malayalis, Boras, Parsis to name a few.
    Some Indian Parasites looked after individual Sinhala politicians and the Cabal financed, managed and even was involved with making policies.
    The best examples are Captain and N M Perera, Gnanam and Phillip. Banda and Hidramani.
    The Cabal has not changed and they still carry on with their agenda.
    I might be a lonely man saying these anti India things.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress