තනි රජයක් පිහිටුවීමට මෙවරත් හැකියාවක් ලැබෙන්නේ නැහැ-දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්
Posted on November 12th, 2018

දිනසේන රතුගමගේ

පාර්ලිමේන්තු මහමැතිවරණය සදහා නාම යෝජනා ලබා දීමට පෙර සියළු දෙමළ දේශපාලන පක්ෂ එක මිටියකට ගැනීමට උත්සහ කරණ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

යාපනයේ දෙමළ මාධ් කීපාය්ක් විසින් රටේ වත්මන තත්ත්වය පිළිබදව  සම්බන්ධන් මහතාගෙන් කරුණු විමසූ විට ඔහු මෙසේ පවසා ඇත.

තව දුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කියා සිටියේය.

දකුණේ රජයන්  මේ රට තුළ සිටින දෙමළ වැසියන්ගේ  ප්රශ්න විසදීමට වඩා ඔවුන් බලයට පත්ව බලය රදාපවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබදව දැඩි විමසිල්ලකින් සිටින බව පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට මේ දක්වා ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයකුයි.

දකුණේ පවතින මෙවැනි බල ලෝභී දේශපාලනයක් තුළ රටේ දෙමළ ජනතාවගේ ප්රශ්න විසදන බවක් පෙනෙන්නට නැහැ.ඔවුන් හිතුමතේට  බලය සොයාගෙන යන ගමනක නිරතව සිටිනවා.මේ දේශපාලනඥයින් උදේ ප්රකාශ කළ දේ දහවල් කාලයට වෙනස් කරණ පිරිසක් වෙලා.මේ අය කියන කරණ දේවල් විශ්වාස කළ නොහැකියි.

දේශපාලන ගමනක් යාමට දැඩි විශ්වාසයක් තිබිය යුතුයී.මේ විශ්වාසය  දකුණේ දේශපාලාන්ඥයින්ගෙන් ප්රකාශ නොවන විට දෙමළ දේශපාලනඥයින් ඉතාම තරයේ කලපනා කළ යුතු කාරණයක් තිබෙනවා.

දකුණේ දේශපාලනඥයින් අතර සමගියක් විශ්වාසයක් පැහැදිලි ඉදිරි ගමනක් නොමැති නිසා ඔවුන් කුලල් කා ගනිමින් ඉතාම අසීරු ගමනක් යමින් සිටිනවා.මේ තත්ත්වය උදාහරණයට ගනිමින් දෙමළ දේශපාලනඥයින් කළ යුතුව ඇත්තේ සියළු ප්රශ්න මතභේද අවසන් කොට සියළු දෙමළ දේශපාලනඥයින් එක්ව කටයුතු කිරීමයි.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණ තිබෙනවා.මේ තත්ත්වය සියළුම දෙමළ  දේශපාලනඥයින්ටත් දෙමළ ජනතාවටත් ඉතාම බුද්ධිමත්ව කටයුතු කිරීමට හොද අවස්ථාවක් වී තිබෙනවා.

පසුගිය කාලයේ දකුණේ දේශපාලනයේ පැවති අස්ථාවරභාවය  ඉදිරියේදී පාර්ලිමේන්තු  මැතිවරණයක් පැවැත්වීමෙන් තුරන් වන බවක් පෙනෙන්නට නැහැ.

එක් දේශපාලන පක්ෂයකට විශාල බලයක් ලබා ගෙන ඉතා ශක්තිමත් හා තනි රජයක් පිහිටුවීමට මෙවරත් හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ නිසා රජයක් කරගෙන යාමට මී ළග අවස්ථාවේදීත් සුළුජන පක්ෂ වල සහය අනිවාර්යෙන්ම ලබා ගැනීමට සිදුවනවා.මේ තත්ත්වය සියළුම දෙමළ දේශපාලන පක්ෂ තේරුම් ගත යුතුයි.

මේ අවස්ථාවේදී උතුරෙන් සිදුවිය යුත්තේ  නව නව දේශපාලන පක්ෂ පිහිටුවමින් දෙමළ දේශපාලානඥයින් භේද බින්න කිරීමත් දෙමළ ජනතාව භේද භින්න කිරීමත් නොවෙයි.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීමට හැකි නව දේශපාලන විසදුමක් මේ ප්රශනයට ලබා ගැනීමයි.මේ උත්සාහයේදී දෙමළ ජනතාව ලබා දෙන බලය එක්තැනකට ලබා ගෙන බලය ඔස්සේ රජයෙන්  දෙමළ ප්රශනයට විසදුමක් ලබා ගැනීමට සෑම දෙමළ දේශපාලනඥයෙකුම කටයුතු කළ යුතු වෙනවා.

දැනට ක්රියාත්මක දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එකට එකතු කිරීමේ උත්සාහයක් මෙවර නාම යෝජනා ලබා දීමට  පෙර සිදු වියයුතුයි.මේ පණිවුඩය සියළුම දෙමළ දේශපාලන පක්ෂ අතරට මේ වන විට යැවීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබෙනවා.මේ අවස්ථාවේ ඇත් බැරෑරුම් තත්ත්වය අවබෝධ  කරගෙන දෙමළ දේශපාලන පක්ෂ ඉතා සාධනීය අන්දමට කටයුතු කරණු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිනවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress