කථානායක තුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගය බරපතල ලෙස අපයෝජනයට පත් කරලා-2018 11 14 පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාවට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් 6 දෙනයි.
Posted on November 15th, 2018

සටහන : හර්ෂ කුමාර් සුරියආරච්චි

2018 11 14 දින පාර්ලිමේන්තුවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව විශ්වාස භංග යෝජනාවක් නොවේ.

එහි ඇත්තේ ජනාධිපති තුමා විසින් පනවන ලද ගැසට් නිවේදන ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී යැයි සදහන් යෝජනාවකි. යම්කිසි කාරණයක් ව්‍යවස්ථා  විරෝධිද නැත්ද යන්න තීරණය කිරීම පාර්ලිමේන්තුව ට බලය ඇති කාරණයක් නොව සහමුලින්,ම අධිකරණය සතු බලයකි. එම නිසා එම යෝජනාව සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ගන්නා තීරණයක ව්‍යවස්ථානුකුල භාවයක් නැති අතර ඒ හේතුව නිසාම නිත්‍යයානුකුලද නොවේ.

ඒ බව පසෙක ලා, ව්‍යවස්ථාවට පටහැනි එම යෝජනාව තවදුරටත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ද පටහැනිව ගොස් පාර්ලිමේන්තුව තුල කථානායක තුමා විසින් සම්මත කරවා ඇත.   ව්‍යවස්ථාවට පටහැනි, පාර්ලිමේන්තුවට තීරණය ගැනීමට බලය නැති යෝජනාවක් පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් ගරු නොකොට සම්මත කර ගැනිමක වලංගු භාවයක් නොමැත.

එම නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ධුරයට හෝ ඇමති මණ්ඩලයට හෝ කිසියම්ම වූ අභියෝගයක් එයින් ජනිත වී නැත.

ඊට අමතරව අන්තර් ජාලයේ  ප්‍රසිද්ධ කෙරුණු (https://www.gossiplankanews.com/2018/11/karu-maithripala-letter.html#more) අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මුලින් අත්සන් කර ඇති ඉහත යෝජනාව 2018 නොවැම්බර් 14 දින දරන අතර  අංක 1 සිට 6 දක්වා අංකනය කරමින් මන්ත්‍රීවරු 6 දෙනෙකු පමණක් අත්සන් තබා ඇත.

ඉන් අනතුරුව වෙනත් දිනයක අත්සන් තබන ලද, කාරණයක් සදහන් නොමැති, නැවතත් අංක 1 සිට 102 දක්වා අත්සන් තබන ලද අත්සන් ලැයිස්තුවකුත්, එවැනිම දිනයක් නොමැති කාරණයක් නොමැති අංක 1 සිට 14 දක්වා අංකනය කරන ලද දෙමල භාෂාවෙන් නම් ලිය ඇති අත්සන් ලැයිස්තුවක් ද අ අමුණා ඇත. ඒ අනුව එම පසුව අමුණා ඇති ලැයිස්තු දෙකම ඉහත යෝජනාව හා සංගත නොවේ.

මන්ත්‍රී වරුන් නව දෙනෙකු පමණක් අත්සන් කල ව්‍යවස්ථානුකුල නොවූ ලියවිල්ලක් යොදාගෙන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩු කටයුත්තක්ද පවතින විට එම නඩු තීන්දුව කුමක්දැයි නොදන්නා විට එම තීන්දුව දුන් විටක මහත් ගැටළු රැසකට රටත් පාර්ලිමේන්තුවත් අධිකරණයත් ඇතුළු සියලු පාර්ශ්චව පත් විය හැකි ආකාරයේ ක්‍රියාවලියක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ද බිද හෙලමින් කථානායක තුමා කටයුතු කිරීම වැරදි සහගතය.

ජනාධිපති තුමා විසින් කරන ලද පාර්ලිමේන්තුව විසිරවිම ව්‍යවස්ථානුකුල බව තීන්දු වුවහොත් 14 ද පවත්වන ලද පාර්ලිමේන්තුව බල රහිත වන බැවින් එහිදී බරපතල තීන්දු නොගැනීමේ යුතුකම හා පරිනත බව විශේෂයෙන් කතානයකතුමට තිබිය යුතුව තිබුණි. ඒ වෙනුවට කථානායක තුමා කථානායක වරයෙකුගෙන් ජනතාව බලාපොරොත්තුවන පරිනත භාවයේ අසලකටවත් නොපැමිණ ඊයේ පාර්ලිමේන්තු මෙහෙයවීම පක්ෂග්‍රාහී හා අඥාන ලෙස සිදු කර මුළු රටම අවධානමකට ඇද දමා ඇත.

කතානායක තුමාගේ මෙම ක්‍රියාවලිය උසාවියට අපහාස කිරීමක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගය බරපතල ලෙස අපයෝජනයට පත් කිරීමක් නොවන්නේ කෙසේදැයි ගැටලුවකි.

එසේම ඉහත අත්සන් තබන ලද ලැයිස්තු වල දින වෙනස් කොට ජනාධිපතිතුමාට ඉදිරිපත් කර ඇති බවක්ද වාර්තාවේ. එසේ දින වෙනස් කළේ කවුද? එසේ නම් ඔහු හෝ ඔවුන් කුඨ ලේඛන පිළියෙළ කිරීම, ඊට අනුබල දීම ආදී කරුණු වලට වැරදි කරුවන් නොවන්නේද? එවැන්නන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර දැරීම හෝ තනතුරු දැරීම යුක්ති යුක්තද?

 

 

2 Responses to “කථානායක තුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගය බරපතල ලෙස අපයෝජනයට පත් කරලා-2018 11 14 පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාවට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් 6 දෙනයි.”

  1. Hiranthe Says:

    Release these letters to the press. Why hiding?

    Let people know the truth.

    In today’s Island editorial, it refers to JVP work in the past and Southern Terrorists and LTTE and Northern Terrorists. It ends with the following sentence.

    (Thankfully, Wijeweera and Prabhakaran are pushing up daisies.)

    http://www.island.lk/index.php?page_cat=news-section&page=news-section&code_title=55

    Southern Terrorists are still in the Parliament doing business to protect their pay master’s interests without any care and love to Mother Lanka.

    I like to praise MR for his speech in the Parliament yesterday. All the key things are now recorded in the Hansard, which is a wise thing to do. The offenses of the Yahap traitors and their aligning with the West will go to the history.

  2. Hiranthe Says:

    Correction.

    not “and Southern Terrorists” , “as Southern Terrorists”, and “as Northern Terrorists”

    My apologies for the error.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress