රටපුරා වස බෙදන ලවුඩ්-ස්පීකර් කැරොල් කරත්තය තිස්ස ගුණතිලක
Posted on November 15th, 2018

තිස්ස ගුණතිලක සිඩ්නි නුවර සිට

කුමරි ඹබසර පුදා නෙක ගැහැට වින්දාය මෑ

සලෙළුනට රැවටෙමින් සිය රැසිරැ පිදුවාය මෑ

ඉසුරැ සඳහා මොවුන් උගසටද තැබුවාය මෑ

අසරනව අද මෙසේ මහමගට වැටුනාය මෑ

මැගේ නම ලංකාය……..

ජනතා පරමාධිපත්‍ය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ලබන දෙසැම්බර් 07 වනදාට කල්දමා ඇ‌ත. එදිනවත් එය සිදුවේදැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටී. අවුරැදු 70කට වඩා වැඩි කාලයක් ජනතා පරමාධිපත්‍ය සදහා කැපවුනු ලක්මෑණියන් අද මුවින් නිහඩය. ඇ‌ය සුසුම් සලන්නීය. දෙසැම්බර් 07 වනදා එම සුසුම කඳුලකට හැරේ දෝයි ඇ‌ගේ දූපුතුන් පපුවට තබාගත් දෝත් ඇ‌තිව බලාසිටී. අසරණව වැතිර සිටින ඇ‌යගේ දේහය මතින් තම කැරොල් කරත්තය පැදවීමට දතකට මැදගෙන ලවුඩ්-ස්පීකර් තුමා ඇ‌තුළු ගෝත්‍රිකයින් බලාසිටි. එහි නැග සිටින්නේ මුදලට තම ආ‌ත්මය පාවාදුන් මහජන නියෝජනයයි. ලවුඩ්-ස්පීකර් කෙවිටෙන් අසරන හරකාට තඩිබාමින් උජාරැවෙන් ‘විධායකය තඹසතයකට මායිම් නොකරන’ ලෙස පාරම්බාමින් වස කරත්තය දක්කයි, තම සහජ හැකියාව මොනවට විදහා පෙන්වයි.

අමතකවීම ‘අල්සයිමර්’ රෝගයේ ලකෂණයකි. මෑතකදී දෙවතාවක්ම ව්‍යවස්ථාව දිවිහිමියෙන් රකින බවට දිවුරැම් දුන්න මෙතුමාට ව්‍යවස්ථාවේ විධායකයක්ද ඇ‌තිබවත්, විධායකයට හිමිතැනත් අමතකවී ‘පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) හා අධිකරණයේ තීරණ මත පමනක් පිහිටා කටයුතු කරන දෙන ලෙස’ ජනතාවගෙන් ඉල්ලයි. මේ නම් අල්සයිමර් ලකෂණයි. මෙවැනි රෝගින් ජනතා පරමාධිපත්‍ය රකින ස්ථානයක හෝ වගකිවයුතු රාජකාරියකට හෝ සුදුසුද? තීරණය ඔබට බාරයි.

තවත් වරක් මොහු එජාපයේ ඇ‌මතිවරයෙකුව සිට ආ‌රාධණා ලැබ ජවිපය සංවිධානය කල ‘අතුරැදහන්කල තරැණයින්’ සැමරීමේ වැඩමුළුවකට සහභාගි වුනාලු. ඉතාම හරබර කතාවකට සූදානම්වී ගිය මොහු ගිහින් ඉදගත්තාටත් පසුවලු දැනගත්තේ මේ සමරන්නේ එජාපය ’88-’89 වසරවල අතුරැදහන්කල ජවිප තරැණයින් බව. තමා ඇ‌තුළු එජාප පාලනය එවකට දසදහස් ගනනින් අපේ සිංහල බෙෳද්ධ තරැණයින් ඝාතණය කලබව මෙතුමාට මතක්වී ඇ‌ත්තේ එවිටලු.

අල්සයිමර් වැලඳී බොහෝකල් බවයි මෙයින් ගම්‍යවන්නේ.

වරක් රනිල් ඇ‌තුළු එජාප නැලය එවකට ජනපතිටත් හොරෙන් උතුර හා නැගෙනහිර ත්‍රස්තවාදින්ට පවරාදුන්නා ඔබට අමතක නැතයි සිතමි. එසේ නැවතවරක් ලක්මෑණියන්ව බටහිරට උගස්කර පවාදීමට පෙර මොවුන් කුදලා ලක් ඉතිහාසයේ කුනුබක්කියට දැක්කීමට කාලයයි. ඒ‌ සදහා ජනතා වරමකට ඉඩ ලැබෙනතුරැ ජනතාව නොඉවසිල්ලෙන් බලාසිටී. ලබන දෙසැම්බර් 07 වනදා අපේ අධිකරණය ධර්මාධිකරණයක්ම වේවායි ජනතා පැතුමයි.

Please note: Alzheimer’s disease is a progressively worsening mental condition which slowly causes people to forget basic information and impairs the ability to carry out everyday tasks.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක සිඩ්නි නුවර සිට

2018 නොවැම්බර් මස 15වනදා

2 Responses to “රටපුරා වස බෙදන ලවුඩ්-ස්පීකර් කැරොල් කරත්තය තිස්ස ගුණතිලක”

  1. Christie Says:

    Alzheimer’s or what ever it is.

    It is the JVP the Sinhala terrorist arm of India who killed innocent Sinhalese and then they themselves who are Sinhalese got killed. Some of the key members of this terrorists mob are happily living with Indian terrorists the LTTE in Western countries including Australia.

    The biggest trade deficit is with India not with the West.

  2. Vaisrawana Says:

    Yes, Tissa. You have hit the nail on the head. The Alzheimer patient you mean is claiming that he is No I. I don’t know where. Hope the responsible authorities in SL including those in the judiciary take notice of the signs of mayhem that could be expected to erupt if people’s sovereignty is allowed to be further attacked.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress