විශ්වාස භංගයක් අලුතෙන් ‘‘විධිමත්ව’’ සම්මත කලොත් පිලිගන්න බව ජනපති දන්වයි.. විධිමත් ක‍්‍රමය මෙන්න.එජාප ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති වෙන්නැයි ජනපති ආරාධනා කරලා..?
Posted on November 15th, 2018

 lanka C news

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් එය තමනට නියමානුකූල ආකාරයෙන් පෙන්වා සිටින්නැනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයන්ට පෙන්වා දී ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම පෙරමුණේ නායකයන් සමග පැවති පැවති සකච්ඡාවේදිය.

පාර්ලිමේන්තුවේ දී සම්මත කළේ යැයි කියන විශ්වාසභංගය තමන් පිළිනොගන්නා බවත් ඒ වෙනුවට වෙනත් විශ්වාසභංගයක් ඉදිරිපත් කර විධිමත් ක්‍රමවේදයක් අනුව සම්මත කර ඉදිරිපත් කළහොත් කමන් එහිදී ව්‍යවස්ථානුකූල කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

නව විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන්නැයි ද ජනාධිපතිවරයා දන්වා ඇත.

Exclusive : විශ්වාස භංගයක් අලුතෙන් ‘‘විධිමත්ව’’ සම්මත කලොත් පිලිගන්න බව ජනපති දන්වයි.. විධිමත් ක‍්‍රමය මෙන්න.. එජාපය නන්නපෝල්..

කෙසේවෙතත් මෙම තත්ත්වය මත විශ්වාස භංගය විධිමත් ක‍්‍රමවේදයට ඉදිරිපත් කිරීමට නම් මුලින්ම කතානායකවරයාට සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනීමටයි.

එසේ පිළිගැනීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුව ලෙස ද පිළිගැනීමට සිදුවන අතර සභා නායක වරයෙක්, ආණ්ඩුපක්ෂ සංවිධායකවරයෙක් මෙන්ම විපක්ෂනායකවරයෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් ආදී තනතුරුවලට පුද්ගලයන් පත් කළ යුතුද වෙයි.

ඉන් අනතුරුව ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂයට ඉදිරිපත් කල හැකි අතර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීමේදී ඊට ඇතුලත් කල හැක.

විශ්වාස බංගය ගැන කටයුතු කිරීමට පක්‍ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත යුතු අතර  පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දින යොදා විවාද කිරීම සඳහා ද සැලකිය යුතු දින ගණනක් ලබාදීමෙන් පසු ඡන්ද විමසීමට ගත හැක.

පාර්ලිමේන්තුවේ විධිමත් පිළිගත් ක්‍රමවේදය වන්නේ එයයි. ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේද එම ක‍්‍රමයටයි.

එජාප ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති වෙන්නැයි ජනපති ආරාධනා කරලා..?

බහුතරය පෙන්විය හැකිනම් එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති ධූරය සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ආරාධනා කර ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.

නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති කර ඔහු සමග කටයුතු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැතැයි ජනාධිපතිවරයා දන්වා ඇති බවද එම වාර්තාවන්හි සදහන්ය.

 

5 Responses to “විශ්වාස භංගයක් අලුතෙන් ‘‘විධිමත්ව’’ සම්මත කලොත් පිලිගන්න බව ජනපති දන්වයි.. විධිමත් ක‍්‍රමය මෙන්න.එජාප ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති වෙන්නැයි ජනපති ආරාධනා කරලා..?”

  1. Randeniyage Says:

    We know Sirisena’s “විධිමත් ක‍්‍රමය”.
    Eat Aaapa from your friend at night and stab him from behind tomorrow.

    No other president has brought shame to our country than this fool.
    Time for Mahinda to support to impeach him.

  2. Randeniyage Says:

    What is stated above the word “Exclusive” may happen if Sirisena even have little bit sense left in him, but whatever nonsense after that word is a dream of a mad man and only will end up creating Indian intervention.

    Please come back to real world and think sensibly. Like Welgama’s this excellent reasoning.
    “https://www.youtube.com/watch?v=OQ2QPgXuDX8”.

    These words are wise enough to make him a real leader although a simple man. He was one man behind MR all the time but now condemned by JO. Very unfair to boot him like this.

    Murder attempt of Sirisena is completely fabricated nonsense by Sirisena, which was used by cunning fox to create this mess. It is clear to every man and woman in Sri Lanka, except to slaves of politicians.

    He could have simply kicked out Ranil and asked the cabinet to choose a new PM instead. That would have completely got rid of Ranil. What he wanted was to be the President yet again and this personal greed lead to this disaster for the country and more seriously tarnishing the image of Mahinda forever.

  3. Hiranthe Says:

    I can’t trust My3. Is this entire episode a planned move by India and the West to destroy MR and Pohottuwa. I can see Sajith becoming the next PM and MR is less than back to square one. He has lost that burning desire people had to bring him back t power and his importance has been diluted. On the other hand, he also can prove that within the few days as PM, he had done a great deal of changes to help public in day to day finances.

    If SC verdict on 7th December is in favor of dissolving the parliament, things are not as bad as they look like. MR does not need to respect the survival of My3 any more because he had already gone to a marriage with Sajith.

    Pohottuwa can contest alone and win the election and MR can put new faces like Dilshan in the propaganda wagon. But remember not to get the SLFP guys and Wadiwelu and other traitors who jumped the ship for money.

  4. Randeniyage Says:

    Surely, this entire episode a planned move by India alone ( not the west).
    Look at what has happened today in the disgusting parliament.

    As I said, the way it is proceeding, India will soon invade and install Mahinda as the Chief Minister of the Special Administrative Territory No.1(Sinhalese Ceylon) and Wigneshwaran as the Chief Minister of the Special Administrative Territory No.2 (Tamil Ceylon). This is the way people voted (latest) in the two territories.

    Are you happy ?

  5. Randeniyage Says:

    I would like to paste a link to a message from Dr. Ariyaratne.

    “https://www.facebook.com/SarvodayaSriLanka/videos/194905158054755/”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress