බලු මස් කිළෝ ග්රෑම් දහසක් සමග පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු යාපනයේ කරවෙඩ්
Posted on November 17th, 2018

දිනසේන රතුගමගේ

ඉන්දියාවේ චෙන්නායි නුවරදී 17 දා සවස  බලු මස් කිළෝ ග්රෑම් දහසක් සමග පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු යාපනයේ කරවෙඩ් ප්රදේශයේ පදිංචි කරුවකු බවට තොරතුරු හෙලිවී තිබේ.

මේ දෙදෙනා අත් අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි නුවර ජායිපූර් දුම් රිය ස්ථානය අසලදීය.

පොලීසියට ලැබුණු තොරතුරක් මත මේ දෙදෙනා අත් අඩංගුවට ගෙන ප්රශ්න කළ අවස්ථාවේදී ඔවුන් පොලීසියට පවසා ඇත්තේ ඔවුන් සේවය කරණ ආපන ශාලාවේ එළු මස් බුරියානි සදහා ඔවුන් එළු මස් රැගෙන යන බවයි.

පොලීසිය දිගින් දිගටම කළ ප්රශ්න කිරීම් වලදී ඔවුන් රැගෙන යන්නේ බලු මස් බව අනාවරණය වී තිබේ.

ඔවුන් අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ළග බලුමස් කිලෝ ග්රෑම් 150 ක් තිබී ඇති අතර ඔවුන් දෙදෙනා සේවය කරණ ආපන ශාලාව පරීක්ෂා කිරීමේදී ශීතකරණ වල දමා තිබූ තවත් බලුමස් කිලෝ 850 ක්  පොලීසියට හමු වී තිබේ.

ඉන්දියාවේ රාජස්ථාන් පළාතෙඑළුමස් බුරියානීනමින්ම පවත්වා ගෙන යන ආපන ශාලාවක එළුමස් බව පවසමින් බලුමස් යොදාගෙන කාලයක සිට මේ ජාවාරම කරගෙන යන බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

බලුමස් සමග අත් අඩංගුවට ගත් සේවකයින් දෙදෙනා එක් ස්ථානයකින් බලු මස් රැගෙන දුම් රියෙන් අදාල ආපන ශාලාව වෙත මස් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන්ව පොලීසියට කොටු වී තිබේ.

මේ ආරංචිය ලැබීමත් සමගම ආපන ශාලාවේ හිමිකරු ආපන ශාලාවෙන් පැන ගොස් ඇති අතර චෙන්නායි පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress