ඇමරිකානු තානාපතිනියගේ පාර්ලිමේන්තු ‘බ්‍රේක් ඩාන්ස්’; ඇමරිකාව මෙරට ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණයට මැදිහත් වෙයි!
Posted on November 18th, 2018

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

තමිල්නාඩුවේ විමුක්ති කොටියා වූ තොල් තිරුමාවලන් යාපනයට පැමිණ ඊළම ගැන හඬ නගයි

⋆ තමිල් සෙල්වම්ගේ බිරිය සෂිරේකා කිලිනොච්චියට පැමිණෙයි

⋆ බීබීසී සහ අල්ජසීරා ශ‍්‍රී ලංකාවට එරෙහිව සජීවී ප‍්‍රචාර මෙහෙයවයි

⋆ රාජ්‍ය නොවන සංවිධාන සහ ඇතැම් දේශපාලකයන් සුද්දන් ඉදිරියේ වැඳ වැටෙයි

‘‘වෙස් මුහුණු පැළඳගත් සතුරන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිය යුතුයි – රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්

americaවසර ගණනකට පෙර ඇමරිකාවේ ඒබ‍්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා මුහුණ පෑවේ චරපුරුෂයන් සහ ද්‍රෝහීන් රැසකටය. මෙරට වත්මන් ජනපතිවරයා අද එවැනි තත්ත්වයකට මුහුණ පා ඇත. මේ පසුබිම මැද උතුරේ බෙදුම්වාදී යක්‍ෂයෙක් දැන් විවිධ උපක‍්‍රම මගින් හිස ඔසවන බව තහවුරු වී තිබේ. එහෙත් රටේ ජනතාව උතුරේ සිදුවන්නේ කුමක්දැයි නොදනී.

පසුගිය සෙනසුරාදා තමිල්නාඩුවේ සිට යාපනයට පැමිණි තොල් තිරුමාවලන් හෙවත් විමුක්ති කොටියා පක්‍ෂයේ නායකයා ගැන රජය අවධානය යොමු කළේ නැත. කටුනායක ආගමන විගමන බලධාරීන්ද කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව තොල් තිරුමාලන්ට මෙරටට ඒමට ඉඩ දුන්නේය. මේ තොල් තිරුමාවලන් යාපනයට පැමිණියේ මල් ප‍්‍රදර්ශනයක ආරාධිතයා ලෙස සහභාගිවීමටය. එහෙත් ඔහු තමිල්නාඩුවේ මල්වගාකරුවෙක් නොවේ.

ටැමිල් නැෂනල් ග‍්‍රීන් මුවන්ට් හෙවත් කොටි හිතවාදීන් සැමරීමේ උත්සවයක් සඳහා පැමිණි තොල් තිරුමාවලන් යාපනයේදී කොටින්ගේ ජාතික පුෂ්පය පැළඳ සිටියේය.

මේ තොල් තිරුමාවලන් කවුද? ශ‍්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජාති සංහාරයක් සිදුකළ බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේ ඔහුයි. හිටපු ජනපති හිටපු ආරක්‍ෂක ලේකම් සහ වන්නි හමුදා නායකයන් යුද අපරාධ සිදුකළ බව කියමින් ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයා යුතු බවට ඝෝෂා කළේත් තිරුමාවලන්ය.

 

def1

 

එහෙත් ශ‍්‍රී ලංකාවට එරෙහි වූ මොහුට යාපනයට ඒමට දොර විවෘත කිරීම උතුරේ සිටින ශ‍්‍රී ලංකා හමුදාවට සමච්චල් කිරීමක් නොවේද? යාපනයේ කිට්ටු උද්‍යානය නමින් හඳුන්වන ස්ථානයේ පැවතියේ මල් ප‍්‍රදර්ශනයක් නොවේ. එහි පවත්වනු ලැබුවේ මියගිය කොටි මිනීමරුවන්ට ගෞරව උදෙසා පැළ සිටුවීමයි. එම අවස්ථාවට තොල් තිරුමාවලන් සමඟ උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන්ද ඔහුගේ නව පක්‍ෂයේ ආධාරකරුවෝ ද පැමිණ සිටියහ. අනතුරුව යාපනයේ කනගරත්නම් විදුහලේදී රැස්වීමක් පැවැත්වුණි.

මේ රැස්වීම ඇමතූ තිරුමාවලන් ඊලම් මව්බිම නමැති ඉලක්කය ජයගැනීම උදෙසා ද්‍රවිඩ නායකත්වය එක්සත් විය යුතු බව කීවේය.

america2‘‘ද්‍රවිඩ නිජබිම හමුදා ආධිපාත්‍යයෙන් මුදාගැනීමට නම් ද්‍රවිඩ පක්‍ෂ එක්සත්ව කටයුතු කළ යුතුයි. එලෙස එක්සත්ව කටයුතු කිරීමෙන් උතුරේ සිංහලකරණයවීම සහ සිංහල යටත්විජිතවාදය නතර කළ හැකියි යයි තොල් තිරුමාවලන් වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය සිකුරාදා (2දා) තොල් තිරුමාවලන් නැමැති බෙදුම්වාදියා යාපනයට පැමිණෙන බව අපි විශේෂයෙන් හෙළිකළෙමු. එහෙත් රජය අර්බුදයකට පැටලී සිටියේය. මේ නිසා උතුරට පැමිණෙන සතුරන් ගැන අවධානයක් යොමුවූයේ නැත. තොල් තිරුමාවලන් යාපනයට පැමිණ බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කළේය. එවැන්නෙක් වහාම පිටුවහල් නොකළේ මන්ද?

මෙවන් අයහපත් වාතාවරණයක් මැද ශ‍්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුව බිඳ වැටීම ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන විසින් ජාත්‍යන්තරකරණය කරනු ලැබීය.

එහි ප‍්‍රතිඵලය වූයේ නව විදේශ ඇමැතිවරයා විසින් කැඳවූ විදේශ තානාපතිවරුන්ගේ රැස්වීමට බි‍්‍රතාන්‍යය” නෙදර්ලන්තය” නෝර්වේ” ප‍්‍රංශය” ඔස්ටේ‍්‍රලියාව” දකුණු අපි‍්‍රකාව” ඉතාලිය සහ කැනඩාව යන රටවල තානාපතිවරු නොපැමිණීමයි. මේ රටවල් වන්නි මෙහෙයුමට එරෙහි වූවෝ වෙති.

ශ‍්‍රී ලංකාවේ මිතුරකු බවට හඳුන්වන ඉන්දියාව පවා මෙම රැස්වීමට එවනු ලැබුවේ කනිෂ්ඨ තානාපති නිලධාරියෙකි.

එහෙත් රැසියාව” චීනය” කියුබාව” තුර්කිය” පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් 20 ක තානාපතිවරු එම රැස්වීමට පැමිණ සිටියහ.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විදේශ දූත මණ්ඩල ප‍්‍රධානීන් 43 කට මේ රැස්වීමට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබූ බව වාර්තා විය.

මෙය පුදුමයක් නොවේ. නව අගමැතිවරයකු සහ විදේශ ඇමැතිවරයා පත්වූවන් විදේශ කටයුතු අමාත්‍යාංශය තවදුරටත් පාලනය කරනු ලබන්නේ යහපාලනයට සම්බන්ධ නිලධාරීන්ය. එය තහවුරු වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විදෙස්ගත ශ‍්‍රී ලාංකික තානාපති කාර්යාලවලට යැවූ ෆැක්ස් පණිවුඩය ද වෙබ්අඩවියකට ලැබීමයි.

එහෙත් 1965 දෙසැම්බර් 21 දා සම්මත වූ කිසිදු රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීමේ ප‍්‍රඥප්තිය මෙම විදේශ තානාපතිවරු බරපතළ ලෙස උල්ලංඝනය කරන බවට විදේශ කටයුතු බලධාරීන් ප‍්‍රකාශ කළේ නැත. 1981 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ ස්වෛරී රාජ්‍යයක කටයුතුවලට වෙනත් රටකට බලහත්කාරයෙන් මැදිහත් විය නොහැකි බවයි.

එසේ වූවත් ශ‍්‍රී ලංකාවේ රජය මෙරට විදේශ තානාපතිවරු එම සම්මුති උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයටද පැමිණිලි කළේ නැත.

මේ හැර මෙරට සිටින විදේශ මාධ්‍ය පවා අභ්‍යන්තර කටයුතු වලට ප‍්‍රසිද්ධියේ මැදිහත්වී සිටී. එහෙත් රජය නිහඬ වී සිටියි.

මේ අතර ඇමරිකාවේ ඩිමොක‍්‍රටික් පාක්‍ෂික කොංග‍්‍රස් සභිකයන් තිදෙනකු ද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත සංදේශයක් එවමින් ව්‍යවස්ථා යාන්ත‍්‍රණය නිවැරදි මගට ගෙන එන ලෙසත් එසේ නැත්නම් ශ‍්‍රී ලංකාවට බරපතළ ප‍්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදුවන බවත් කියා සිටී.

පසුගිය සිකුරාදා එවනු ලැබූ මේ සංදේශයට ඇමරිකානු විදේශ සබඳතා කමිටුවේ මීළඟ සභාපති එලියට් එන්ජල්” ශ‍්‍රී ලංකාව පිළිබඳ අනුකමිටුවේ ඉදිරි සභාපති ඞීනාටයිටස් සහ කොංග‍්‍රස් සභික ඬේවිඞ් ප‍්‍රයිස්ද අත්සන් කර තිබුණි. ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත එවූ එම සංදේශය කොටි ඩයස්පෝරාවට ද ලැබී තිබේ.

මේ සංදේශයේ සඳහන් කර ඇත්තේ 2015 දී යහපාලන රජය ස්ථාපිතවීමෙන් පසු ඇමරිකානු ආධාර පමණක් නොව නාවික හමුදාව සඳහා වෙරළාරක්‍ෂක යාත‍්‍රාවක් ලබාදුන් බවත් පාර්ලිමේන්තුව කැඳවා නිවැරදි මාර්ගයක රට යොමු නොකළහොත් ඇමරිකානු ආධාරවලට බලපෑ හැකි බවයි.

එහෙත් කොංග‍්‍රස් සභිකයන්ගේ තර්ජනාත්මක ලිපිය ලැබෙන අවස්ථාවේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.

මෙයට පෙර මෙම කොංග‍්‍රස් කමිටුව වන්නි මෙහෙයුම නතර කරන ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් කර යුද ආධාර ලබාදීම අත්හිටුවීමට කි‍්‍රයාකළේය.

මේ පසුබිම මැද නෝර්වේ අරමුදල් මත යැපෙන කොළඹ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ශ‍්‍රී ලංකාවට එරෙහිව මෙහෙයුම් දියත් කර ඇත.

ලබන වසරේ මාර්තු මස ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුව හමුවේ මෙම ශ‍්‍රී ලංකා විරෝධි මෙහෙයුම් දියත්වන බවට අනාවරණය වී ඇත.

මේ සඳහා දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 40 කට අධික පිරිසක් කොටි ඩයස්පෝරාව ද සම්බන්ධ වී තිබේ.

ලන්ඩන් නුවර සිට කි‍්‍රයාත්මක වන ශ‍්‍රී ලංකා කැම්පේන් නමැති සංවිධානය දැන් සිටම එම මෙහෙයුම ආරම්භ කරමින් අගමැති රාජපක්‍ෂ දසදහස් ගණනක් පුරවැසියන්ගේ ඝාතනවලට වගකිව යුතු බවට ප‍්‍රකාශ කර ඇත.

මේ බි‍්‍රතාන්‍ය සංවිධානයේ කි‍්‍රයාකාරි මණ්ඩලයේ සේවය කරන බියටේ ආන්ස්ටඞ් නමැති නෝර්වේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරිය කොටි බෝම්බකාරියන්ගේ වීරක‍්‍රියා පිළිබිඹුකරමින් චිත‍්‍රපටයක් පවා නිපදවා ලොව පුරා ප‍්‍රදර්ශනය කිරීමට කි‍්‍රයා කළාය.

මේ අතර යහපාලන රජය බිඳවැටීම ගැන විදේශ රටවල් වෙත හදිසි පණිවුඩ රැසක් යැවීමට කොළඹ ඇමරිකානු හිතවාදීහු කි‍්‍රයාකළහ.

ඒ අනුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක රොබට් පෝල් අයිනෝ” රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා හීතර් නවර් එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශක ස්ටෙප්ගේ ඩුජාරින්” මෙරට ඇමරිකානු තානාපති ඇලෙයිකා ටෙප්ලිට්ස්” හිටපු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් සමන්තා පවර්” ඔස්ටේ‍්‍රලියාවේ විදේශ ඇමතිනි ජේන්” නෝවිජියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ස්විස් තානාපති කාර්යාලය” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යශයේ ප‍්‍රකාශක රවින් කුමාර්” බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රී හියුගෝ ස්විරේ ඇමනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයේ අධ්‍යක්‍ෂ මිතාර් සිරිපල්” හියුමන් රයිට්ස් වොච් අධ්‍යක්‍ෂ බ්‍රෙඞ් ඇඩම්ස් හිටපු නෝර්වේ අගමැති ග්‍රෝ හැලම්” ජාතික රූපවාහිනියේ හිටපු නිවේදිකා ශාමිණි සේරසිංහ ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් යහපාලන රජය ඇදවැටීම ගැන කම්පනයට පත්වී ඇත.

මෙලෙස හිටපු රජයේ දේශපාලනඥයන්ගේ ඉල්ලීම මත සුද්දන් සහ ඔවුන්ගේ මෙරට සහචරයන් ජනපති සහ අගමැතිට එරෙහිව කටයුතු කරන අවස්ථාවේ මේ ද්‍රෝහි කි‍්‍රයාවන් ගැන රජයේ මාධ්‍ය නිහඬ විය.

මේ අතර සංහිඳියා අමාත්‍යාංශය බාරගත් වාසුදේව නානායක්කාර විසින් රැඳවුම් භාරයේ සිටින කොටි කි‍්‍රයාකාරීන් 110 ක් මුදාහැරීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බව අම්පාරේදී ප‍්‍රකාශ කර ඇත.

අම්පාර ශ‍්‍රීලනිප සංවිධානය සහ සමන්තුරෙයි ප‍්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය සභාපති පී. ජෙයචන්ද්‍රන්ගේ මෙහෙයවීමෙන් පැවැති රැස්වීමකදී වාසුදේව නානායක්කාර පැවසුවේ ඔවුන්ව මුදාහැරීමේ ප‍්‍රශ්නය තමා භාර ගන්නා බවයි.

මෙලෙස මුදාගැනීමට උත්සාහ කරන හිටපු කොටි කවුරුන්ද? ඒ ලයන් එයාර් යානාවට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර මගීන් 49 ක් ඝාතනය කිරීම යුද සහ නාවික භටයන් 27 ක් මරා පිළිස්සීම” විල්පත්තු වනයේදී දේශීය සංචාරකයන් මරාදැමීම” හෙලිකොප්ටර් යානාවලට ප‍්‍රහාර එල්ල කිරීම” බස් රථවලට බෝම්බ තබා මගීන් මරාදැමීම ඇතුළු යුද අපරාධ සිදුකළ කොටි මිනීවරුවන්ය.

එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් බොරු යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇති හමුදා නිලධාරීන් 56 ක් එම චෝදනාවලින් නිදහස් කරන්නේද?

වාසුදේව නානායක්කාර නිදහස් කිරීමට උත්සාහ දරන හිටපු කොටි මිනීමරුවන් මුදාහැරීම සිදුවූවොත් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවේද?

මෙම කොටි අපරාධකරුවන් මුදාහරින ලෙස කොටි ඩයස්පෝරාව ද්‍රවිඩ සන්ධානය” උතුරු පළාත් සභාවේ හිටපු මහඇමැති විග්නේශ්වරන් සහ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් ද ඉල්ලා තිබුණි.

මෙවන් පසුබිමක් මත මේ ඝාතකයන් මුදාහැරීම යනු පාවාදීමක් නොවන්නේද?

america3කෙසේ වෙතත් වසර 3 1/2 ක් තිස්සේ යහපාලන රජය යටතේ මෙරට යුද හමුදාව විදේශ රටවලට පාවාදීමේ යෙදුණු සිවිල් සංවිධාන යයි හඳුන්වාගත් එන්.ජී. ඕ කි‍්‍රයාකාරීන් සමඟ එක්ව කටයුතු කිරීමට ජනාධිපතිට සිදුවිය. මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හුලේ එවැන්නෙකි. ඔහු 1983 ජූලි කලබලයට පෙර මෙරටින් විදේශගතවූ පලාත් පාලන මැතිවරණය කල්දැමීම ගැන අධිකරණය වෙත ගියේ නැත. එහෙත් රත්නජීවන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමය. බෙදුම්වාදයට එරෙහි නොවූ හුලේ පෙඩරල් ක‍්‍රමයට පක්‍ෂපාතීවුවත් 2006 මාර්තු මස යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස හුලේව පත්කළේ එවකට ජනපතිවූ මහින්ද රාජපක්‍ෂයි.

2011 වසරේ පලාත් පාලන මැතිවරණයේදී ඊ.පී.ඞී.පී නායක ඩග්ලස් දේවානන්දා ඡුන්ද දූෂණ සිදුකළ බව දක්වමින් පොලිසියට පැමිණිලි කරනු ලැබීය. 2011 අගෝස්තු මස ඔහු පොලිසියට කටඋත්තරයක් ද දුන්නේය.

ඒ අනුව කයිට්ස් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කෙරුණි. එහෙත් රත්නජීවන් අධිකරණය වෙත ගියේ නැත. මේ නිසා 2011 අගෝස්තු මස 15 දාට පෙර අධිකරණය වෙත භාරනොවූවොත් අත්අඩංගුවට ගන්නා බට කයිට්ස් අධිකරණය සඳහන් කළේය. එම අධිකරණ නියෝගය පිළිනොගත් හුලේ මෙරටින් පැන ගියේය. මෙවන් අවමන්සහගත ඉතිහාසයක් ඇති රත්නජීවන් හුලේව මැතිවරණ කොමිසමට පත්කරන ලද්දේ කොළඹ එන්.ජී. ඕ කල්ලියේ උපදෙස් මතය.

මෙය පුදුමයක් නොවේ. ගතවූ වසර 3 1/2 ක කාලය මෙරට ආරක්‍ෂාවට” දේශපාලනය සහ විදේශ පිලිවෙතට එන්. ජී. ඕ නඩය මුළුමනින්ම මැදිහත්විය. එහි මුල් පියවර වූයේ කොටි මර්දනයට ඉමහත් සේවාවක් සිදුකළ හමුදා බුද්ධි සේවා ප‍්‍රධානි බි‍්‍රගේඩියර් සාලේ එම ධුරයෙන් ඉවත් කිරීමයි. අනතුරුව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර පැමිණියේ කොළඹ සාම වෙළෙන්දා යයි හඳුන්වන ජෙහාන් පෙරේරා සමඟය. 2016 ජුනි මස මානව හිමිකම් සමුළුවට සහභාගි වූ මංගල සමරවීර එහිදී කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සමඟ එන්.ජී. ඕ කි‍්‍රයාකාරින්ද හමුවිය.

ඉන්පසු රජය සංහිඳියා කමිටුවක් පත්කරනු ලැබීය. ඊටද එන්.ජී. ඕ කල්ලි නායකයකු වූ පාක්‍යසෝති සවරිමුත්තු යන තවත් නාඩගම්කාරයන් කීපදෙනකු අයත්විය.

මේ හැර අතුරුදන්වූවන්ගේ කොමසාරිස්වරියක් ලෙස නිමල්කා ප‍්‍රනාන්දු නැමැත්තියද පත්කෙරුණි. මේ එන්ජී ඕ කල්ලිවලින් ධුරයක් හිමිනොවූයේ 1971 හිටපු කැරලිකරුවකුවූ සුනන්ද දේශප‍්‍රිය නොහොත් රංජි මල්ලිට පමණකි.

මංගල සමරවීරගෙන් පසු ජිනීවා මානව හිමිකම් සැසිවාරයකට මෑතකදී දේශපාලනයට ආ හර්ෂ ද සිල්වා පැමිණියේය. එම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අවතීර්ණ වන දොරටුව අසලදී සමන් රත්නපි‍්‍රය 1971 හිටපු කැරලිකරුවකු වූ බඩල්ගම බර්ටි හෙවත් රංජිත් හෙන්නායක සමඟ ඔහු සාකච්ඡාවක නිරත විය.

මානව හිමිකම් කවුන්සිල ශාලාවට පිවිසෙන ස්ථානයේදී අපට තවත් පුද්ගලයකු දැකගැනීමට හැකිවිය. ඒ නිර්මාල් රංජිත් දේවසිරි නැමැත්තායි.

මේ අතර මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන එන්.ජී. ඕ සංවිධාන වලට 2011 වසරේදී පමණක් රුපියල් 13926629”942 ක මුදලක් ද 2012 දී රුපියල් 11488308761 ක්ද 2013 දී රුපියල් 10840293”929 ක්ද ලැබී ඇත.

මෙරට මේ වනවිට එන්.ජී. ඕ 1065 ක්ද විදේශ එන්. ජී. ඕ. 381 ක්ද ලියාපදිංචිවී තිබේ. එසේම ගතවූ වසර 20 කදී එන්.ජී. ඕ වලට ලැබුණු අරමුදල් සම්බන්ධව ලිපි ලේඛන අතුරුදන්වී ඇත.

මේ නිසා මේ අරමුදල් වැයකරන්නේ ආණ්ඩු පෙරළීමට බව තහවුරු නොවන්නේද?

මේ අතර ජාතික රූපවාහිනියේ හිටපු ඉංග‍්‍රීසි නිවේදිකාවක් වූ ශාමිනි සේරසිංහ නැමැත්තිය රටේ ජනතාවට නැගී සිටින ලෙස ඉල්ලා ඇත. එහෙත් රටේ බහුතරය ඇය කවුද කියා නොදනී. ප‍්‍රභාකරන් ඝාතන සිදුකරද්දී මේ නිවේදිකාව සිටියේ කොහේද යයි විමසිය යුතුව ඇත. ඇය තවදුරටත් මහා සංඝයා වහන්සේලාගෙන් ඉල්ලා ඇත්තේ නැගී සිටීමට කාලය පැමිණ ඇති බවත් රට බේරාගැනීමට ජනතාව ඒකරාශි විය යුතු බවත්ය. එදා කොටි ඝාතකයන් කොටුවේ මහ බැංකුවට ප‍්‍රහාර එල්ල කර මහා විනාශයක් සිදුකරද්දී රටේ ජනතාව ත‍්‍රස්තවාදයට එරෙහිව නැගී සිටිය යුතු යැයි ඇය පැවැසුවේ නැත.

මෙවන් පසුබිමක් මැද වසර 200 ක සිරදඬුවමකට නියම වූ කොටුවේ මහ බැංකු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන් තිදෙනාගේ අභියාචනය විනාශයට නොගෙන නිෂ්ප‍්‍රභා විය.

විග්නේෂ්වරන් පතිරන් – සිවකුමාර් සහ සෙල්වකුමාර් නර්මදන් නමැති මෙම කොටි කි‍්‍රයාකාරීන්ට 2002 දී කොළඹ මහාධිකරණය විසින් එකී සිරදඬුවම නියම කෙරුණි.

america4

මෙවන් පසුබිමක් මැද පසුගිය වසර 3 1/2 තිස්සේ රණවිරුවෝ මිනීමරුවෝ බවත් දන්වමින් ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුද්ධ අපරාධ චෝදනා සාවද්‍ය යයි පැවසූ නේස්බි සාමි වරයාට අවමන් කිරීමේ යෙදුණු රජයේ මාධ්‍ය එකවරම මළවුන්ගෙන් අවදිවූවාක් මෙන් නේස්බි සාමිගේ ගුණ වැඞීම ආරම්භ කර ඇත.

එහෙත් වන්නි මෙහෙයුම සමයේ මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකව සිටි ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් වාර්තා ලබාගත් නේස්බි සාමිවරයා පිටු 49 ක එම ලියවිලි මෙරට මාධ්‍ය අතරින් ලබාදුන්නේ මාහට පමණකි. එම වාර්තාව මම හෙළිකළෙමි.

මේ වසරේ ලන්ඩන් නුවර සාම මන්ත‍්‍රී මණ්ඩල ශාලාවේදී ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ප‍්‍රධානින් සමඟ මම නේස්බි සාමිවරයා හමුවුණෙමි. එහිදී ඔහු පැවැසුවේ ලූතිනන් කර්නල් ගෑෂ්ගේ රහස් ලියවිලි ශ‍්‍රී ලංකාවේ රජය (යහපාලන) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර නැති බවයි.

මේ අතර ඇමරිකානු කොන්ග‍්‍රස් කමිටුව ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණය කළ යුතු බව ප‍්‍රකාශ කර ඇත.

බිල් ජොප්සන් සහ ඩැනි ඬේවිස් නමැති කොංග‍්‍රස් සභිකයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකට කොටි හිතවාදිනියක් වූ ඇන්ජිලා මනිවන්තන් නැමැත්තිය මැදිහත්වී ඇත.

මෙහිදී ඇය පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා රජය යුද විරුවන් යයි හඳුන්වන නිලධාරීන්ට දඬුවම් නොකරන බවයි.

තමිල් සෙල්වම්ගේ බිරිය වූ සශිරේකා ද මේ සතියේදී ප‍්‍රංශයේ සිට කිලිනොච්චියට පැමිණියාය. ඇය හිටපු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිතරන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

සෂිරේකා මෙරටට පැමිණියේ විග්නේෂ්වරන්ගේ නව පක්‍ෂයෙන් ඡුන්දය ඉල්ලීම බවට වාර්තා වී ඇත.

මේ අතර කොළඹ බටහිර තානාපතිජාලය මෙරට අභ්‍යන්තර කටයුතු වලට ප‍්‍රසිද්ධියේම මැදිහත්වූ ආකාරය පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ දැකගැනීමට හැකිය. එහි මූලිකත්වය ගත්තේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිස්ය. ඇය තම සහචර තානාපති කණ්ඩායම සමඟ පාර්ලිමේන්තුව කැදවීමේ අවස්ථාවට කල්තියා පැමිණ සිටියාය. මේ තානාපති නිලධාරීන්ගේ සමහරෙක් පාර්ලිමේන්තුවේ සිදුවීම් ඡායාරූපගත කළ අතර ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් පසු අත්පොලසන්දෙන අයුරුත් අනාවරණය විය. මේ අන්දමට ඉන්දීය සහ රුසියානු පාර්ලිමේන්තු වලදී හැසිරීමට බටහිර තානාපතිවරුන්ට ඉඩ ලැබේද?

පාර්ලිමේන්තුව කැඳවීමේ අවස්ථාවට සහභාගිවීමෙන් පසු ඇය පැවසුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කි‍්‍රයාත්මක වන අයුරු තමා දුටු බවයි.

එහෙත් ඇමරිකාව විසින් සිරියාවට බෝම්බ දමා සිවිල් වැසියන් දහස් ගණනක් මරාදැමීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයද?

මෙලෙස පාර්ලිමේන්තුවේ අර්බුදයක් මතුවූ අවස්ථාවේ උතුරේ ද්‍රවිඩ කාන්තාවන් පිරිසක් ශ‍්‍රී ලංකා රජය ද්‍රවිඩයන් මරණවෝ යැයි කෑ ගසමින් ට‍්‍රම්ප්ගේ ඡායාරූපය සහ ඇමරිකානු ධජය ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයක් පවත්වනු ලැබීය.

america5

One Response to “ඇමරිකානු තානාපතිනියගේ පාර්ලිමේන්තු ‘බ්‍රේක් ඩාන්ස්’; ඇමරිකාව මෙරට ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණයට මැදිහත් වෙයි!”

  1. Ancient Sinhalaya Says:

    Us, uk, norway, india etc. etc. have been trying to dismember Mother Lanka for a number of reasons. They desperately want to stop Chinese domination in the indian ocean. Then they want to secure tamil diasporats votes
    in those countries. They are also very keen to get rid of Buddhism (the only true religion in the world) and make
    Sri Lanka a religion of conveniences country. All honest people in the world know there is no creator god after
    Charles Darwin showed how all the creatures in the world came to being with his Theory of Evolution which has
    been accepted to be more than 100% true. Wandakaya has shown its true colours by inviting all ambattayin from
    us, uk etc. and asking them not to send any tourists from their countries, thereby putting 1000s of job in
    jeopardy to get the low life’s job back.

    During the last 3 and half years, Sri Lanka was run by the biggest traitor ever in the history of the country, traitor
    chief die hard catholic token Buddhist bay gal karaya chief samanalaya mega thief mega thakkadiya walking
    crime bomb (against Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) Batalande Wandakaya Pol Pot r@ni_leech
    wickrama Sinhala killer, and all those vultures were busy trying to dismember the country. Luckily for Mother
    Lanka, MY3 took timely action to get rid of the Wandakaya. Today pathetic traitor low life is trying so hard to get
    the job back by promising tamils their drealam, mussies their mussiesthan etc. All ambatta thanapathiyans also
    want their puppet back in the helm and trying so hard to reinstate the mass murderer. What these desperate
    ambattayin don’t understand is, the wandakaya is a spent force now. It will only be firing blanks! Don’t try to
    resuscitate a carcass. Wandakaya is dead and buried. For the mass murders (Sinhalese Buddhists only), mega
    robberies, mega lies, mega treacheries, mega lies the low life has committed during the last 40 years, the time
    has come for the low life to suffer. It is all Buddhism you traitor chief. You were a token Buddhist and never
    learned the reality with your religion of convenience which don’t regard killing, stealing, lying etc etc as sins. At
    least get lost now you pathala low life.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress