දෝශ සහගත තත්වයන් මාගේ කරපිටින් යවා, සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් නිදොස් වීමේ නිර්ලජජිත උත්සාහයක්-ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රසන්න රණවීර
Posted on November 19th, 2018

මාධ්‍ය නිවේදනයයි ප්‍රසන්න රණවීර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

රට තුළ පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ මතුව ඇති සිය`ථ දෝශ සහගත තත්වයන් මාගේ කරපිටින් යවා, සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් නිදොස් වීමේ නිර්ලජජිත උත්සාහයක් පිළිබ`දව මාහට සැලවී ඇත. විශේෂයෙන්ම ජනමාධ්‍ය ඔස්සේ වරින් වර මාගේ දර්ශන හා ඡායා රූප පෙන්වමින් ඒවාට විවිධ අර්ථ කථන දෙමින් කටයුතු කරන ආකාරයක් දැකිය හැක. එවන් ක්‍රියාවන් පෞද්ගලිකව මා වෙත කරන බලපෑමට වඩා, මේ මොහොතේ මාගේ අවධානය යොමුව ඇත්තේ විජාතික අවශ්‍යතාවන් මත, විවධ පාර්ශවයන් විසින් ප්‍රජාත්‍රන්ත්‍රවාදී යැයි පෙන්වමින්, රටට සිදුකිරීමට උත්සාහ ගන්නා අනර්ථකාරී කි්‍රයාවන් පරාජය කිරීමට බව ඔබ වෙත ගෞරවයෙන් සිහිපත් කරමි.

විශේෂයෙන්ම මිනීමරු ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට බෝම්බ ගසා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්ත්‍රවාදයට එල්ල කල තර්ජනයට නොදැවෙනි තර්ජනයක් කරු ජයසූරියගේ ඒකාධිපති වියරුව විසින් මේ වන විටත් සිදුකරමින් සිටී. මෙය තව දුරටත් නොසලකා හැරීමට නොහැකි වන්නේ, මේ ආකාරයටම ඔවුහූ හදිසි පනතක් හො ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රට දෙකඩ කිරීමට ගන්නා උත්සාහයක් පිළිබ`දව දැනටමත් ඉ`ගි පළවී ඇති බැවිනි. ඔහුගේ එම උන්මත්තක භාවය පරාජයකොට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ආරක්ෂා කිරිිම වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට මහජන නියෝජිතයෙකු ලෙස මා බැදී සිටින අතරම, ඒ සදහා මා කිසිවකුට පසුබට නොවෙමි. එය රට පිළිබ`දව සිතන ඕනෑම අයෙකු= විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයක් බව දේශජ සියනෑ පුත්‍රයෙකු ලෙස මම තරයේ විශ්වාස කරමි.

ජවිපේ ටී එන් ඒ එජාප හවුල විසින් පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්ත්‍රවාදයට එල්ල කල තර්ජනය පූර්ණ වශයෙන් ආරක්ෂා කරමින් සිටින කරූ ජයසූරිය මෙහෙයවන එජාප මැරයන්ට එරෙහිව පෙනී සිටි මා ඒ වෙනුවෙන් අනුගමනය කළ ක්‍රියා මාර්ග තුළ, රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමේ චෙතානාවක් හෝ අදහසක් කිසිසේත්ම නොවූ බව අවධාරණය කරමි.

එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළට කරු ජයසූරිය පෙරටු කොට පැමිණියේ පොළිස් නිළධාරීන්ද? යන්න, අද වෙනතුරුත් කිසිදු උසස් පොලිස් නිලධාරියෙකු විසින් සනාත කොට නැති අතර, පොලිස් නිල ඇ`දුමක තිබිය යුතු නිල ලාංඡන හෝ අංක කිසිවක් ඔවුන් සතු නොවීම හේතුවෙන් ඔවුන්ද එජාප මැර හමුදාවක් ලෙස ඒ මොහොතේ වැටහී යාම නොවැලැක්විය හැකිය. කෙසේ වෙතත් කරූ ජයසූරිය ඇතු`ථ එජාප මැරයන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඒ මොහොතේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට යම් අපහසුතාවක් වී නම් පිළිබදවද මාගේ කනගාටුව ද නිහතමානීව ප්‍රකාශ කරන අතරම, පොලිස් හා රාජ්‍ය නිලධාරීන්, තම මජර දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු කළ කරූ ජයසූරිය ප්‍රමුඛ නඩයෙහි ක්‍රියා කලාපය තරයේ හෙලා දැකීමටද මෙය අවස්තාවක් කර ගනිමි.

ප්‍රසන්න රණවීර
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress