අද සිදුවන්නේ කොලඹුන්ගේ ද්‍රෝහී පාවාදීමේ දේශපාලනය හා ගැමි දේශපාලන අපේක්ෂා අතර සිදුවන බල අරගලයකි – Part 1
Posted on November 24th, 2018

Keerthi Godayaya

ශ්‍රී ලංකාවේ අද පවත්නා දේශපාලන අර්බුදය පිළිබඳව රටේ ජනමාධ්‍යය තුල සිදුවන සාකච්චා හා දේශපාලන සංවාද වලදී වැඩි අවදානයක් යොමු නොවූ කරුණක් පිළිබඳව පාඨක අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුනයි.

සියලුම ප්‍රකාශිත හා අප්‍රකාශිත හේතුනට අමතරව අද පවත්නා දේශපාලන අරගලයේ ප්‍රධානතම, එහෙත් විව්ර්තව ප්‍රකාශ වී නොමැති හේතුවක් වන්නේ එය ශ්‍රී ලංකාවේ සිංහල කතා කරන ග්‍රාමීය දේශපාලන බලවේග හා ඉංග්‍රීසි කතා කරන නාගරික කොම්ප්‍රදෝරු පන්තිය, එසේ නොමැතිනම්, ගුණදාස අමරසේකර මහතා හඳුන්වන පරිදි, ‘කොළඹ තුප්පහි පන්තිය’ අතර සිදුවන දේශපාලන බල අරගලයක් බවය. 

නිදහස් ශ්‍රී ලංකාවේ රාජ්‍යය බලය ග්‍රාමීය පදනමක් ඇති නායකයෙකු විසින් අත්පත් කර ගත්තා නම් එසේකල පළමු වැන්නා ලෙස හඳුනා ගත හැකි වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. ඉංග්‍රීසි කතා කරන කොළඹ කොම්ප්‍රදෝරු පන්තියට පරිබාහිරව බලය අත්පත් කරගත් පුද්ගලයෙකු ලෙස හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාව හඳුනා ගත හැකි වුවද, ඔහුට ග්‍රාමීය පදනමක් නොතිබූ නිසාත්, එතුමා කොළඹ නාගරික සංස්කෘතියේම නිෂ්පාදිතයක් වූ නිසාත්, තර්කයේ පහසුව තකා එතුමාව ග්‍රාමීය නායකත්ව කුලකයෙන් මම බැහැර කරමි. අනතුරුව මෙම ග්‍රාමීය දේශපාලන නායකත්වයට නාගරික කොළඹුන්ගේ කරපිටින් එක්වූ තැනැත්තා වන්නේ මෛතිීිිූපාල සිරිසේන මහතාය.

එකල, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ හිඳ ගැනීම බටහිර න්‍යාය පත්රයනට අනුව වැඩ කරන කොළඹ පාලක පන්තිය හා ඔවුන් මෙහෙයවූ බටහිර බලවතුන් ලැබූ විශාල දේශපාලන පරාජයක් විය. එය ඔවුන් දුටුවේ විශාල දේශපාලන තර්ජනයක් ලෙසය.    

පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ කලාපයන් පාලනය කලදා සිට ආරම්භව, ලන්දේසි යුගයේදී තවදුරටත් වැඩි දියුණු කර ගෙන, ඉන් අනතුරුව ඉංග්‍රීසි පාලන කාලයේදී පරිසමාප්තිය කරා ලඟා කරගත් කොළඹ බටහිර යටත්විජිතවාදීන්ට ගැති ලුම්පන් පන්තිය විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අත්පත් කර ගැනීම හා එය පවත්වා ගැනීමේ ව්‍යාපෘතිය ප්‍රථම වරට ග්‍රාමීය ජනයාගෙන් අභියෝගයට ලක් වන්නේ හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමගය. දේශීය ජනයාට එරෙහිව යටත්විජිත වාදීන්ට ගතු කියමින්, රට පාවා දෙමින් ඔවුන්ගේ සුරතල් බලු කුක්කන් බවට පත් වී සිටිමින් සියලු වරප්‍රසාද ලබාගත් මෙම තුප්පහියන් එවකට බලයට පත් මහින්ද රාජපක්ෂව දුටුවේ තමන්ගේ වරප්‍රසාදීත දේශපාලන බල තුලනය අප්සෙට් කිරීමට පැමිණි ගොරක යකෙක් ලෙසය. කොළඹුන් මහින්දගේ ගොරකත්වය ලෙස හැඳින්වුයේ රාජපක්ෂ සතුව පැවැති සිංහලත්වයටය. ඔහු සතුව කොළඹ තුප්පහි ගතිය අඩු කමය.

නමුත් සිංහල කතා කරන ශ්‍රී ලංකාවේ සුවහසක් ගැමි ජනයා මහින්ද කෙරෙහි ආකර්ශනය වීමේ රහස වුයේද කොළඹ ලුම්පන් පන්තියේ අවඥාවට හා හාස්‍යයට ලක්වූ ඉහත කිව් ඊනියා “ගොරකත්වයයි.”  එනම් ඔහු සතුව පැවැති සිංහලත්වයයි.

මහින්ද පරාජය කිරීමේ ක්‍රියාදාමය විවිධ අවස්ථා වල විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක කොට අත්හදා බලා අසාර්ථක වූ කොලඹුන් හා ඔවුන්ගේ බටහිර හාම්පුතුන් අවසානයේදී ඉහතකී “ගොරකත්වය” ශ්‍රී ලංකා ජනයාගේ ආකර්ෂණය දිනාගත්, පරාජය කල නොහැකි සැබෑ දේශපාලන කොලිටියක් බව තේරුම් ගත්හ.

ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයේ නව ලිබරල් වාදී දේශපාලන ධජය, ඇමෙරිකා එක්සත් ජනපදයේදී අද සිදුවී ඇති ආකාරය අනුව යමින් සම්ප්‍රදායික ධක්ෂිනාන්සික බලවේග වෙතින් ගිලිහී ගොස් තිබිණි. එය ලිංගික අනන්‍යතා නිදහස (identity politics) වෙනුවෙන් සටන්කරන කණ්ඩායම් විසින් උදුරාගෙන තිබිණි. ජන්නධිපති සිරිසේන මහතා සමනල රැළ ලෙස හඳුන්වන්නට යෙදුනේ මෙම නව දේශපාලන කණ්ඩායම යයි මම සිතමි. 

තුන්වන ලෝකයේ රටවල් විනාශ කොට ගල් යුගයට දක්කාගෙන යන, ඇමෙරිකාවේ යුධවාදී නව යටත්විජිතවාදී දේශපාලන න්‍යායපත්‍රය එමරටේ අනන්‍යතා නිදහස වෙනුවෙන් සටන්කරන කණ්ඩායම් විසින් අද දවසේ ජන මාද්‍යය තුල හා අනෙකුත් දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්තාන තුල මෙහෙයවනවා සේම, ලංකාවේද කොළඹුන්ගේ අධිපතිවාදී, නව යටත් විජිත වාදී,  අභ්‍යන්තර කොලනිවාදී (internal colonialist) දේශපාලන න්‍යාය පත්‍රය මෙහෙයවීම අද වනවිට අතට ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලය ග්‍රහණය කොට නතු කරගෙන සිටින්නාවූ නාගරික ලුම්පන් සංකෘතියේ කොටස් කරුවන් වන දේශීය ලිංගික ‘අනන්‍යතා නිදහස’ (identity politics) වෙනුවෙන් සටන්කරන කණ්ඩායම් විසිනි.

 දේශපාලන සුලුතරයින්ගේ අයිතීන් (minority political rights) වෙනුවෙන් සටන් කරන කණ්ඩායම්, අන්ත දක්ෂිනාන්සික නව යටත්විජිටවාදී දේශපාලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් පෙනී සිටීම දෛවයේ සරදමක් නොවේද? බටහිර බලවතුන්ගේ සෘජු ප්‍රහාරයට ලක්ව තිබෙන සිංහල ජනයා පරිපීඩිත ජන කණ්ඩායමක් ලෙස ශ්‍රී ලාංකික දේශපාලන කතිකාවත තුල නොපිලිගනීමම රටෙහි පවත්නා දේශපාලන තත්වය වැරදි ලෙස කියවා ගැනීමක් ලෙස මෙම ලේඛකයා හඳුනාගනී.

හරිනම් සකලවිධ පරිපීඩිත ජනයා කල යුතුව තිබුනේ සිංහල පරිපීඩිත ජනයා සමග එක්ව සැබෑ පීඩකයා හඳුනාගෙන ඔවුනට එරෙහිව සටන් කිරීමය. ඔවුන්ගේ සටන තිබෙන්නේ සැබෑ පීඩකයා වන කොළඹ තුප්පහි පන්තිය හා ඔවුන්ගේ විදේශීය නව යටත්විජිත වාදී න්‍යායපත්‍රයට එරෙහිවය. එසේ වුවත් සිදුව ඇත්තේ එහි ප්‍රති විරුධ්ධයයි.

ඉහත කී පසුබිම තුල රාජපක්ෂ පරාජය කිරීමට නම් හරියට සිංහල උචාරණය කර ගැනීමටවත් නොහැකි රනිල් වික්‍රමසිංහ නමැති, තාලයට අත්පුඩියක්වත් ගහ ගන්නට බැරි අයෙකුට නොහැකි බව තේරුම් ගන්නා විජාතික බලවේග, රාජපක්ෂට එරෙහිව ඔහු සතු “ගොරකත්වය” අභිබවා යන සුපිරි “ගොරකත්වයක්” ඇති දේශපාලන විකල්පයක් සෙවීමට යුහුසුළු විය. කොළඹ තෙර්ස්ටන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ගොරක යකා” පරාජය කිරීමට පොළොන්නරුවේ ඈත පිටිසර ගොවි පවුලකින් පැවත එන, පොළොන්නරුවේ තෝපාවැව මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සුපිරි “ගොරක යකෙක්” තෝරා ගන්නේ එපරිද්දෙනි. මෙම දේශපාලන තරඟයේදී වඩාත් ග්‍රාමීය පසුබිමකින් පැවත ආ මයිත්රීපාල සිරිසේන මහතා වෙත චන්දදායකයින් වඩාත් ආකර්ෂණය විය. 

මෙම බලය පැහැර ගැනීමේදී ඉත්තෙකු ලෙස යොදාගත් සිරිසේන මහතාගේ කාර්යය ලෙස කොලම්බුන් දුටුවේ හුදු ඉත්තෙකු ලෙස පෙනී සිට, සැබෑ බලය මෙහෙයවීම වික්‍රමසිංහ මහතා වෙත පැවරීම පමණි. රනිල්ට ජනතා පදනමක් නොමැති බව රනිල් මෙන්ම මෛතීුද දනී.

ජනතාව පැත්තෙන් ගත් කල මෙය නංගි පෙන්වා අක්ක දීග දුන්නට වඩා හපන් දෙයකි. තමන් බලය දුන්නේ මෛත්‍රීට වුවත් බලය මෙහෙයවන්නේ රනිල් බව දකින ජනයාට සිදුවුයේ නංගි සමග දීග ගියා යයි කියා සිතා හනිමූන් ගියද, රනිල් නමැති බටකොළ ආච්චිව මංගල යහනේදී හමුඋනා වැනි දෙයකි.

නමුත් සිදු වුයේ කුමක්ද? ගම මුල් කරගත් දේශපාලනයකට, කොළඹුන්ගේ තුප්පහි දේශපාලනයත් සමග එකගෙයි කෑම කිසිසේත්ම කළ නොහැකි බව පැහැදිලි වීම නොවේද? කොළඹ දේශපාලන න්‍යායපත්‍රයේ අයිතිහාසික කාර්යභාරය වන්නේ ගම හිස එසවීම වැළැක්වීම බව මෙහිදී මතුපිටට පැමිණ හෙළිවූ කරුණකි. එනම් 1815 දී දේශීය ජනයාගෙන් උදුරාගත් දේශපාලන බලය, එම දේශීය ජන බලය නියෝජනය කරන ගැමි ජනයා අතට නැවත පත්වීම වැළැක්වීම කොළඹුන්ගේ අයිතිහාසික දේශපාලන කාර්යභාරය බවය.

ජනාධිපති සිරිසේන මහතාගේ ජාතිය අමතා කල කතාවෙන් පැහැදිලි වූ කරුණක් වුයේ, ඔහු ජනාධිපති වුවද, අගමැති ඔහු යටතේ ක්‍රියාත්මක විය යුතුව පැවතියද, වික්‍රමසිංහ මහතා ඔහුව   ගනං නොගෙන ක්‍රියාත්මක වූ බවය. 

කොළඹ ඉපිද කොළඹ හැදී වැඩී, එහිම පාසැල් ගිය මෙම ලේඛකයා ගැමියන් පිළිබඳව කොළඹුන් සතු පරිභාවාත්මක ආකල්ප පිළිබඳව මෙසේ සටහන් කරන්නේ තවත් එක් කොළඹෙකු ලෙස ඔවුන් පිලිබඳ මනා වැටහීමකින් යුතුවය. වික්‍රමසිංහ මහතා ජනාධිපති සිරිසේන අධෝ වාතයක් තරමටවත් ගනං නොගෙන ක්‍රියා කිරීම පුදුම වීමට කරුණක් නොවේ. එය කොළඹා ගේ ලේ වල තිබෙන දෙයකි.

හිටපු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති සිරිසේන මහතා තුට්ටුවකටවත් මායිම් නොකිරීම හට ගන්නේ කොළඹුන් සතු අධි මානයේ ප්‍රකාශනයක් ලෙසය. හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුංග මතිනියටද වික්‍රමසිංහ මහතා සමග වැඩ කරද්දී මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වුවද, මෙවර සිරිසේන මහතා සහ වික්‍රමසිංහ මහතා අතර හට ගන්නා බල අරගලයේ මුලය වන්නේ ගම සහ කොළඹ අතර ඇති බල අරගලයේම කොටසක් ලෙස බව ජනාධිපති සිරිසේන මහතාගේ කතාවෙන්ම හෙළිවේ.

කොලඹා විසින් ගැමියා පහත්කොට සැලකීම බ්‍රිතාන්‍යයින් විසින් තම කොලනීන් තුල එකම ජාතිය කොටස් වලට බෙදා වෙනකොට පාලනය කිරීම අරභයා නිර්මාණය කල සංස්කෘතික විභේදනය හා ඉංග්‍රීසි සංස්කෘතිය අනුදත් දේශීයයන් මුල්කොට බිහි කල අධිපතිවාදී මානසිකත්වයේ ප්‍රතිපලයකි. රටේ ව්‍යවස්ථාව නොතකා පස්සදොරින් බලයට ආ විගස වික්‍රමසිංහ මහතා කලේ තමා සහ සිරිසේන අතර ඇති සංස්කෘතික වෙනස බටහිර ලෝකයට පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කිරීමය. එලිසබත් මහා රැජින බකිංහැම් මාලිගයට ගෙනිච්චත් ගමේ සිරා සිරාමයි, නමුත් මම එහෙම නෙවෙයි, මම තමයි සුද්දට වඩාත්ම කිට්ටු කියා පෙන්වීමට හැකි හැම පියවරක්ම රනිල් වික්‍රමසිංහ මහතා ගත්තේය.  

මෙහිදී වික්‍රමසිංහ මහතා කල පළමු කාර්යය වුයේ තම ස්වාමීන් වන බටහිර බලවතුනට සංකේත භාෂාවෙන් පණිවුඩ දීමය. එනම් වෙනත් විදියකින් කිවහොත්, ප්‍රංශ ජාතික දර්ශනවාදීන් වන Ferdinand de Saussure, හා Roland Gérard Barthes වැන්නවුන් විසින් හඳුන්වා දී ඇති පරිදි නිමිති ධර්මවාදයෙන් (semiotics) පණිවිඩ දීමය. 

වික්‍රමසිංහ මහතා අගමැති වූ වහාම අන්තර්ජාලයේ විකිපීඩියා පිටුවට දමාතිබු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල පටුවේ ඡායාරුපයේ ඇමෙරිකානු ජාතික ධජය රනිල් වික්‍රමසිංහ මහතා පසෙකින් පෙනෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම අත් වරදක් හෝ අහඹුවක් සේ සැලකිය නොහැක. (දැන් එම පිටුව වෙනස් කොට ඇත)  

අනතුරුව වහාම අර්යසිංහල කමිසය, එනම් ඔහුට අනුව කපටි සුට් එක ගලවා විසි කර, ටයි කෝට් දමා ගැනීමටත්, එසේ ඇඳ ගෙන පාර්ලිමේන්තුවට යාමටත් පටන් ගත්තේ ද ඉහත කී අකාරට බටහිර ස්වාමීනට (semiotic) පණිවිඩ දීමටය. නමුත් ඉතාමත්ම හාස්‍යජනක කාරණය වන්නේ, ජනාධිපති සිරිසේන මහතා විසින් වික්‍රමසිංහ මහතාව කනෙන් අල්ලා එලියට ඇද දැමු විගස, තකහනියෙම වික්‍රමසිංහ මහතා නැවතත් කපටි සුට් එකට බැසීමය. මන්ද, දැන් ඔහුට රැවටීමට ඇත්තේ සිංහල ජනයා වන බැවිනි.  අධික ශීත දේශගුණයෙන් පරිපීඩිත බටහිර ජනයාට ටයි කෝට් එක යනු ඇඳුමක් වුවද, ෆැරන්හයිට් අංශක 100 ක උෂ්ණත්වයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටකදී ටයි කෝට් යනු සංස්කෘතික සංකේතයක් බව වටහා ගැනීම මෙහිදී වැදගත්ය. 

මෙම සංස්කෘතික සංකේතය පැළඳගෙන අවශේෂ ලෝකයට අපගේ ශිෂ්ටාචාර ගතවීම පිලිබඳ පණිවිඩ දීමට අප කෙතරම් දුරට නම් පරිපීඩනයට පත්වෙනවාද? සුද්දට පෙර ශිෂ්ටාරගතවූ අපි, අද සුද්දගේ ඇඳුම ඇඳගෙන දාඩිය පෙරාගෙන සුද්ද අපේ රටට අවාට පසු අපි ශිෂ්ටාචාර ගත උනා වගේ ඇඳගෙන ඉන්න විට, අපේ අයිතිහාසික කතාව රනිල්ට වඩා හොඳින් දන්නා සුද්දට අධෝ මුඛයෙන් හිනා යන එක අහන්නත් දෙයක්ද?

ගොනාට ඇඳගෙන ඉන්නවා වගෙයි කියල සුද්ද කියන්නේ මෙන්න මේවට නේද. අන්න ඒවගේ අපේ හිටපු අගමැති තුමාත්   ගොනාට ඇඳගෙන පාර්ලිමේන්තුවේ හැසිරුනේ හරියට පුංචි ළමයෙක් ලොකුම සෙල්ලම් බඩු සාප්පුවට හොරෙන් ඇතුළුවෙලා මුරණ්ඩු ලෙස පිස්සු කෙලින ආකාරයටය.  

ජාතික වැදගත් කමකින් යුතු ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේදී ඇසූ කල එම ප්‍රශ්න වික්‍රමසිංහ මහතා විසින් විහිළුවට ගන්නා ආකාරය අන්තර් ජාලයෙන් අනන්ත අප්‍රමාණව අපි දැක ඇත්තෙමු. තමාගේ ආරක්ෂාවට බටහිර රටවල් ඉන්නාබව දැනගෙන සිටි වික්‍රමසිංහ මහතා හැසිරුනේ හරියට STF එක තමා වටේ ආරක්ෂාවට තියාගෙන කරාටේ කුන්ෆු දන්නවා යයි කියමින් අනුනට තර්ජනය කරන, පූචානම් දොඩවන මානසික රෝගී චතුර සේනාරත්න වගේය.

To be continued.

3 Responses to “අද සිදුවන්නේ කොලඹුන්ගේ ද්‍රෝහී පාවාදීමේ දේශපාලනය හා ගැමි දේශපාලන අපේක්ෂා අතර සිදුවන බල අරගලයකි – Part 1”

  1. Dilrook Says:

    Interesting to see where the Colombo premier private school and British educated, highly westernized and extremely capitalist children of rural politicians fit in. Colombo crowd doesn’t vote for them. So they fool the rural masses despite their westernized nature. For this reason, the rural crowd will lose once again.

  2. Randeniyage Says:

    “හරියට සිංහල උචාරණය කර ගැනීමටවත් නොහැකි රනිල් වික්‍රමසිංහ”
    He can’t even do English උචාරණය properly. Compare him with JR and see for yourself.

    Don’t try to create another separation between Colombo and the Village. We need unity now, not separation and disintegration of Sinhalaya from different areas of the small island.
    Sure, there was Sinhala speaking people and English speaking society but it is no more now.

    Mahinda’s sons all went St. Thomas’s college, the best English speaking school in Sri Lanka. There are great patriots originated form this great Colombo school. Even MP and ex-minister Welgama went the same school. Mahinda is married to a Colombo top English speaking Catholic woman. His whole family is fully Westernized and his brothers as US citizens ( Dudley, Basil and Gota). Not sure about others, but Dudley married a girl went Vishka College.

    Ranil’s family also originated from Galle, not form Colombo. Just because one man, you can’t condemn all those studied in English or the English speaking Colombians. There are good Colombians and bad Colombians.

  3. Christie Says:

    D S Senanayaka, Duddley, Sir John thegratest Village Sinhalese not Indian shit dressed in Vettis. Mahinda never sucked to India or Indian Colonial Parasites.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress