රනිල් අගමැති කරන්න ආ දෙමල සන්ධානයට ජනපති ගිනි පන්දමක් හිසේ බැද ආපසු යවයි.. ඒ හීනෙත් අහවරයි..
Posted on November 30th, 2018

 lanka C news

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නැත්තේ නම් නැවත වතාවක් විධිමත් ආකාරයෙන් විශ්වාසභංගයක් ගෙනවිත් එය සම්මත කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වෙත සඳහන් කර තිබේ.

අද පස්වරුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ඉදිරියේදී ඉදිරිපත් වන විශ්වාස භංගයේ ප්‍රතිඵල මත තමන් තීරණයක් ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

පසුගිය දා සම්මත කළේ යැයි කියන විශ්වාසභංගයක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයක් මත පිහිටා සම්මත කළ ඒවා නොවන නිසා මෙවර හෝ ඒ මත පිහිටා විශ්වාසභංගය ගෙන එන ලෙස ද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.

රනිල් අගමැති කරන්න ආ දෙමල සන්ධානයට ජනපති ගිනි පන්දමක් හිසේ බැද ආපසු යවයි.. ඒ හීනෙත් අහවරයි..

මේ තත්ත්වය මත එළඹෙන 07දා නඩු විභාගයට පෙර විධිමත් ක්‍රමවේදයට විශ්වාසභංගයක් ගෙන ඒම දැඩි අසීරු තත්ත්වයකට පත්ව තිබේ.

මුලින්ම කතානායකවරයා විසින් අගමැති මහින්ද රාජපක්ෂ සහ සන්ධාන ආණ්ඩුව පිළිගත යුතු අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම්කාරක සභා ඇතුළු සියලු කාරක සභා පත් කර විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින පහක පමණ සාධාරණ කාලයක විවාදයක් ද ලබා දී ඡන්ද විමසීමකට ගත හැක.

එම කාලය ගත වන විට අධිකරණයේ නඩු තීන්දුව බොහෝ දුරට ලබා දී තිබෙනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress