වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා 1 දා දහවල් වවුනියාව නෙඩුන්කේණී නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.
Posted on December 1st, 2018

දිනසේන රතුගමගේ

වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා 1 දා දහවල් වවුනියාව නෙඩුන්කේණී නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

වවුනියාව සහ නෙඩුන්කේණී දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නියෝජිතයින් හා සාමාජිකයින් එක්ව මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කොට තිබුණි.

‍ජනතා මතයට ගරු කරමින් වහාම මැතිවරණයක් පවත්වන ලෙසට විරෝධතාකරුවෝ ඉල්ලීම් කළ අතර පක්ෂක්ග්‍රාහී කථානායක වහාම ඉල්ලා අස්විය යුතු බවටද විරෝධතාකරුවන් ඉල්ලීම් කළහ.

විරෝධතා වැඩසටහනට උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා,වවුනියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායක ධර්මපාල සෙනවිරත්න මහතා, වවුනියාව දකුණ ප්‍රාදේශීය සභා සභාපති කසුන් සුමතිපාල මහතා,වවුනියාව ප්‍රාදේශීය සභා උප සභාපති වසන්ත රාජකරුණා මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress