එක්සත් ජාතික පෙරමුණට සහය පලකිරීමේ  යෝජනාවට ටෙලෝ සංවිධානය විරෝධය
Posted on December 2nd, 2018

දිනසේන රතුගමගේ

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහය පලකිරීමේ  යෝජනාවට අත්සන් තැබීම සම්බන්ධයෙන් ටෙලෝ සංවිධානය විරෝධය පල කොට ඇත්තේ ටෙලෝ සංවිධානයේ නායකත්වය පිළිබදව පැන නැගී ඇති මත භේදකාරී තත්ත්වයක් නිසා බව  හෙළි වුණි.

ටෙලෝ සංවිධානයේ මධ්යම කාරක සභාව  1 දා දහවල් වවුනියාවේ හෝටලයකදී ඔඇවති අවස්ථාවේදී මේ සම්බන්ධයෙන්  ප්රශ්න ගණනාවක්ම ඉස්මතු විය.

පෙරවරු 11 ආරම්භ වූ ටෙලෝ සංවිධානයේ මධ්යම කාරක සභාව රාත්රී 9 වනතුරුත් නිවැරදි තීරණයකින් යුතුව අවසන් කරගැනීමට ටෙලෝ නායකයින්ට නොහැකි විණි.

ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මධ්යම කාරක සභා රැස්වීමේදී දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා ලද එම තීරණය කාලයටා නුව නිවැරදි බවත් මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයට එම තීරණය හැර ගත හැකි වෙනත්  සුබවාදී තීරණයක් නොමැති බවත් කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය මේ අවස්ථාවේදී තීරණාත්මක පක්ෂයක් වී තිබෙනවා. වගේම එහි නායකවරයා ප්රකාශ කරණ ආකාරයටම  දෙමළ ජාතික සන්ධානයට ව්යවස්ථා විරෝධී  හෝ ප්රජාත්න්ත්රවාදයට පටහැනි පක්ෂයක් විදිහට කටයුතු කිරීමට නොහැකියි.

දෙමළ ජාතික සන්ධානයට පමණක් නොවෙයි මේක ටෙලෝ සංවිධානයටත් අදාලයි.

අපි ඉතිහාසයේ කටයුතු කළ අන්දම දිහ බැලුවොත් මේ ප්රශ්නය ඉතාම නිවැරදිව වටහා ගැනීමට හැකියි.

යුදහමුදාපතිවරයාව සිටි කාලයේදී සරත් ෆොන්සේකා මහතා දමළ ජනතාව මරා දමන්නට අණ කළා.නමුත් අපි ඔහු ජනාධිපතිවරණයට තරග කළ අවස්ථාවේදී ඔහුට ඡන්දය දුන්නා. අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය තීරණය ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කරන්නට අවශ් නිසයි.

දැන් මේ අවස්ථාවේදී සිදුව ඇත්තේත් එවැනි තත්ත්වයකුයි.රනිල් වික්රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කිරීම නීත්යානුකූල නැහැ.ව්යවස්ථාවට අදාලත් නැහැ.ප්රජාතන්ත්රවාදී ක්රියා දාමයට බැහැරව මේ දේ සිදුව තිබෙනවා.අපි ඉල්ලා සිටිය යුතු වන්නේද ප්රජාතන්ත්රවාදයට ගරු කරණ ව්යවස්ථාවක් ඔස්සේ ගමන් කරණ තත්ත්වයකුයි.එහෙම නැතිව රනිල් වික්රමසිංහ මහතාව අගමැතිවරයාව  කිරීමට දෙමළ ජාතික සන්ධානයට ලොකු වුවමනාවක් නැහැ.

නීති විරෝධී ලෙස අගමැති වී සිටින මහින්ද රාජපක්ෂ මහතාව ඉවත් කිරීම සදහා ගත්හැකි ක්රියාමාර්ග ගැනීමකුයි මේ සිද්ධ වෙන්නේ.

ඒක නිසා දෙමළ ජාතික සන්ධානය විස්න් ගන්නා ලද තීරණයට ටෙලෝ සංවිධානය විරුද්ධයි කියන මතය ජනතාව ඉදිරියට යාම මේ අවස්ථාවේදී ඉතාම භායනකයි,මේ නිසා සම්බන්ධයෙන් විවිධ මත ප්රකාශ කිරීමෙන් වැළකීම ඉතාම  වැදගත් වෙනවා

සෙල්වම් අඩෙයිකලනාදන් මහතාගේ මේ මතය පිළිගැනීමට ටෙලෝ සංවිධානයේ මහ ලේකම්  ශ්රීකාන්තා මහතා කීස් විටකත් සූදානම් නැත.ඔහු කියා සිටින්නේ සෙල්වම් අඩෙයිකලනාදන් මහතා රජයෙන් ලැබෙන දේ පිළිබදව ඇති ආශාව නිසා දෙමළ ජාතික සන්ධානය කියන අන්දමට කටයුතු කරණ බවයි.

වත්මන් තත්ත්වය මත සෙල්වම් අඩෙයිකලනාදන් මහතාට ටෙලෝ පක්ෂයේ නායකත්වය දැරීමට අයිතියක් නොමැති බවද ශ්රීකාන්තා මහතා මධ්යම කාරක සභා රැස්වීමේදී කියා සිටියේය.

පක්ෂයේ ඇති නීතිරීති හා ව්යවස්ථාව අනුව මේ නායකත්වය දැන් මාරුවිය යුතු කාලය එළඹ තිබෙනවා.දේශපාලනය පවතින ආකාරය දෙස බලන විට ටෙලෝ සංවිධානයට වවුනියාවෙන් ඇත්තේ සියයට විසිපහක විතර බලයකුයි.යාපනයේ බලය සියයට හැත්තෑ පහක් පමණ වනවා.මේ නිසා සෙල්වම් අඩෙයිකලනාදන් මහතා නායකත්වයෙන් ඉවත් වී එය යාපනයේ අයෙකුට ලබා දිය යුතු වෙනවා.

උතුරු පළාත් සභාවේ හිටපු අමාත් පී.ඩැනීස්වරන් මහතා විශාල වශයෙන් ජනතා ප්රසාදයක් ලබගෙන තිබෙනවා.

ඔහු ටෙලෝ සාමාජිකයෙකු වුවත් ඔහුට පක්ෂයෙන් සාධාරණයක් ඉටු වී නැහැ.මේ නිසා ඔහු ටෙලෝ පක්ෂයෙන් ඉවත් වී වෙනත් දේශපාලන පක්ෂයකට සහය දැක්වීමට ගියහොත් එය ටෙලෝ සංවිධානයට විශාල හානියක් මෙන්ම පාඩුවක් වෙනවා.

මේ නිසා ඔහුට ටෙලෝ සංවිධානයේ නායකත්වය ලබා දීමට සියලුම දෙනා කටයුතු කළ යුතුයි.”

ටෙලෝ සංවිධානයේ මාහ් ලේකම් ශ්රීකාන්තා මහතාගේ කතාවට සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පිළිතුරු දුන්නේය.

පක්ෂයේ නායක කමේ මමම ඉන්න ඕනේ කියලා තීරණයක් නැහැ.නමුත් ඔබලා කියන ඔය පක්ෂයේ නීති රීති හා ව්යවස්ථා වලට අනුව පක්ෂයට නව නායාක්යෙකු පත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා විය යුත්තේත් එය සිදුවිය යුත්තේත් පක්ෂයේ මහා සමලුවේදී මිසක් මේ වගේ මධ්යම කාරක සභා වාරයකදී නොවෙයි.

ලබන වසරේදී ටෙලෝ සංවිධානයේ පක්ෂ සමලුව පැවැත්වෙනකොට ඔබලා මේ ගැන සාකච්ඡා කොට නව නායකයෙකු පත් කර ගන්න.එතෙක් මේ ගන්නා තීරණ වලට පක්ෂයක් විදිහට ගරු කරන්න.පෞද්ගලික ප්රශ්න මතවාද තිබෙන්නට පුලුවන්.එත් මේ වෙලාව ඒවා ඉදිරියට දමා ගත යුතු අවස්ථාවක් නොවෙයි.”

මේ ආදී වශයෙන් වූ වාද විවාද රාත්රී නවය පමණ වන තුරු පැවතියත් ටෙලෝ සංවිධානය ඔවුන්ගේ මධ්යම කාරක සභා රැස්වීමේදී වෙනත් කිසිදු වැදගත් තීරණයකට එළඹියේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress