ලංකාවේ පොල්පොට්
Posted on December 2nd, 2018

මේඝනාද උපුටාගැණීම  මව්බිම

1993 මැයි 1 මේ රටට වගේම යූඑන්පී පාක්ෂිකයන්ට විශේෂයෙන් අමතක නොවන දවසකි. ඉන්ද්‍රඛීල සේ නොසැලී සිටි යූඑන්පී ප්‍රබල නායකත්ව බල කණු කඩා වැටීමේ ආරම්භය සනිටුහන් වුණේ එදා ය. මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් ජනපති ප්‍රේමදාස මහ දවල් මහ පාර මැද ඝාතනය වුණේ ය. ප්‍රේමදාස ඝාතනයෙන් පසු යූඑන්පී නායකත්වයේ වගකීම භාර ගන්න නියම වුණේ සිරිසේන කුරේට ය. ඒත් සිරිසේන කුරේ නායකත්වය භාර ගැනීම ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කර, රනිල්ට ඒ සඳහා අවස්ථාව දුන්නේ ය.

රනිල්ට යූඑන්පී නායකත්වය ලැබෙන්නේ එහෙම ය. නායකත්වය ගත්ත ගමන් රනිල් ඉස්සෙල්ලාම ගහන්නේ ප්‍රේමදාස පවුලට ය. ප්‍රේමදාස පවුලේ දේශපාලන අංකුරය වූ සජිත්ට සංවිධායකකමක් වත් නොදී පල නොකියා පලා බෙදුවේ ය. හැබැයි රනිල්ට වැඩිකල් රඟන්න හැකි වූයේ නැත. යූඑන්පීයේ ඊළඟ නායකත්ව බල කණුව ගාමිණි දිසානායක ඉදිරියට ආවේ ය. ගාමිණිගේ රැස්වලට රනිල් පැත්තකටම විසිවුණේ ය. යූඑන්පියේ ජනපති අපේක්ෂකයා වුණු ගාමිණි ඉස්සෙල්ලාම කළේ ප්‍රේමදාස මැතිනිය මුණගැහෙන එක ය. ජනපති ප්‍රේමදාසට එරෙහිව ලලිත් සමඟ කැරලි ගැසීම ගැන ගාමිණි, ප්‍රේමදාස පවුලෙන් සමාව ඉල්ලුවේ ය. ප්‍රේමදාස දියණිය දුලාංජලී ‍ෙදාස් කියද්දිත් ගාමිණි ඇහුවේ “මගෙන් මොනවද කෙරෙන්න ඕන” කියා ය. සජිත්ගේ පිටට තට්ටුවක් දැමූ ගාමිණි, සජිත්ට මැද කොළඹ යූඑන්පී සංවිධායකකම යෝජනා කළේ ය. මැද කොළඹ ප්‍රතික්ෂේප කළ සජිත් හම්බන්තොට සංවිධායකකම ලබා ගත්තේ ය. රනිල් පස්ස පැත්තට පයින් ගසා ‍ෙදාට්ට දැමූ සජිත්ට ගාමිණි දේශපාලන අත්පොත කියැ වූයේ එහෙම ය.

ප්‍රේමදාස ඝාතනය කළ කොටි වැඩි කලක් යන්නට මත්තෙන් ඊළඟ යූඑන්පී බල කණුවටත් කුරුමානම ඇල්ලුවේ ය. යූඑන්පීය ජයග්‍රාහී මාවතේ ඇදගෙන ගිය ගාමිණි රටේ නායකත්වය පෙනි පෙනී සිටියදී 1994 ඔක්තෝබර් 24 වැනිදා තොටළඟදී මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකට ලක්වුණේ ය. යූඑන්පීයේ නායකත්ව බල කණු දෙකක්ම කඩාගෙන වැටුණේ එහෙම ය. ගාමිණි සමඟ යූඑන්පී නායකත්වයට සටන් වැදී කෘත්‍යාධිකාරියේ ඡන්දෙන් පැරදී පැත්තකට වුණු රනිල්ට මෙවර සටනක් දෙන්නට කෙනෙක් සිටියේ නැත. රනිල් නැවතත් නිතරගයෙන්ම යූඑන්පී නායකත්වය අතට ගත්තේ ය.

ගාමිණි සජිත්ට හම්බන්තොට යූඑන්පී සංවිධායකකම දුන්න එකට කිපිලා හිටිය රනිල් ඉස්සෙල්ලාම කළේ මර්වින් සිල්වාව සම සංවිධායක කරලා තිස්සට දාපු එක ය, මර්වින්ව තිස්සට දාලා මර්වින් ලව්වා සජිත්ට ගස්සවපු එක ය. සජිත්ට හම්බන්තොට තනි සංවිධායකකම ලැබෙන්නේ මර්වින් රනිල් අතෑරලා චන්ද්‍රිකා ගාවට ගිය පසු ය. එදා ගාමිණිගේ මරණයෙන් පසු, පිනට ලැබුණු නායකත්ව පට්ටම මේ වන තෙක් අත් නොහැරිය රනිල්, මේ වන තෙක් ම ගාමිණිට එකතු වුණු එකේ තරහ සජිත්ගෙන් පිරිමහන්නේ ය. පුදුමේ කියන්නේ… මේ ටික නොතේරුණා වගේ සජිත් තාමත් රනිල්ට වන්දිභට්ටකම් කරන එක ය.

රනිල් යූඑන්පී නායකත්වයට පත්වෙලා තියපු පළමු ඡන්දෙන්ම චන්ද්‍රිකාට පැරදුණේ ය. 2001 මහ ඡන්දෙන් ආසන 109ක් දිනා එස්.බී.ලා මහින්ද විජේසේකරලා එකතු කරන් ගහපු ගේමකින් අගමැතිකම ගත්තේ ය. ඒ අගමැතිකම අවුරුදු 2කට වඩා තියාගන්නට රනිල්ට පුළුවන් වුණේ නැත. 2005දී මහින්ද සමඟ තරග වැදුණු රනිල් ආයෙත් පැරදුණේ ය. තමන්ට කවදාවත් තනිවම දිනන්න බැරි බව තේරුම් ගත්තු රනිල් 2010දී අනුර එක්ක එකතු වෙලා ෆොන්සේකා ඉස්සරහට දමාගෙන, ෆොන්සේකාගේ කර උඩින් ගිහින් අගමැතිකම ගන්න ගේමක් ගැහුවේ ය. ඒකත් හරි ගියේ නැත. ඊට පස්සේ 2015දී පොදු අපේක්ෂක මෛත්‍රිගේ කරපිටින් ගිහින් අගමැතිකම අරන් ආණ්ඩුවක් හදා ගත්තේ ය. ඒ ආණ්ඩුවෙත් යටිකූට්ටු ගේම් ගහන්න ගිහින් මෛත්‍රිට මාට්ටු වෙලා ඉල්ලාගෙන කෑවේ ය.

කිසිදා හරි විදියට ඡන්දයක් දිනන්න රනිල්ට බැරි ය. ඉතිහාසයේ ඉඳන්ම රනිල්ට කරන්න පුළුවන් එකම දේ ගේම් ගහන එක විතර ය. ප්‍රභාකරන්යූඑන්පී බල කණු එකින් එක වට්ටද්දී ඉතුරු වුණේ රනිල් විතර ය. ප්‍රභාකරන්ට ඕන වුණේ යූඑන්පීියේ කොන්ද පණ තියෙන නායකයන් ටික මරා දමන්න විතර ය. රනිල් යූඑන්පී නායකත්වයේ සිටීම කවදත් ප්‍රභාකරන්ට වාසිදායක වුණේ ය. ප්‍රභාකරන් නැතත් රනිල්ලා, කිරිඇල්ලලා දැන් සුමන්තිරන්ලාගෙ ඉත්තෝ වෙලා ය. පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල ළඟටම ඇවිත් සුමන්තිරන් කෑගහලා ගියේ ඒක ය. ඒ කියන්නෙ යූඑන්පීය දැන් වැඩ කරන්නේ කොටි හිතවාදී සුමන්තිරන්ලාගේ න්‍යායපත්‍රයටද කියා කියන්නට දන්නේ නැත.

රනිල් සජිත්ලා වගේ අයට යූඑන්පී නායකත්වයට එන්නට කවදාවත් ඉඩ දෙන්නේ නැත. මෛත්‍රි කිව්වා වගේ රනිල්ගේ සමනල කල්ලිය ඇරෙන්න වෙන කාටවත් පක්ෂ නායකත්වයට ළං වෙන්නට බැරි ය. රනිල්ගේ කැපිලිවලට හොඳම සාක්ෂිය හේමන්ත එගොඩවත්ත ය. 1997දී තරුණ තරුණියන්ට පක්ෂයේ ඉහළට එන්න කියා රනිල් ජාතික යොවුන් පෙරමුණ බිහි කළේ ය. පක්ෂයේ තරුණ තරුණියන්ගේ වැඩි කැමැත්තෙන් යොවුන් පෙරමුණේ ප්‍රථම ජාතික ලේකම් වුණේ හේමන්ත එගොඩවත්ත ය. 1998දී තමන්ට ඕන විදියට යොවුන් පෙරමුණේ නිලතල හසුරුවා ගන්න ඕන නිසා රනිල් කළේ ඡන්ද ක්‍රමය අහෝසි කරලා නිලතල පැවැරීමේ බලය තමා අතට ගන්න එක ය. පක්ෂයේ තරුණ කණ්ඩායම දෙකට කැඩුණේ ය.

1. පක්ෂයට දරදිය අදින, පක්ෂය වෙනුවෙන් කැපවෙන කණ්ඩායම.

2. රනිල්ට කඩේ යන සමනල කණ්ඩායම.

රනිල්ට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු වුණේ යොවුන් පෙරමුණෙන්ම ය. 1998 ජාතික යොවුන් පෙරමුණු නිලවරණයේදී සජිත්, නවීන්ගේ උදවු සහිත හේමන්ත එගොඩවත්ත ඇතුළු යොවුන් පෙරමුණු කණ්ඩායමේ දැඩි ශක්තිය හමුවේ රනිල් පසුබැස්සේ ය. ඡන්දයක් තිබ්බොත් පරාද වෙන බව දැනගත් රනිල් බැරිම තැන බදුල්ලේ බොරලන්ද ගමේ ගොවි පවුලක උපන් ආනන්ද ප්‍රියනාත්ට යොවුන් පෙරමුණේ ජාතික ලේකම්කම දුන්නේ ය. හැබැයි අවුරුද්දක් යන්නට කලින් රනිල්ගේ කැමැත්ත වූ අකිල යොවුන් පෙරමුණේ ජාතික ලේකම්කමට පත්කර ගැනීමට රනිල්ට හැකි වුණේ ය.

රනිල්ගේ ගේම් ඉතිහාසය එහෙම ය. රනිල්ලා වගේ අයට මේ රටේ ජනතාවගේ හදගැස්ම තේරෙන්නේ නැත. මේ රටේ මුල් බැසගත් සංස්කෘතිය, මිනිසුන්ගේ සිතුම් පැතුම් රනිල්ලා වගේ අයට ගෝචර නැත. රනිල්් දන්නේ ගේම් ගහන්න විතර ය. රනිල්ට හැමදාම ගෝචර වුණේ කොළඹ හතේ රෝයල් පැලැන්තිය විතර ය.

ඒකට හොඳ උදාහරණයක් මා අසා ඇත. 2002-2004 රනිල්ගේ ආණ්ඩුව කාලේ චීන සංචාරයකදී සිය බිරිය මෛත්‍රි සහ තවත් යූඑන්පී ප්‍රබලයකුගේ බිරියක් සමඟ උදෑසන ආහාරය ගනිමින් සිටියදී රනිල් මෙසේ පවසා තිබේ. “අපේ මිනිස්සුන්ට සොසේජස්, බේකන් දෙන්න ඕන. එදාට තමයි රට දියුණු වෙන්නේ.” එය ඇසූ යූඑන්පී ප්‍රබලයාගේ බිරිය මෙසේ කියා තිබේ “අන්කල් ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය බත් නේද? ඒක අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච දෙයක් නේ ද?” එය ඇසූ රනිල් මෙසේ පිළිතුරු දී තිබේ “මේ රටට හෙණ ගහලා තියෙන්නේ බත් කන නිසා. බත් කන එක නවත්වන්න ඕන.”

1994 ගාමිණිගේ මරණයෙන් පසු, පිනට ලැබුණු නායකත්ව පට්ටම මේ වන තෙක් රනිල් අතහැරියේ නැත. ඒ අතින් ගත්තාම රනිල්ගේ ගේම් දිහා බැලුවාම මතකයට නැඟෙන චරිතයක් ඇත. ඒ පොල්පොට් ය. හාවඩ් සරසවිය හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි සරසවියකින් රනිල් වික්‍රමසිංහ චරිතය සහ පොල්පොට් චරිතය ගැන නිබන්ධනයක් කළහොත් ඔවුන් දෙදෙනාගේ සමානකම් හරියට බලාගත හැකි ය. තනි බලයක් අතට ආවොත් ලෝකයේ ඊළඟ පොල්පොට් වෙන්නේ රනිල් ය.

 

5 Responses to “ලංකාවේ පොල්පොට්”

  1. Hiranthe Says:

    Run-nil is destroyer of UNP and Mother Lanka. There is no two words of it.

    What I can’t understand is why people are gathering behind Sajith. He doesn’t have and qualities of a leader who could lead our country to prosperity. He is still behaving like a child.

    Only thing I can see in him is, he is trying to follow RP by giving high tone talks. But he doesn’t have the metal which RP had. RP was a visionary only second to MR.

    Sajith is still a lad in the big picture.

  2. Christie Says:

    සින්හලයන් බත්ගෙඩියන් කෙරුවේ ඉන්දියන් පරපෝසිතයන්ය.

    ඉස්සර අපි කෑවේ බත් ටිකක්, අල, ගෙඩි, පලතුරු, මස් මාලු හා බිත්තරය.

    අපි ඉන්දියන් බිරිතනි අදිරදයට යටහ් කාලයේ ඉන්දියන් පරපෝසිත්යෝ බුරුමයේ හාල් වගාකර අපිට නිකම්ම වගේ කන්න දුන්නේය.

    අපි නිකමුන් බවට පත්විය.

    අපේ පොල් පොට් ලා ඉන්දියානු ත්‍රස්තයන් වන LTTE හා JVP ය.

  3. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist bay gal karaya chief samanalaya mega thief mega thakkadiya
    walking crime bomb (against Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) Batalande Wandakaya Pol Pot
    r@ni_leech wickrama Sinhala killer is the curse of Mother Lanka. Only thing this murderous alugusowa (to
    Sinhalese Buddhists only) done during the last 40 years is murder, mayhem, mega lies, mega robberies, mega treacheries to destroy Mother Lanka. Sinhalese being a very very ungrateful race, the only such one on the
    planet, has no allegiance to Sinhalese race, Sri Lanka or Buddhism still go after this traitor alugosuwa for
    maybe a packet of rice or Rs 1000, or to line up the traitors pockets. One prime example is pin bath gilamin Buddhism destroying bathgotte thibotte so called chief monk. All his life this traitor monk has sided with the alugosuwa’s party while living a luxury life thanks to Buddhism.

    Traitor alugosuwa was born to the number one christian family in Sri Lanka. Yet it was named ranil, not esmond jr,
    ronald or anything like that, and Mother Lanka’s fate was sealed. This Sinhalese sounding name gave the traitor
    low life perfect cover to destroy Sri Lanka. Then it became a token Buddhist, and the wolf in sheep’s clothing
    project was completed. A lot of Sinhala booruwas were hoodwinked. Bataalnde Wandakaya’s treacheries against Mother Lanka, Sinhalese race and Buddhism is endless.

    *Batalande torture and murder of Buddhist jaathidhrohee vermins’ party with its catholic police top brass,
    Catholic run UNPatriotic_rats party got rid of 60,000+ Sinhalese Buddhists during the 6 years Bheeshana
    Samaya. Sirima B took just 2 weeks, and rounded up all the culprits, rehabilitated and released back to the
    society minimising loss of life. But UNPatriotic_rats made it a Sinhalese cull by dragging it for 6 years.
    Thie motto was what rehabilitation? They were Sinhalese Buddhists and massacred mercilessly. Contrast
    this with its catholic buddy barrel man hitler mala paharan catholic tigers. They were mollycoddled for 30
    years. No action even after Sri Maha Bodhi massacre, Sri Dalada Maligawa attack, Aranthalawa Bikku
    massacre catholic run UNPatriotic_rats party. Even its defence secretary austin fdo wen to see its catholic
    buddy ‘foreign minister’, tamil sellan with apples and grapes. Still Sinhala modayas didn’t have a clue why the
    UNPatriotic_rats party not fighting the terras. To this day some Sinhala booruwas have no clue and support
    these traitors.

    *Then Batalande wandakaya’s catholic buddy barrel man hitler mala paharan’s catholic tigers of tamil drealam
    dragged on for 30 years saying the terras were invincible and sacrificed 100,000+, mainly Sinhalese. It even
    gave half the country its catholic buddy on a plate in 2005 with the CFA. When the catholic tigers tamil drealam
    project still didn’t get off the ground, wandakaya sent all the Millennium city intelligent officers to the catholic
    tigers tamil drealam bullet to expedite the cause.

    *As soon the wandakaya got the PM (pathala man) job through the back door, it planted its catholic buddy
    maha horandran at the national coffers, and wandakaya and co got away with Rs 5585 billion. Still there are
    a lot of Sinhala dhrohiyas worship the monster for a packet of rice or a few 1000 Rupees. This is how pathetic
    Sinhalese people are.

    *When MR came so called invincible terras were running for their lives. Then wandakaya and its catholic buddy
    karunkanayagam ridiculed the army since the traitors were so upset by the defeat of its catholic buddy hitler
    mala paharan. Sinhalese traitors who were scared to get out of the house for the fear of getting blown into
    smithereens by the terras bomb quickly forgot all about it and start worshiping wandakaya and co.

    *As soon as wandakaya became PM, it hit the state pension, making future government servants beg on
    streets after retirement.

    *Since thambi mudiyaslege jr@, UNPatriotic_rats MO has been murdering Sinhalese, create mayhem and hang
    on to power since all the media who are run by their henchmen paint a rosy picture about the traitor lot.
    Development? What development? We never heard the word. That’s how these shameless, thieving, murderous
    (Sinhalese Buddhists only) thugs run a country. Still got away with murder since a lot of traitor Sinhalese side
    with them for a few thousand Ruppes, in some cases for a packet of rice!

    *Now wandakaya trying to get its job back to further destroy Mother Lanka, Sinhalese race and Buddhism by
    agreeing to break up the country to get tamils and mussies support. Wandakaya knows, it can’t live a normal
    life and going to be hanged for the murders, robberies, treacheries it has done all these years and wants to
    die on the job. The traitor low life’s plan is to get the job, murder MY3 and carry on until it dies on the job.
    Since traitor alugosuwa (to Sinhalese only) thambi mudiyanselage jr@, UNPatriotic_rats party’s MO has been
    to murder Sinhalese (since nobody gives a hoot, no UN, no AI, no nobody), create trouble and carry on.

    UNPatriotic_rats party always had top C brigade police, army to carry on the dirty agenda previously. Even
    wandakaya get its job back, the low life going to find it so hard to carry on since army won’t prop up the traitor
    low lives party after what the traitors done to them. Sinhalese murdering, Buddhism destroying, Mother Lanka
    dismembering UNPatriotic_rats party should be wiped out from Sri Lankan politics if Sinhalese race, Sri Lanka
    and Buddhism want to survive on the island. Since Oct 26 wandakaya and co has been destroying Sinhalese race
    to much delight of tamils and mussies who can’t wait to dismember Mother Lanka have their drealam and
    mussisthan. We have to blame the traitor Sinhalese booruwas going after these Sinhalese murdering,
    Buddhism destroying, Mother Lanka dismembering traitor UNPatriotic_rats party.

  4. Ancient Sinhalaya Says:

    Hiranthe:
    RP was a visionary?
    *To send 600 policemen to their deaths facing barrel man hitler mala paharan;s catholic tigers bullet,
    *giving arms to terras kill our own soldiers
    *murdering jaathidhrohee vermins’ party followers mercilessly and burning them in tyre pyres
    *destroying a state run transportation system and introducing 1000s of makeshift bus companies who only
    cares about the pocketing profits at any costs. This created mayhem on roads due to the influx of 100s of
    1000s of unroadworthy vehicles leading 100s of deaths on roads.
    created
    *creating ever Mother Lanka hating, Mother Lanka dismembering a lobby abroad by the formation of disaporats
    in 1983
    The list goes on and on.

    Building a few pint size houses and a few roundabouts isn’t a vision. If you are building houses, you need one
    important thing for the people to live there. Jobs! You call this murderous (Buddhists only) alugosuwa a
    visionary? You need infrastructure projects and peace for a country to progress. I don’t know what you call MR
    who brought both to the country. Thanks to his projects country prospered, tourism boomed, jobs created,
    Sri Lanka became the TOP tourist destination in the world. Name one who done so much to Sri Lanka during
    the last 70 years.

    You are right on one thing. Alugosuwa’s son shouldn’t get the PM’s job ever. In fact, these traitor anti Buddhist,
    anti Sinhalese, anti Sri Lanka, UNPatriotic_rats party should be wiped out from Sri Lankan politics, After all the
    traitor is nidan hora and can’t be trusted. if we are to survive on the island. Fate intervened and traitor
    alugosuwa lk porisada got its just desserts at the right time to save Mother Lanka. This is another turning point
    in Mother Lanka’s fate and wandakaya going to get its just desserts whether it get the job back or not.

  5. Ancient Sinhalaya Says:

    Only some of anti Buddhist, anti Sinhalese, anti Sri Lanka UNPatriotic_rats party’s treacheries. You won’t see
    these in so called Buddhist (on paper) Sri Lanka where all the media run UNPatriotic_rats party henchmen
    who make sure to paint a rosy picture about them.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress