අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට අපි එකඟ නොවන්නෙමු.-මහින්ද රාජපක්‍ෂ
Posted on December 3rd, 2018

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ

කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට  අපි එකඟ නොවන්නෙමු.

එයට එරෙහිව හෙට දින ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී අපි කටයුතු කරමින් සිටින්නෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාල අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.

රටෙහි දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය එනම්, මහමැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනා දීම සඳහා වූ වැඩපිළිවෙල වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත්  අවශ්‍ය වන බැවින් ඒ සඳහා කැපවන ලෙස ද අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. 

මව්බිමට ඇති ආදරය ද, නීතියට ඇති ගෞරවය ද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවය ද පෙරදැරිව මේ තීරණාත්මක මොහොතේ සාමකාමීව, ධෛර්ය සම්පන්නව සහ වගකීම් සහගතව ඔබ ඔබගේ යුතුකම් රට වෙනුවෙන් ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress