අපිට යු.ඇන්.පී එක ඕන නැහැ, ජවිපෙ තිබුනම හොඳටම ඇති: කැපුවත් කොළ එජාප පාක්ෂිකයෙක්
Posted on December 6th, 2018

කැපුවත් යු.ඇන්.පී අලි පැටිය

අනේ නෝනාවරුනේ මහත්තුරුනේ, මෙන්න මේ වීඩියෝව බලන්නකෝ. මේවා දකිනකොට ඇතිවෙන සන්තෝසෙට ළඟ හිටියනං අනුරලමයව ඉඹගෙන ඉඹගෙන යනවා.

https://www.youtube.com/watch?v=MIwB7EvNPS8

අපේ අනුර ළමය පැහිච්ච දෙසපාලකයෙක් වගේ හොඳ ලස්සනට කතා කරනවානෙ  අප්ප. බලන්නකො මේ ළමයට දැන් හොඳට හිත ඇතුලේ තියෙන දේ හංගගෙන ලස්සනට සැකයක් හිතෙන්නේ නැති විදියට කතා කරන්ඩ පුළුවන්නේ. ඉස්සර අර ජේ වී පී කාරයෝ කතා කරනකොට වගේ මෝඩ විදියට හිත ඇතුලේ තියෙන දේවල් ඔක්කොම එලියට දාන්නේ නැතුව, මෝඩ විදියට ඇත්ත කතා කරන්ඩ ගිහිල්ල අනාගන්නේ නැතුව, බලන්න්ඩකෝ ලස්සනට මූණ උළුක්කු කරගෙන, ලොකු අප්සෙට් එකෙන් වගේ අඹරල දෙනහැටි. ආදරේ හිතෙනවා අප්පා. උම්මා!!!

මම බොරු කියනකොට මගේ මූණෙන් එක පේනවා කියල මගේ පවුල මට හැමතිස්සෙම කියනවා. එනිසා මොන බොරුව කිව්වත් මාව අපේ පවුලට මාට්ටු වෙනවා. බලන්ඩකො ඒඋනාට අනුර ළමය මූණ හොඳට හදාගෙන බොරු කියන්නේ රට ජාතිය බේරගන්ඩ වැඩ කරනවා වගේ සිරා මූණක් දාගෙනනේ. හොඳ දෙසපාලකයෙක් උනාම එහෙමනේ, බලු වැඩක් කරන්ඩ ඕන උනාම එක කරන්ඩ ඕන නිකං දාතු කරඬුව අරන් යනකොට දාන මූනවගේ සිල්වත් මූණක් දාගෙනනේ. රත්තරං කොල්ල. කතා කරනවා දැක්කම ආදරේ හිතෙනවා අප්ප.

අනුර ළමයට හොඳට තෙම්පරාදු වෙච්ච දෙසපාලකයෙකු ළඟ තියෙන්ඩ ඕන ඔක්කොම සූත්තර දාල කතා කරන්ඩ පුළුවන් බව ඒ කතාවෙන්ම තේරෙනවනේ. ඒක දියුණුවක් නෙමෙයිද?  දැන් බලන්ඩ එයා කියනව එයාල වැඩ කරන්නේ රනිල්ව අගමැති කරන්ඩ නෙමෙයිලු. ඒකයි  මම කියන්නේ ජවිපෙ දියුණු වෙලා කියල. රනිල්ව අගමැති කරන්ඩ ඕන කම තියෙන කොට මොන මොඩයද ඒක කෙලින්ම කියන්නෙ? ඔන්න ඉස්සර මෝඩ ජේවීපී කාරයො  නං ඕක මොඩයො වගේ කෙලින්ම කියනවා. ඒඋනාට අනුර ළමය ලස්සනට එක අඹරල ගහනවා. අනික මං කැපුවත් යුඇන්පී කාරය උනත් ඇත්ත කියන්න එපැයි.රනිල් වගේ ගොන් නාම්බෙක්ව අගමැති කරන්ඩ වැඩ කරනවා කියල මට උනත් කෙලින් කියන්නද ලැජ්ජයිනේ. 

දැන් බලන්ඩ අනුර ළමය එයාගේ පක්සේ උනත් හොඳට දියුණු කරලනේ තියෙන්නේ. ඉස්සර වගේ අර ගොන් කතාව, අර විප්ලවය ගැන කතාව දැන් එයා කියන්නෙම නැහැනේ. දැන් එයා කියන්නෙ එයාගේ ප්‍රදාන අරමුණ පරජාත්‍යන්තරවාදය රකින එක කියලනේ. අපේ ලොක්ක, ජේආර් හැම තිස්සෙම කිව්වෙත් ඕකමනේ. අපේ ලොක්ක ජෙආර් ට මොකක්හරි බලු වැඩක් කරන්ඩ ඕන උනාම වැඩිපුරම පාවිච්චිකරපු වචනේ තමයි පරජාත්‍යන්තරවාදය රකින්ඩයි ඒක කරන්නේ කියන එක. අනුර ළමය අපේ ලොක්කගේ සූත්තරේ නියමෙටම අල්ලාගෙන තියනවා.

මම වැඩිය ගනං දන්න කෙනෙක් නෙමෙයි. ඒ උනත් මම ගනං කරලා බැලුව අපේ ලොක්ක එයා ජනාදි පති වෙලා ඉන්නකොට කී පාරක් ඔය   පරජාත්‍යන්තරවාදය කියන වචනේ පාවිච්චි කරලා තියනවද, අනුර ළමය කී පාරක් ඒ වචනෙ පාවිච්චි කරලා තියෙනවද කියල. බැලින්නං අනුර ළමය ඒ වචනෙ අපේ ලොක්ක ජේආර් ට වඩා තුන්දාස් අටසිය තිස් තුන් පාරක් පාවිච්චි කරලා තියනවා නොවැ බොලං. එකෙන්ම තේරෙනවනෙ අනුර ළමය අපේ ලොක්කටත් වඩා දියුණුයි කියල. 

ජේවීපී එක දැන් අපේ ලොක්ක ජේආර් වම තමයි පලෝ කරන්නේ. මතකද අර ජේවීපී එකේ කොළුවෙක් පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහල කීප දෙනෙක් මැරිල වෙච්ච සිද්දිය. ඒ වෙලාවේ අපේ ලොක්ක ජේ ආර් රූපවාහිනියට ඇවිල්ල එයාගේ කමිසේ ලේ පැල්ලමත් පෙන්න පෙන්න හොටු පෙරාගෙන කතාවක් කරා. එවෙලාවේ එයා පෙන්නුවේ ජවිපෙ ත්‍රස්තවාදයෙන් අසරණ වෙච්ච පරජාත්‍යන්තරවාදය වෙනුවෙන් අවිහිංසා වාදයෙන් පෙනී හිටින  කෙනෙක් හැටියටනේ. අපි දවස් කීයක් ඒක දැකල අඬුවද?

ඒකම කොපි කරල ජවිපෙ විජිත හේරත් කොලුවා ලස්සනට පැලැස්තර දාගෙන ටීවී එකේ පෙනී හිටියේ හරියට ශ්‍රීලංකා කාරයොන්ගේ  ත්‍රස්තවාදයෙන්  අසරණ වෙච්ච පරජාත්‍යන්තරවාදය වෙනුවෙන් පෙනී හිටින අහිංසකයෝ විදියට. අපේ විජිත ළමයාගෙ දක්ස කම තමයි අවස්‍ය තැනට අවස්‍ය වචනේ තොරගන්ඩ පුළුවන් කම තිබිච්ච එක. මොකද, අර නැහැදිච්ච සිරිලංකා කාරයෝ විජිත කොලුවට දමල ගහල තිබුනේ කොමිනිස් ප්‍රකාසනයෙන් උනාට, විජිත ළමය ටීවී එකට කිව්වෙ එයාට ආණ්ඩුක්‍රම වියවස්තාවෙන් ගැහුවා කියලනෙ. මොකද කොමිනිස් ප්‍රකාසනයෙන් ගැහුවා කිවුවානං එක නිකං පල් එකක් වගේ නේ. අනික මෝඩ මිනිස්සු හිතනන්ඩ ඉඩතියෙනවනේ මූට ‘කොමිනිස් පරකාසනෙන්’ විතරක් නෙවෙයි ‘දාස් කැපිතාල්’ එකෙනුයි, ‘වටිස් ටුබි ඩන්’ එකෙනුයි ගහන්න ඕන කියල. ඒ කියන්නේ එක පාරක් නෙමෙයි දෙතුන් පාරක්ම ගහන්ඩ ඕන කියල. අර ජේආර් ලොක්ක ලේ ගෑවිච්ච කමිසේ පෙන්නුවා වගේ විජිත ළමයත් මිරිස් වතුර ගෑවිච්ච කමිසේ පෙන්න පෙන්න හොටු පෙර පෙර ඇඩුවාම මොන ජගතට උනත් හිත උනුවෙනවනේ හලෝ. නැද්ද කියන්නේ? එක දැකල මං මුළු දවසම ඇඬුව.

මේකනේ, විජිත ළමය ඔහොම ගුටි කන්ඩ ඕන ළමයෙක්ද? ටී 56 ටී 81 වගේ දේවල් වම් කනෙන් ගහල දකුණු කනෙන් එලියට ගන්ඩ  පුළුවන් කමක් තියෙන ළමයෙක්නේ විජිත කියන්නේ.  ඕනනං 1989 දී වගේ ඔකුන්ගේ  බෙල්ල ගලෝල පාලන් ඇන්ඳක් උඩ තියන්ඩ පුළුවන් කම තියෙද්දී ගිටිකන එක සුළුපටු ඉවසීමක්ද? මට හිතුනේ එක හරියට මර්වින් සිලවා කැශියස් ක්ලේට කනට එකක් ගැහුවම කැශියස් ක්ලේ හොටු පෙර පෙර අඬාගෙන ටීවී එකට ගිහින් අහිංසක මට අහවලා ගැහුවා කියල කිව්වා වගේ දෙයක් කියල. එක නිකං හිතා ගන්ඩවත් බැරි දුක හිතෙන දෙයක්නෙ අප්ප.

මං මාරම ආදරේ පැටිය තමයි අපේ හඳුන්නෙත්ති පැටිය. රත්තරන් කොල්ලෙක් අප්පා. මිනිහ හාමුදුරුවෝ කෙනෙක් වෙලා ඉඳල ජවිපෙ ට ආවද නැත්තං ජවිපෙ ඉඳං මහන වෙන්ඩ  යනවද මන්දා. පොඩි උනාට හඳුන්නෙත්ති පැටිය හොඳට දේසපාලන්යෙන්  ඇට්ටර වෙලා ඉන්නේ. එකනේ එයා ටීවී නිවේදකයා කොරවෙලා යන විදියට එකපාරටම කිව්වේ ආණ්ඩුව අපිට දෙන්නකෝ, අපි කරලා පෙන්නන්නම් කියල. මේකනේ, රනිල් වගේ ගොන් නාම්බෙකුට රන් කරනඩ පුලුවන්නම්, අපේ ආණ්ඩුව අපිට මොකද රන් කරන්ඩ බැරි කියල තමයි හඳුන්නෙත්ති පැටිය හිතන්නේ. තමං බීඩි කඩයක්වත් ජීවිතේට රන් කරලා නැති උනාට, සිරි ලංකාවේ ආණ්ඩුව රන් කරන්ඩ පුළුවන් කියල හඳුන්නෙත්ති පැටිය හිතන්නේ මොකද දන්නවද? රනිල් දිහා බලල. තර්කෙට අනුව හරි! රනිල් වගේ මැට්ටෙකුට රන් කරන්ඩ පුලුවන්නම්, මේ සිරි ලංකාව මට රන් කරන්ඩ බැරි මොකද කියල තමයි එයා හිතන්නේ. ඉතින් හරි නේ.

මේකයි. මං වැඩිය කතා කරන්ඩ යන්නේනෑ. ජවිපෙ මාර විදියට දියුණුවෙලා තියෙන්නේ. අපි යුඑන්පී කාරයෝහැටියට මටනං කියන්න තියෙන්නේ අපිට දැන් යුඇන්පී එක ඕනත් නෑ. අපිට ජවිපෙ ෂුවර්. අපිට හොඳ නායකයෙක් ඉන්නවා අනුර කුමාර එක්ක එකට තිව්වහම රනිල් කියන්නේ මොන පුපුන්සිරියෙක්ද?

කැපුවත් යු.ඇන්.පී අලිපැටිය

2 Responses to “අපිට යු.ඇන්.පී එක ඕන නැහැ, ජවිපෙ තිබුනම හොඳටම ඇති: කැපුවත් කොළ එජාප පාක්ෂිකයෙක්”

  1. Hiranthe Says:

    Anura Malli has become a “Rathu Ali Petiya” already.

    The whole clan are the same. They seems to be set for life due to Bond money and LieTTE Die-Ass-Pora money.

    “Now what the hec; lets make some fun of the enemy of the West – MR and take the ordinary folks for a ride” is their moto.

  2. ranjit Says:

    In the coming future elections you can see where Western backed UNP/Rathu Ali Patia/LTTE proxy TNA’s position and how much people in this country trust them or like them so let the time tells us the story. We need a brand new set of politicians with highly educational background if not we will be in the same soup. A set of new thinking and hard working with a clean record of his or her’s personality. No more corrupt old hagard unpatriotic candidates. They are pain in the ass for the country. To make our country great again we need a leader who can take bold decisions and correct decisions for the benefit of the people and the country. Only person in that calibre at this moment is none other than Mahinda Rajapaksa nobody else in my view. His capabilities are well known so be brave and bring this war hero back to lead our motherland. Jayawewa!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress