මහින්ද චොර වුණා ද?
Posted on December 6th, 2018

උපුටාගැණීම  මව්බිම

“මොකක්ද මහින්ද මේ හදිසි වෙලා කරගත්තේ? නිකං නම කැත කරගත්තා විතරයි. තව අවුරුද්දක් ඉවසලා හිටියා නම් කිසි ප්‍රශ්නයක් නැතිව බලය අතට ගන්න තිබ්බා නේ. මෝඩ වැඩක් කර ගත්තේ.”

ඒ මේ දවස්වල ජනතාව මතුරන මන්තරය ය. මහින්ද අගමැතිකමේ දිවුරුම් දීපු දවසේ ඉඳලා, සිදු වෙන දේවල් දිහා ඇස් උඩ තියන් බලාගෙන සිටින ජනතාව මතුරන මන්තරය ය. එක් වරක් අගමැති වෙලා හිටපු, දෙවරක් ජනාධිපති වෙලා හිටපු, දේශපාලන පොර පිටියේ ඇති පදම් තෙම්පරාදු වී සිටින මහින්ද මෙහෙම තීරණයක් ගත්තේ කිසිවක් නොසිතා, නොබලා විය නොහැකි ය. සිදුවන දේ මතු පිටින් බලා මන්තර මතුරනවාට වඩා, සිදුවෙලා තියෙන දේ හරියට දකින එක වඩා වැදගත් ය.
හීනෙකින්වත් පරාජය කරන්න බෑ කියා සිතපු මහින්ද 2015දී පරාජය විය.

මහින්දව එහෙම පරාද කළේ රනිල් ද?

නැත. ඡන්ද 29ක් පැරදිලා හිටපු රනිල්ට මහින්දව පරාද කරනවා තියා හිතන්නටවත් හැකියාවක් තිබුණේ නැත.

එහෙනම් මහින්ද පරාද කළේ මෛත්‍රි ද?

නැත. තනි සටන් කරලා ජනපතිවරණයක් දිනන්න තරම් ප්‍රබල නායකත්ව පදනමක් මෛත්‍රිට තිබුණේ නැත.

එහෙනම් කවුද මහින්දව පරාද කළේ?

ප්‍රශ්නය එතැන ය. ඒ ප්‍රශ්නෙට උත්තරේ පසුගියදා ආචාර්ය නාලක ගොඩහේවාගේ පහත සඳහන් කතාවේ තියෙනවාට සැක නැත.

“එතුමා පරාජය කරන්නට අපිට නොපෙනෙන බලවේග රාශියක් එකතු වෙලා හිටියා. ඒ බලවේග අතර හිටියා ලංකාවට චීන බලපෑම වැඩි වෙනවා කියලා බියට පත්වෙලා හිටපු ඉන්දියාව. ඒ බලවේග අතර හිටියා ලංකාවේ ස්ථාවර රජයක් ඇති වෙලා බටහිරට හිස නොනමන නායකයෙක් දීර්ඝ කාලයක් මේ රට පාලනය කරාවි කියලා අකැමැති වෙච්ච බටහිර බලවේග. ඒ බලවේග අතර හිටියා, අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරලා අර උතුරු නැඟෙනහිර තමන්ට අවශ්‍ය කරන පාලන තන්ත්‍රය බිහිකර ගැනීමේ සිහිනය බොඳ වෙලා ආයිත් කොහොමද ඒක ඉටු කරගන්නෙ කියලා බලබලා හිටපු පිටරටවල ඉන්න අන්තවාදී දෙමළ ඩයස්පෝරාව.

මෙන්න මේ අය එකතු වෙලා තමයි අවශ්‍ය කරන මූල්‍යමය සහාය, මූලේ‍යා්පායමය සහාය දුන්නෙ එවකට සිටි විපක්ෂයට මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්න. 2016 ඇමෙරිකාවෙ පළවෙච්ච වාර්තාවක ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලිඛිතව ලියලා තියෙනවා ලංකාවේ, බුරුමයේ සහ නයිජීරියාවේ රාජ්‍ය වෙනස් කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන හයසිය අසූවක් ඇමෙරිකානු රජය වියදම් කරා කියලා. ඇමෙරිකානු ඩොලර් මිලියන හයසිය අසූවක් රටවල් තුනකට වියදම් කළා නම් ඉන් තුනෙන් එකක් ලංකාව වෙනුවෙන් වියදම් කළා නම් ඒ වෙලාවේ රුපියල්වලින් කියනව නම් රුපියල් කෝටි තුන්දාහක් ඇමෙරිකානු රජය පමණක් වැය කරලා තිබුණා ඒ වෙලාවෙ මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්න. ඒසා විශාල මුදලක් වැය වුණා. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම මූලේ‍යා්පායන් සැකසුණේ ලංකාව ඇතුළෙ නෙමෙයි පිටරටවල. ඒ වගේ බරපතළ සැලැස්මක් යටතෙ තමයි ඔවුන්ට ඒ වෙලාවෙ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ.”

කතාවේ ඇත්ත නැත්ත අපි දන්නේ නැත.

ඒත්, ඒක එහෙම වුණැයි කියමුකෝ… එතකොට මෛත්‍රි ගහෙන් ගෙඩි එන්න වගේ හිටපු ගමන් රනිල් එළවලා මහින්දව අගමැති කරලා යහපාලන ආණ්ඩුව පෙරළුවේ ඇයි?

ඒකටත් උත්තරේ ආචාර්ය නාලක ගොඩහේවාගේ කතාවේ ඉතිරි කොටසේ මෙසේ සඳහන්ව ඇත.

මේ වගේ විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා විශාල වශයෙන් කුමන්ත්‍රණය කරලා ආණ්ඩුවක් ගේන්නෙ මොකටද? ආණ්ඩුවක් ගේන්නෙ නිකං ඉන්න නෙමෙයි. මොකක් හරි අරමුණක් ඉටුකර ගන්න. ඒ අරමුණ මොකක්ද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනෙ. ඔවුන්ට අවශ්‍ය වුණා ලංකාවෙ දීර්ඝ කාලීන අස්ථාවරත්වයක් ඇති කරන්න. ඒ අස්ථාවරත්වය ඇති කළාම තමයි ලංකාව පාගගෙන ඉන්න පුළුවන්. ලංකාව තමන්ට අවශ්‍ය විදියට නටවන්න පුළුවන්. ලංකාවෙ නායකයො තමුන්ට බය කරගෙන ඉන්න පුළුවන්. අන්න ඒ සඳහා තමයි බෙදුම්වාදය, අර ත්‍රස්තවාදයෙන් අපි අවසන් කරපු බෙදුම්වාදයට ආයිත් අවස්ථාව ලබාදෙන්න ඔවුන්ට අවශ්‍ය වුණේ. අන්න ඒ ක්‍රියාදාමය තමයි ජනවාරි අටවැනිදා ජයග්‍රහණය සමඟම ඔවුන් ආරම්භ කළේ. එදා පටන් 2018 ඔක්තෝබර් 26 වැනිදා වනතුරු ලංකාවේ පැවැති යහපාලන රජය ක්‍රියාත්මක කළේ එකම එක ක්‍රියාදාම ය. එකම එක අරමුණ තමයි ලංකාව අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ගය. අන්න ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වුණා රූකඩ නායකයෙක්. ඔවුන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න පුළුවන් නායකයෙක්. කවුද ඒ නායකයා. 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති වෙච්ච මෛත්‍රිපාල සිරිසේන මහත්තයා නෙමෙයි ඒ නායකයා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කියන්නෙ ඒ වෙලාවේ භාවිත කරපු මෙවලමක් පමණයි. කවුද ඒ නායකයා.

රනිල් වික්‍රමසිංහ මහත්මයා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි ඒගොල්ලන්ගෙ තුරුම්පුව. ඒ අවශ්‍ය සියලු දේ කරන්න. රටට ආදරය නොකරන ඕනෑම අවස්ථාවක රට පාර්සල් කරලා විකුණන්න කැමැති ‍ෙදාන් ජුවන් ධර්මපාලගේ පුනරුත්පත්තිය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමුන්ට අවශ්‍ය වෙච්ච වැඩපිළිවෙළ අවසන් කරන තුරු මේ රටේ බලයෙ තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයට ඉතිහාසයක් තියෙනවා. තුන්පාරක් ඊට කලින් අගමැති වෙලා තිබ්බා. කිසිම අවස්ථාවක අවුරුදු තුනක් බලයේ ඉඳලා නැහැ. සුළු කාලෙකින් ජනතා අප්‍රසාදයට ලක්වෙලා පාලනය කර ගන්න බැරුව පාලනයෙන් ඉවත් වෙනවා. ඒ නිසා මේ බලවේග, මේ අය පොඩි කට්ටිය නෙමෙයි. බොහෝම විදියට කල්පනා කරන්න පුළුවන් විශේෂඥයො ගණනාවක් එකට වැඩ කරන, කෝටි ගණන් මුදල් වියදම් කරලා හිතන කණ්ඩායමක්. ඔවුන්ට අවශ්‍ය වුණා ක්‍රමවේදයක් හොයාගන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා අඩුගාණෙ අවුරුදු පහක්වත් පුළුවන්නම් අවුරුදු දහයක්, පුළුවන් නම් මැරෙනතුරු මේ රටේ නායකයා වශයෙන්, සැබෑ නායකයා වශයෙන් තියා ගන්නට ක්‍රමවේදයක්. අන්න ඒ ක්‍රමවේදය තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය. අපි කිසිකෙනෙක් තේරුම් අරන් නැහැ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ අරමුණ වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ රටේ සම්පූර්ණ බලය ලබාදීලා ඔහුව දීර්ඝකාලයක් බලයේ තබා ගැනීම උදෙසා කියලා.

මොකක්ද 19 වැනි (21, 26) ව්‍යවස්ථාවෙන් කළේ? ඩලස් ඇමැතිතුමා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයාට නැවත ඉල්ලන්න බැරි කළා. එක තර්ජනයක් අයින් කළා. ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට ඉල්ලන්න බැහැ කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්තයාගේ තර්ජනය ඉවත් කළා. අවුරුදු 30න් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා තිබුණු එක අවුරුදු 35ට ගෙනිච්චා. නාමල් රාජපක්ෂ මහත්තයාට බැරි වෙලා හරි ඊළඟ ජනාධිපතිවරණයට එන්න බැරි කළා. ඒ විදියට මූලික තර්ජන ටික අයින් කර ගත්තා. ඊළඟට මෛත්‍රිපාල සිරිසේන මහත්මයාවත් දන්නෙ නැතුව මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ අවුරුදු හයේ කාල සීමාව අවුරුදු පහට අඩු කළා. එතුමවත් දැනන් හිටියෙ නැහැ ඒක. උසාවි ගිහින් තමයි ඒක හොයාගත්තෙ.

ඊළඟට ගෙනාවා පොඩි නීතියක්, හොර රහසේ කාටවත් තේරුණේ නැහැ. ජනාධිපතිවරයාට මොනවාහරි වෙලා මියගියොත් අගමැතිවරයා ජනාධිපති වෙනවා. ජනාධිපතිවරයා වුණාට පස්සෙ සම්පූර්ණ කාලයම ඔහුට ජනාධිපතිකමේ ඉන්න පුළුවන්. ඒකම තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ළඟදී තේරුම් අරගෙන බය වුණේ. ඊට අමතරව තව ලොකු කපටිකමක් කළා. ඒ කපටිකම තමා හාමුදුරුවනේ අද මේ ව්‍යවස්ථා අර්බුදයට මූලික හේතුව වෙලා තියෙන්නෙ. මොකක්ද ඔවුන් පසුගිය 1978 ව්‍යවස්ථාවෙ තිබුණු 70 (1) වගන්තිය අයින් කරලා අලුත් වගන්තියක් එතැනට රිංගෙව්වා. ඒකෙන් කිව්වා පාර්ලිමේන්තුව මොනම හේතුවක් නිසාවත් ජනාධිපතිවරයාට අවුරුදු හතරහමාරක් යනකම් විසුරුවන්න බැහැ කියලා. ඇයි ඒක එහෙම ගෙනාවෙ. ඉතිහාසෙ දිහා බැලුවහම රනිල් වික්‍රමසිංහ මහත්මයා දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු දෙකට වඩා, දෙකහමාරකට වඩා බලයෙ ඉඳලා නැහැ. මේ පාරත් ඒක වෙන්න පුළුවන්. ජනතාව එක්ක ඉන්න බැරි නිසා ඒක වෙන්න පුළුවන් නිසා අර සැලසුම් හදපු කට්ටිය අන්න එහෙම නීතියක් රිංගෙව්වා ව්‍යවස්ථාවට. අඩු ගාණෙ අවුරුදු හතරහමාරක් රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වශයෙන් තියාගෙන ඉන්න.

හැබැයි එක දෙයක් වැරදුණා. අපේ වාසනාවට අපේ හාමුදුරුවනේ එක දෙයක් වැරදුණා. ඒ වැරදිච්ච දේ තමයි, 2012 එක පාරක් රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වෙච්ච වෙලාවේ මේ විදියටම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න උත්සාහ කළා. ඒ ව්‍යවස්ථා සංශෝධනයෙනුත් මේ විදියටම පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියලා නීතියක් රිංගවන්න උත්සාහ කළා. ඒ වෙලාවෙ ලංකාවේ හිටපු අග්‍රවිනිශ්චයකාරවරයා, සම්පූර්ණ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයම වාඩි වෙලා ඒ නඩුව අහලා තීරණය කරගෙන කිව්වා මෙහෙම නීති ගේන්න බැහැ, මේක පරමාධිපත්‍යයට ජනතා පරමාධිපත්‍යයට විරුද්ධයි. පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියලා කිසි විටෙක නීතියක් ගෙනාවොත් ජනතාවගේ පරමාධිපත්‍ය අයින් කරනවා. ඒ නිසා කරන්න පුළුවන් වැඩිම දේ තමයි පාර්ලිමේන්තුවේ කාල සීමාවෙන් ඕන්නම් හරි අඩකට ඒ නීතිය දාගන්න, එහෙම නැත්නම් ඒක නොකරන එකම තමයි සදාචාරාත්මකව නිවැරදි ක්‍රමය කියලා තීන්දුවක් දීලා තිබුණා. අන්න ඒ තීන්දුව දීලා තිබූ නිසා මේගොල්ලන්ට තේරුණා අර හතරහමාරේ නීති කෑල්ල හැත්තෑවේ එකට රිංගවා ගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒ නිසා ඒගොල්ලො මොකද කළේ වෙනත් තැනකට ආයෙ ගිහිල්ලා කොන්දේසියක් එකතු කළා.

ඒගොල්ලොමයි කළේ. 19 වැනි ව්‍යවස්ථාවෙන් දැම්මා 33 (2) (අෑ) වගන්තියෙ දැම්මා ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියලා. හැබැයි කවුරුත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. හැමදාම මේගොල්ලො කතා කළේ පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරකට විසුරුවන්න බැරි 70 (1) වගන්තිය ගැන විතරයි. සෑහෙන කාලයක් අපේ කට්ටියවත් දැකලා තිබුණේ නැහැ මේ 33 (2) (අෑ) වල ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමේ බලය තියෙනවා කියලා. අන්න ඒ බලය පාවිච්චි කරලා තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පාර්ලිමේන්තුව විසිරෙව්වෙ. අන්න ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා උසාවියට ගිහින් දැන් අභියෝග කරලා තියෙන්නේ.

මෛත්‍රිට දැන් නයාට අඳුකොළ ගාණට රනිල්ව තිත්ත වෙලාය. මෛත්‍රි තීරණයක් ගත්තේ හොඳ වෙලාවට ය. මෛත්‍රි අත් දෙක බැඳගෙන දිගටම වෙන දේ බලාගෙන හිටිය නම්, අපට පුතේ රටක් නැතේ ය. එහෙනම්, 1590-1597 කාල වකවානුවේ කොළඹ සිට රජකම මෙහෙයැ වූ කෝට්ටේ ‍ෙදාන් ජුවන් ධර්මපාල නොහොත් ‘පෙරියපන්ඩාර’ නමැති කතෝලික ආගම වැලඳගත් සිංහල නායකයා කළ දේම වැඩි කලක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහද කරන්නේ ය.

‍ෙදාන් ජුවන්ට රජකම ගන්න උදවු කළේ පෘතුගීසීන් ය. 1543 දී ධර්මපාල කුමාරයාගේ පිළිරුවක් පෘතුගීසීන් විසින් ගෝවට ගෙන්වාගෙන අවුරුද්දක් වයසැති කුමාරයා බෞතීස්ම කළේ ය. එතැන් පටන් ධර්මපාල කුමරුවා හැදී වැඩුණේ පෘතුගීසීන්ට ඕනෑ විදියට ය. අන්තිමට ලංකාව ගැන කිසිම හැඟීමක් නැති පෘතුගීසි ගැති ‍ෙදාන් ජුවන් ධර්මපාල රටේ කොටසක් තෑගි ඔප්පුවකින් ප්‍රතිකාල් රාජ උරුමයට පැවැරුවේ ය. රජකම ගන්න උදවු කළ ප්‍රතිකාල් රජ පරපුරට ‍ෙදාන් ජුවන් ලංකාව පාවා දුන්නා සේ, අගමැතිකම අරන් ලංකාවේ බලය අල්ලන්න උදවු කළ බටහිර බලවේගවලට රනිල් ලංකාව පාවා නොදේවි කියා සිතන්නට කාරණා නැත.

3 Responses to “මහින්ද චොර වුණා ද?”

  1. Nihal Perera Says:

    MR has nothing to be ashamed of. He is his own man, and his decisions are based on his love for the country – unlike other political parasites in the country.

    Sinhalese are some of the most ungrateful and selfish people on the face of the earth. They have forgotten who ended a 30-year old war, which devastated the country. Before 2009, they lived in fear and uncertainty. Nobody knew when and where the next terrorist attack was going to be. The check points were all over the country. No one was free to travel, work, worship, in many parts of the country knowing they could get blown away by the terrorists bombs any moment.

    Thanks to MR, today Sri Lankans can travel, work, and live anywhere they like, and send their children to schools without having to worry, and fear of mayhem and chaos.

    So, those who condemn, ridicule, and sling mud at him, I suggest you take a moment to think back to pre 2009 era in Sri Lanka – 30 years of Tamil terrorism and their blood-thirsty Tamil terrorists who killed thousands of innocents, including their own Tamil brothers and sisters, young and old. It’s a shame how soon Sinhalese become so ignorant, obnoxious, and forgetful

    We all should be thankful, and consider ourselves lucky to have a patriotic and a dedicated leader like MR, who is willing to risk everything to save the country.

    This is exactly why he accepted the Prime Minister’s position to save the country from unpatriotic, colonial-worshiping, and cunning parasites like Ranil, who would have destroyed the country if he had stayed as PM for another one and half years.

    I am even thankful that Sirisena finally came to his senses, and kicked the traitor Ranil out…!

  2. Christie Says:

    Namaste: The 2015 Sri Lankan Presidential election: How it happened? What it means for Sri Lanka (Ceylon)? What it means for the Indian Empire (Indian Union & its colonies)?
    How it happened? Another Indian job. The former President called an early election. The Indian imperialists (Indian Union) were ready to correct its mistake in 2005 when it backed Mahinda Rajapaksa over Ranil Wickramasinge. Then, Indian imperialists advised Indian block vote in the island to abstain from voting. The reason for the preference was Indian imperialists thought it will be easier to negotiate with Mahinda an unknown matter for India. When profiling Mahinda they did not take in to account his brothers, in particular Gotabaya who was in the USA at that time. Unfortunately for India, Mahinda did not follow Indian directions as former Sri Lankan leaders did since 1956. In 2010 India enrolled General Sarath Fonseka as a presidential candidate against Mahinda and failed. So behind the scene as Indian imperialist always do they were planning for years and had got former governor Chandrika Bandaranayake-Kumaranatunge to do the job and succeeded with doing a repeat of what India did with her father Solomon West Ridgeway Dias Bandaranayake in 1951. India did not have to wait for four years this time. India managed to divide the non-Indian vote and got the Indian block vote for Maithripala Sirisena the new Indian governor of Sri Lanka who may be the proxy for the real governor Chandrika.
    What it means for Sri Lanka? Nothing much. It will be the same as what the island nation had from 1956 to 2005 and before from 1792 to 1948. The Indian minority will run the country with the privileges they enjoyed since their arrival under the cover of the British fire power and their own nonviolent aggression and oppression. They will claim they are the victims of Majority Sinhala Chauvinists; the same claim that they make in other colonies from Fiji to Guyana. For example; finance and justice; most important ingredients in the world and heads of these two institutions in the island now are from the victimized minority and one of them has been brought from another colony.
    What it means for the Indian Empire? It means a lot to the Indian Empire. The former partner of the British-Indian Empire from Fiji to Guyana; that is all former tropical colonies of the British-Indian Empire. India lost its control over the island nation since 2005 as the new government of the island nation managed to wipe out the Indian terrorist arm; trained, armed, financed, managed and branded Tamil Tigers by India. Since the election of the new governor Indian cars and food have become cheaper with reduced tax on Indian products. Indian Imperialists have already indicated massive investments and projects in all sectors of the economy. This will not be a hard act as the island nation’s economy has been in their hands for more than two centuries and the business language in the country is an Indian language spoken by more than 75 million of them in India. The wealthiest in the island are Indian though their wealth is not stored in the island but most of it in India. Reclaiming the control over the island nation will supplement its control over the Indian Ocean and Indian Ocean countries. With its unchallenged military power; with ICBMs, Aircraft Carriers, Nuke Subs, Nuke (Peace) bombs and purchase of hundred billion dollars’ worth of military hardware the island nation provides the best step with Mauritius a third State of India to lay a drag line across the Indian Ocean.
    Jai Hind. Contact: xyceliao@gmail.com

  3. ranjit Says:

    Nalaka godahdewa is a true patriot who always stood for the rights of the people and the country he loves. What he say in this article is true. Mahinda Rajapaksa did the right thing at that moment by accepting the premiership to avoid been broken our motherland in to pieces and save our motherland from the UNP/TNA/JVP western and Indian backed coup plotters. His popularity or his strength has not weakened a bit. He is a strong personality with so much love for his homeland. I don’t think anyone there near to him to challenge his wisdom and his vision for the country. There maybe more and more coup plots, difficult situations in the future but Mahinda Rajapaksa our great president will come victorious in every challenge he faces. Let’s keep our hope in him and work hard to chase and destroy all the enemies of our motherland. Sinhala Buddhist land should be our goal with a sincere leadership. We should stand together as one nation to defeat all the conspiracies and the conspirators to save our blessed land SRI Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress